එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ මැතිවරණ ප්‍රචාරක කටයුතු “රටට පණ දෙමු අලුතෙන්ම පටන් ගමු” යන තේමාව යටතේ සිදු කරන බව එම පක්ෂයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා කොළඹ දී අද (16) පෙරවරුවේ ප්‍රකාශ කළේය.
මහ මැතිවරණයේ දි එක්සත් ජනතා නිදහස් සන්ධානයට හවුල්කාර පක්ෂ හා සංවිධාන 20 ක් සහය දක්වන බව ද ඔහු පැවසීය. ලංකා නිදහස් පක්ෂය,මහජන එක්සත් පෙරමුණ , ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාත්‍රන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ , පිවිතුරු හෙළ උරුමය,ඊළාම් ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුණ , ශ්‍රි ලංකා මහජන පක්ෂය , සමාජවාදී ජනතා පෙරමුණ, එක්සත් ලංකා පොදුජන පක්ෂය, අපේ ශ්‍රි ලංකා නිදහස් පෙරමුණ , මුස්ලිම් උලමා පක්ෂය, නව සිහළ උරුමය , ප්‍රජාතන්ත්‍රවාදි ජාතික පෙරමුණ යන පක්ෂ සන්ධානයට සහය දක්වතියි ඔහු කීවේය.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයත් සමග පක්ෂයේ ඇතිවූ මතවාදී ගැටුම නිරාකරණය කරගැනීම පිළිබඳ සාකච්ඡා කිරීමට ජනපති විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග බදාදා සාකච්ඡාවක් පැවැත්වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
එහි ප්‍රතිඵලයක් ලෙස සන්ධාන නියෝජිතයන් අද ජනපති හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබූ බවත් ඔහු කීවේය.
ජනපතිවරයා දැඩි පීඩනයකට හා අන්තර්ජාතික බලපෑමට ලක්වී සිටින බව පැවසූ අලහප්පෙරුම මහතා පක්ෂ අභ්‍යන්තරයේ ඇති ගැටළු සුහදව විසඳාගන්නා බවත් සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුවේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා පිවිතුරු හෙළ උරුමයේ ලේකම් ගම්මන්පිල මහතාට භුගෝල පාඩමක් කියා දෙයි. ඉන්දියාව හා ලංකාව අතර පුරාණයේ පැවති තත්වය ඔහු ගම්මන්පිලට පැහැදිලි කළේය.
සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඉන්දියාව හා ශ්‍රී ලංකාව කොලයක සටහන් කරමින් ගම්මන්පිල මහතාට පැහැදිලි කළ අයුරු









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ගුරුකම්, ඉනා, වශී, බිලිපූජා වැනි මිථ්‍යා විශ්වාස සැබෑ බෞද්ධයෝ පිලිකෙව් කරති. සැබෑ බෞද්ධයෝ විශ්වාස කරන්නේ කර්මයයි. හොඳ දේ කළොත් හොඳක් සිදුවන බවත් නරක දේ කළොත් නරකම සිදුවන බවත් සැබෑ බෞද්ධයන්ගේ විශ්වාසයයි. නමුත් මිනී මරමින්, මහජන දේපොල සොරකම් කරමින්, මිණිපිරියන්ගේ වයසේ සිටින දැරියන් දූෂනය කරමින්, පන්සලකට ගියද කට ඇරිය ගමන් පට්ට පල් බේගල්ම කියමින් ඒවායින් සිදුවන නරක ආදීනව වෙනස් කර ගැනීම සඳහා ගුරුකම්, ඉනා, වශී, බිලිපූජා වැනි මිථ්‍යා විශ්වාස පසුපස පිස්සන් පිස්සියන් මෙන් දිවයති.".....අන්තර්ජාලයෙන් (ස)
