එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහමැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නැංවුවහොත් රාජ්‍ය සේවකයන් ලක්ෂපතියන් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (31) ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
සන්ධාන මැතිවරණ ප්‍රතිපත්ති අනුව රාජ්‍ය සේවක වැටුප 112%කින් ඉහළ නැංවෙන බවත් පෞද්ගලික අංශයේ සේවකයන්ට රුපියල් 3000ක වැටුප් වර්ධකයක් හිමිවන බවත් ගුණවර්ධන මහතා කීවේය.
එම මාධ්‍ය හමුවට එක්වූ හිටපු ඇමැති ඩිලාන් පෙරේරා මහතා කීවේ සැලසුම් සහගතව සන්ධානයේ සමගිය කඩාකප්පල් කිරීමට උත්සාහ දරන පිරිසක් සන්ධාන මැතිවරණ රැලිවලදී අපේක්ෂකයන්ට හූ කියන බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයෝ,ඔයාගේ අංක ගණිතයෙන් මේ වීජ ගණිත ගැටළු විසඳන්න බැහැ. රු.2500කින් එක පවුලකට ජීවත්වෙන්න පුළුවන් කියපු එකේ මිහිපිට ස්වර්ග රාජ්‍යය මැවීම කජ්ජක්ද? ජනතාව හූ කියන්න පටන් ගත්තේ කාටවුණත් තොප්පිය හරියනවා නම් ඒක කවුරු දාගත්තත් අපිට කමක් නැහැ. (නි)
බලය තිබුන කාලේ 2500 කවපු කටිටිය ආපහු බලය අරගෙන රාජ්‍ය සේවකයන් ලක්ෂපතියන් කරන්න හදනවා?? (නි)
මේ අදහස් දාන අයගේ අදහස් දැක්කහම පුදුම කණගාටුවක් ඇතිවෙනවා (නි)
මේවා විහිළු. බලය තිබියදී විපක්ෂයේ කට්ටිය රජයේ සේවකයින්ට වැටුප රුපියල් 10000/- කින් වැඩි කරනවා කිව්වහම හිනාවුණා. එහෙම වුණාට රජයේ සේවකයෝ බොහොම කැමැත්තෙන් ඡන්දෙ දීලා එම කට්ටිය දිනෙව්වා. දැන් මේ ගොල්ලන්ටත් මතක්වෙලා ඊට වැඩිය දෙන්න. ඕවාට රජයේ සේවකයෝ අල්ලන්න බැහැ. රජයේ සේවකයෝ දන්නවා ඕක තමයි උපරිමය කියලා. දේශපාලකයින්ට වඩා රටේ ආර්ථිකය ගැන දන්නේ රජයේ සේවකයින් බව අමතක කරන්න එපා. (නි)
අපරාදෙනේ වියදම් කරන්නේ, 2500කින් හැමදේම කරන්න පුලුවන්කම තියෙද්දී (නි)
තාමත් වෛමාට ලැජ්ජාවක් නැති හැටි ? මුළු රටම හිනාවෙද්දී තවමත් පරණ පරුදු විදිහටම විහිලු සපයනවා මෙයා. අනේ යන එන තැන් නැති උනාම මිනිසුන්ට මේ වගේ පහලට වැටෙන්න පුළුවන් කියල අපිට දැනෙන්නේ මේවගේ වෙලාවට තමා. එ්ත් ඉතින් මෙයාලට අගෝස්තු 17න් පස්සේ බඩුම තමා. අපිට නම් පව් කියලා හිතෙනවා (නදී)
පසුගිය මිල සුත්‍රය අනුව රුපියල් 2500 ක් හතර දෙනෙක් සිටින පවුලකට මාසෙකට මදිලු නේද ? (නදී)
ඩිලාන්, කවදද පක්ෂේ ඇතුලේ සමාදානයක් තිබුනේ ? අන්න එ්ක කියන්න (නදී)
අනේ ඔයාලගේ සමගිය! (නි)
අපි ඉතින් මේවට මොනවා කරන්නද? (නි)
දැන් කතා ඇති මහත්තයෝ (නි)
අපෝ එපා. අපිට වියදමට 2500ක් තිබුනා නම් හොඳටම ඇති (නි)
අනේ අපිට නම් නිකං කන්න බැහැ තමුන්නැහෙලාට වගේ. ඕක ජනවාරි 8 වෙනිදට කලින් කරානම් තමුන්නේ තාමත් බලයේ ඉන්නේ. අපිට නම් ඔය වගේ ඡන්ද ගුණ්ඩු කාලා හොදට පුරුදුයි. මේ තියෙන පඩිය අපිට දැන් හොඳටම ඇති. ඒ වගේම තමුන්නෑලැගේ හොර පුස් මුහුණු දැකලා දැකලා අපිට දැන් හොදටම එපා වෙලා තියෙන්නේ. (නදී)
මේකත් රුපියල් 1250 කින් ජීවත් වෙන්න පුළුවන් වගේ සීන් එකක්. මේ ගොල්ලෝ අවරුදු 9 මොකද කලේ එහෙනම් (නදී)
රුපියල් 2500 න් මාසයක් කන්න පුළුවන් කිවුව ඔබතුමාමද මේ පඩි වැඩිකරන්න හදන්නේ? (නි)
දැන් ඕවා කිව්වට බැරිවෙලාවත් දිනුවොත් කියන්නේ 2500 මාසයක් ජීවත්වෙන්න පුලුවන් කියලනේ (නි)
දැන් ඔහොම කිවුවට වැරදිලා හරි ඔයාලා දිනුවොත් ඔය පඩි වැඩි කිරීමට මුලින්ම විරුද්ධ වෙන්නේත් ඔයාලම තමයි. (නි)