(කේ බුද්ධික කුමාරසිරි )
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය තුළදී බැන තර්ජනය කිරීමේ සිද්ධිය සම්න්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වරදකරු කරමින් හෝමාගම මහේස්ත්‍රාත් උදේස් රණතුංග මහතා අද (24) තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
තවද අද (24) උන් වහන්සේගේ ඇගිලි සටහන් ලබා ගැනීමටත් ජුනි 14 වැනි දා හඳුනා ගැනීම සහ දඬුවම් නියම කිරීමටත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ඉකුත් 2016 වසරේ ජනවාරි 25 වැනි දා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට දණ්ඩ නීති සංග්‍රහයේ අංක 386 සාපාරාධී අඩත්තේට්ටම් කිරීම සහ අංක 486 යටතේ සාපරාධී බිය ගැන්වීම යන චෝදනා යටතේ ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව හෝමාගම පොලිසිය මගින් පනවා තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත් වරයා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ චීවර ධාරියාට බුදුබණ අමතක වෙනවා නිතරම
චීවර ධාරියන්ට බුදුබණ අමතක වෙනවා නිතරම
මේ චීවර දාරියාට බුදුබණ අමතක වෙනවා නිතරම..............
මෙම ජයග්‍රහණය ගැන සතුටු විය හැක්කේ අන් අයට පීඩා කරන්න වුන් නැතිවු දිනකය
චීවරයක් හැඳගත් පමණින්ම, කෙනෙක් තුළට සීලය ඉබේම පැමිණෙන්නේ නැහැ.
තර්ජනය කරේ නැහැ. සද්දෙන් ධර්මය දේශනා කරලා බන කිව්වා.
බලමු මේ වතාවේ වත් දඩුවම් දෙයිද කියල.
කොට්ටෝරුව හැම ගහටම කොට කොට යනවා. කෙහෙල් ගහට කොටපු දාට හොට පැටලෙනවා.
ඔය ප්‍රදීප් එක්නෙලිගොඩ කියන මහත්තය හරිම අහිංසක එක්කෙනෙක් . නේද ?
අම්මයි දුවයි හරි තන් තෝසෙන් යනවා වගේ. අනේ මෙහෙමත් සිංහලයෝ මට නම් නුඹලා ගැන අනුකම්පාවක් නැත.
අනේ බමුණුආරච්චි මහතාණෙනි ඔබගේ මවට හෝ දුවට මෙවැනි දෙයක් සිදුවුවහොත් ඔබට තේරේවි ඒ අයට දැනෙන වේදනාව. කරුණාකර අපහාස කරන්න එපා. සිංහල, දෙමල, මුස්ලිම්, කියා වෙනසක් නැහැ. අසාධාරණයට එරෙහිව නැගී සිටීම ගැන, ඔය අම්මට හා දුවට මගේ ප්‍රණාමය. යුක්තිය ජයගත්බව පේනවා!
ලොකු කණගාටුවක් ඇතිවුනා.
අපේ හාමුදුරුවනේ ජාතිය බේරා ගන්න කරන ඕනෑම දෙකට සිංහල බෞද්ධ අපි ඔබ සමගයි.