වගකීමෙන් කියන්නේ.මිනීමරු ප්‍රභාකරන් අවරුදු 35 කදී කරන්න බැරි වුන විනාසයක් වගේ සිය දහස් ගුණයක විනාසයක් රාජපක්ෂලා අවරුදු 5-7 තුලදී රටට කරලා තිබෙනවා.හොදට හිතල බලන්න. (ස)
පරණ ඔලු ගෙඩි ටිකමනේ අලුත් මුණූ මාකට් කරන්න (ම)
මේ වගේ නඩයක් එක්ක රටකට පණ තමයි දෙන්න පුළුවන්. පණ දීම කෙසේ වෙතත් බොටුව මිරිකලා ඉතිරි පණ ඩිංගත් යවන එක නම් මේ උන්නැහේලා අපුරුවට කරලා දෙයි. (ස)
ටිකිරි බණ්ඩා ඔබ සමග 200% ක් එකඟයි. අපට ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය වගේම රාජපක්ෂ ත්‍රස්තවාදයත් එපාමයි. කොටින්ගෙන් බේරාගත් රට එපරිද්දෙන්ම සුකරයන්ගේනුත් බේරාගත යුතුයි. (ස)
හවුල්කාර පක්ෂ 20 ක් කීවට මේවයින් ඡන්ද 1000 ක් ගන්න පුලුවන් පක්ෂ 01 ක් වත් නෑනේ.. අනේ මන්දා.. (ම)
පිවිතුරු යහපාල එහෙනං ඉතින් ඔයාට ව්‍යවස්ථාව වෙනස් කරන්න වේවි.. මොකද 19 නිසා 2 වරක් ජනාධිපති උන කෙනෙකුට අගමැති විදියට පත් කරන්න බැ.(ස)
සමහර පක්ෂ වලට ජනතව ඉන්නවද ?(ස)
පිවිතුරු යමපාල මහත්තයෝ කුරුණෑගල අපි මෙදා පාර මහින්ද ලොක්කව ඇපත් නැතුව ගෙදර යවනවා බලන්නකෝ (ස)
නැවතුන තැන ඉඳල නැවත හොරා කන්නද හදන්නේ? ප්‍රජාත්ත්‍රවාදය කියන්නේ නරින්ට කුකුල්ලු බාර දෙන එක නෙවෙයි. (ස)
අපි කවදත් මහින්ද සමඟයි (නි)
සන්ධානය මුල සිට තංගලු යයි - ඉතින් දෙයියන්ගේ නාමෙට තංගලු ගිහින් එතනිනුත් එහා මැදමුකලානටම යන එකයි ඇත්තේ. කුරුනෑගල එන්නේ මොන ඇන්නෑවකටද? කුරුනෑගල ඉන්නේ කොන්ඩේ බැඳපු චීන්නු කියලා හිතුවද? (ස)
ලැජ්ජා නැද්ද ජනාධිපති වෙලා ඉඳලා අගමැති වෙන්න. බල ලෝභියා. (ස)
රොහාන්, අපිට මහින්ද හිටියහම ඇති (නි)
ලෝකයේ කොහේ හිටියත්,කොතැනක හිටියත් රාජපක්ෂලාගේ ගසා කෑමට ලක් වෙනවා.මම එහෙම කියන්නේ අන්ත අසරණ කමට මැදපෙරදිග එන අසරණයන්ගෙන් පවා රක්ෂණයක් කියල රුපියල් 11800ක් ගසා කෑවා.යුද්දය කාලේදී පවා තිබුනේ රුපියල් 3200 ක් පමණයි.පසු ගිය මස කිහිපය තුලදී ,දැන් මෛත්‍රී යුගයෙන් රුපියල් 11800 යක මුදල රුපියල් 5200 ක් දක්වා අඩු කරලා. (ස)
"ඊළාම් ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුණ"... කවුද මේ එතකොට? (නි)
සන්ධානයට අපේ සුබ පැතුම් ජය වේවා ජය සහතිකයි. (ස)
අනේ පව් මේ අය නිකන් දුවන්නේ හති වැටුනම තේරෙයි.(හේ)
ඔයාල රන්ඩු වෙන අතරේ රට බෙදේවි.ඌරගේ මාළු ඌරගේ ඇගේ තියලා කපනවා වගෙයි.(හේ)
සමහර පක්ෂ මැරිලා , අනිත් ඒවා ඉපදිලා නෑ.(හේ)
පරාජය ලගයි.(හේ)
රටේ යුද්දේ යන වෙලාවේ මහින්ද දෙවියෝ.දැන් මහින්ද එපා.මේවට කියන්නේ ඕන විටදී කබරගොයත් තලගොයාලු.එපාවිටදී තලගොයාත් කබරගොයාලු.(හේ)
මුල සිට නැගිටියිද කියා බලමුකෝ 17 වැනිදාට.(හේ)
මේ සේරම හොරකම් කරන තැන්වල හිටපු අය වගෙයි.අදහස් ලියන්නේ කියන්නකෝ බලන්න ඔයාලට කොටසක් ලැබුනේ නැතිද? (ස)
ත්‍රිවිල් එකක් සියල්ල සඳහා ප්‍රමාණවත් වේ. නියත වශයෙන්ම අගමැති විය හැක.(හේ)
කොඩිකාර මහතාගේ අදහස අනුමත කරමි. අවුරුදු විස්සක් රට පාලනය කළේ සන්ධානය නේද ? ඒ අවුරුදු 20 දී මොනවද කළේ වැඩක් කළා නම් තමයි. රුපියල් සියෙන් කරන්න ඕන වැඩේ 25න් කරලා 75ක් සාක්කුවේ දාගත්තේ රාජපක්ෂ කල්ලිය. මහින්දව ගේන්න හදන්නේ තනියම ඇවිත් ඡන්ද 1000ක් ගන්න බැරි විරවංශ, වාසු සහ දිනේෂ්ලා ඒ අයට යන එන මං නැහැ මහින්ද නැත්නම්. මහින්දව මේ තරම් බලු කළේ විමල්, වාසු, දිනේෂ් තුං කල්ලිය තමයි. (ස)
ආ මේ ඊළාම් කට්ටියකුත් ඉන්නේ...! (නි)
ශ්‍රීලංකා නිදහස් පක්ෂය හැරුණුවිට ඉතිරි පක්ෂ ගැන නම් කතාකරන්නවත් අපි කැමති නැහැ (නි)
ලංකාව ජය ගත යුතු මහා විෂ බීජ ටික තමා මේ.මහින්ද මේ ආසියවෙවත් යලි නොඉපදෙවා. (ස)
පිවිතුරු යහපාල හීනෙන්ද කියවන්නේ? (නි)
බලයේ ඉන්න කාලේ කරපුවා අමතකවෙලා වගෙයි (නි)
පිවිතුරු යහපාල හෙවත් බන්දුල පෙරේරා මහත්තයෝ, ලැජ්ජාවක් නැද්ද? (නි)
මෛත්‍රී ජනාධිපතිතුමා හදවතින්ම කරපු කතාවක් නොවේ කියල මට හිතෙන්නේ මොකද අන්තර්ජාතික බලවේග එජාප බලවේග නිසා ඔහුට කරකියා ගත නොහැකි තත්වයක් ඇති වෙලා ඇති කියලා හිතෙනවා. (අ)
අනේද කියන්නේ පිවිතුරු මහත්තයෝ? අපිට මතකයි ඔයාගේ පුරසාරම් දෙඩවිල්ල පසුගිය කාලෙත් (නි)
මුල ඉඳලම පටන්ගන්න එක තමයි හොඳ (නි)
අවුරුදූ ගානක් රටට කරපු දේවල් දකිද්දී අලුතින් පටන්ගන්නේ කොහොමද? (නි)
කවුරු මොනවා කිවුවත් දැන් ජනතාව බොරු පිළිගන්නේ නැහැ (නි)
මේ ඔක්කොටම පිස්සු.(හේ)
ජනතාව මේවට රැවටෙන්නේ නැහැ (නි)
සන්ධානයට ජයවේවා! (නි)
ගිය පාරත් කිව්වෙම ලක්ෂ 80 පනිනවා කියලනේ! (නි)
වැඩක් වෙන්නේ නෑ.(හේ)
තමන්ට තමුන් ගැන තක්සේරුවක් නැති මෝඩ මිනිසුන් ටිකක් (හේ).
මහින්ද ප්‍රමුඛ පිරිස රට පාලනය කළේ නැත්නම් රට මහා අගාධයකට යනවා ස්ථිරයි. (නි)
ඊළාම් පක්ෂයත් මේගොල්ලො එක්කනේ! (නි)
රටට අලුතෙන් පණදෙන්න දැන් රටේ පණට මොකුත් වෙලා තිබෙනවද? ජනවාරි 8 තමයි රටට නව පණක් ලැබුනේ. ඔයාලා දිගටම බලයේ හිටියා නම් තමයි රටේ පණ කෙන්ද කම්මුතු වෙන්නේ. (නි)
රටට පණ දීමේ මහා ව්‍යාපෘතියට අර කිව්වත් වගේ ත්‍රී වීල් පක්ෂ රැසක් උරදී තිබෙනවා නේද? (ස)
ඡන්ද 10 ක් නැති පක්ෂනේ එකතුවෙලා තියෙන්නේ. (ස)
පිවිතුරු යහපාල - සර්වබලධාරී ජනාධිපති උතුමාණන් නිකම්ම මහින්ද බවට පත් කල බහුතර ජනතාවට අගමැති සිහිනය සිහිනයක්ම කරන එකත් එතරම් කාරියක් නොවේ. (ස)
නියත වශයෙන්ම මහින්ද අගමැති වෙන එක කිසිම ජගතෙකුටවත් නවත්තන්න බැහැ. (ස)
ඉතාම තියුණු තරඟයකින් පරාජය කළ මහින්ද සමඟ එකම වේදිකාවකට නැඟීමට මෛත්‍රී මහතාට හැකිවේයැයි සිතූ සමහරුන්ගේ දේශපාලන දැනුමට වඩා රටේ ජනතාව බුද්ධිමත් වනු ඇත. ඡන්ද ප්‍රතිඵල ලැබෙනතෙක් ඔය උඩඟු මානයේ රැඳීමට ලැබේවා! (නි)
අගමැතිකම කෙසේවෙතත් විපක්ෂ නායකකමවත් ලැබුනොත් මදැයි. හැබැයි මේ සමහරු එකතුවෙලා, ශ්‍රී ලංකා එක නැති කරනවා, ආයෙත් සෑහෙන කාලෙකට ගොඩ එන්න බැරිවෙන්න (නි)
පිවිතුරු යහපාල ඉන්නේ ලංකාවේද? (නි)
ශ්‍රී ලංකා එකේ පක්ෂය ගොඩගන්න කවුරුවත්ම හිටියේ නැහැ. මෛත්‍රී මහතා ජනාධිපති වෙනකොට මහින්ද මහත්තයා ගෙදර ගියා. ඒ යද්දි පක්ෂය භාරදෙන්න කෙනෙක් පක්ෂය ඇතුළේ හිටියේ නැහැ. එහෙම කෙනෙක් මහින්ද මහත්තයා හැදුවෙත් නැහැ. හැදෙන්න ඉඩ දුන්නෙත් නැහැ. ඒකෙන් වුණේ පැත්තක සිටි අය මහින්දට මුවාවෙලා ශ්‍රී ලංකා තමන්ට ඕනෑ විදියට නටවපු එක. අද තියෙන තත්වයට වගකියන්න ඕනෑ කවුද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.අද ශ්‍රී ලංකා එකේ දෙවන පෙළක් නැහැ. ඉන්නේ වයසක කට්ටටිය විතරයි. දැන්වත් පක්ෂයට ආදරේ නම් ශ්‍රී ලංකා එකේ අය එකතුවෙලා කෙළින් ඉන්න පුඵවන් ශ්‍රී ලංකා එකක් හදන්න. (නි)
ජනතාවනි, රට කාපු අයට රට බාරදෙන්න එපා. හොරු නැතුව ආවා නම් අපි සළකා බලනවා. දුකයි ශ්‍රී ලංකා එකේ හොඳ මහත්වරු ගැන. ඔවුනුත් දේශපාලනයේ අතරමං වෙනවා (නි)
මොනවා කලත් හරි යන්නේ නැහැ මොකද බහුතරය ඉන්නේ දුෂන චෝදනා තියන අය ඹබලා බලයට අවාම පරණ පාරෙම තමයි යන්නේ 2004_2010 අපි ඹබලාට චන්දය දුන්නේ නමුත් ඉදිරි පරංපාරාව ගැණ හිතුවාම හිතට ඵකගව දෙන්න බැහැ (ස)
ඒ කියන්නේ 2010 ඉදන් රටට පන නැතුව තිබිල තියෙන්නේ. අලුතෙන් පටන් ගන්නේ පරණ සෙල්ලමද ? පවුල් වාදය, ජාති වාදය හොරකම මැරකම දුෂණය බිෂණය ... (ස)
චන්ද්‍රිකා එක්ක දහයයි මහින් ද එක්ක දහයයි.දැන් ආයේ අලුතෙන් කරන්න හදනවා.20ක් බැරි උන අයට මොන පටන් ඇම්මක්ද. ජනාතාව උත්තර දෙවි ඕවට (ස)
නියමයි. නව සිහළ උරුමය සිටින නිසා අනිවාර්යයෙන් ම මහින්ද අගමැති වෙන්න පුළුවන්. ලංකාවේ වැඩිම ජනපදනමක් ඇති පක්ෂෙත් මහින්ද එක්කනේ. (ස)
මහින්ද වටා ජනතාව ඉන්න එක ආණ්ඩුවට හිසරදයක් වෙලා......... (ස)
වත්ත බද්දට දීල ඇස්සට දත නියවනවා කියන්නේ මේවට තමය් පින ඉවරයි. දැන් ඉතින් අනුන්ගේ පානෙන් එලිය බලන්න මහන්සි වෙනවා. තව අවරුදු දෙකක් යස අගේට කන්න තියෙද්දී. තමනුත් නොකා අපටත් කන්න නොදීපු පව ඇති අපාගත වෙන්න. (ස)
අල්ලස දුසනය එතනෝල් , කුඩු,කැසිනෝ රජ කරවන යුගයකට යමු? (ස)
හරි ලස්සන මුහුණු ටික. බලය ලැබුනොත්...? (නි)
මේ මුණු ටික දැක්කම වේලිච්ච වට්ටක්ක මතක්වෙනවා. (අ)
" වියරු බල තන්හාවට නැවත පණ දෙමු. වංචාව දුෂණය අලුතින්ම පටන් ගනිමු." ඇඳුම් ඇඳගෙන ජනතාව වටකරගෙන නැවතත් රටට පණ දෙන්න යන අයට වඩා ගමේ ගොවිතැනක් කරගෙන ජීවත්වෙන අය කොතරම් වටිනවද? කොපමණ ආත්ම ගෞරවයක් ඔවුන්ට තිබෙනවද?(හේ)
මහින්ද එන එක විශ්වාසයි.(හේ)
දැන් ඔය මොන ප්ලෑන් එක ගැහුවත් වැඩක් වෙන්නේ නෑ.(හේ)
පිවිතුරු යහපාල, දවල් හීන දකිනවද? (නි)
රටට පණ දෙන්න යන්නේ මෙයාලද? (නි)
හොඳට මුහුණු ටික බලාගන්න. (නි)
නවත්වපු තැනින් ආයෙත් පටන්ගනිමු නේද හැමදේම? (නි)
අපි නම් ලංකාව පෙර තිබූ තත්ත්වයට යනවා දකින්න කැමති නැහැ. එනිසා මහින්ද පරාජය කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා.ඒ රට වෙනුවෙන්,රටේ අසරණ අනාගත දරු පරම්පරාව වෙනුවෙන්. (නි)
ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද මම අහන්නේ,ඇයි නැවත ඔහු බලයට ගෙනෙන්න දඟලන්නේ.ලැජ්ජයි. (නි)
ඔව්.අගෝස්තු 17 දාට පසුව ඔයාලාට අලුතෙන්ම පටන් ගන්න වෙයි.සන්ධානය හා ශ්‍රීලනිපයේ සිටින පිළිල අගෝස්තු 17දා ගෙදර යැවූ පසු සන්ධානයත් ශ්‍රීලනිපයත් නැවත වැදගත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස ප්‍රතිසංවිධානය කර ගැනීමට අපි බලාසිටිමු. (නි)
හොරුන්ගෙන් අසරණ ජනතාව බේරාගැනීමට ජනතාව දැනුවත් කරන්න.පින් සිද්ධ වෙනවා. (නි)
රටට පණ දෙන්න මෙයාලට පුදුම නොයිවසිල්ලක්නේ තියෙන්නේ. 2005 ඉඳලා මොනවාද ඔයාලා රටට කළේ? (නි)
ජයවේවා! (නි)
ඊළාම් ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුණ, මුස්ලිම් උලමා පක්ෂය වගේ පක්ෂ එක්ක එකතු වෙන්න මහින්ද රාජපක්ෂ වැනි පරම පවිත්‍ර සිංහල බෞද්ධ නායකයෙක්ට පුලුවන්ද? නැත්නම් මේක ප්‍රින්ටින් මිස්ටේක් එකක්ද? (ස)
මෙතන ඉන්න නඩේ නැතුව අලුත් මුහුණු ටිකක් එක්ක ආවා නම් සන්ධානයට යම්කිසි බලාපොරොත්තුවක් තියාගන්න තිබුනා. බලන්නකෝ ජවිපෙ ජාතික ලැයිස්තුව දිහා. ඒ වගේ අලුත් කණ්ඩායමක් ආවා නම් අලුතෙන්ම පටන් ගන්න තිබුනා. දැන් නම් සොරිම තමයි.(ස)
ආය රැවටීමට නොහැකිය ...(ස)
හයවෙනි ෆොටෝ එකේ ඉන්න කෙනා රුපියල් සීය ගානේ ඉල්ලන්න ආවොත් ඉලපොතෙන් ගහනවා. (ස)
මුලින්ම පක්ෂයේ සබාපතිට පන දෙන්න ඕන.(ස)
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති උනේ ඊළාම් ඡන්ද වලින් කියලනේ ඔයාලා කිව්වේ. දැන් ඊළාම් ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුණ, මුස්ලිම් උලමා පක්ෂය වගේ පක්ෂ එක්ක එකතු වෙලා ඊළාම් ඡන්ද වලින් මහින්ද රාජපක්ෂ අගමැති කරන්නද ඔයාලා හදන්නේ? (ස)
ලයනල් ඒවා ගැන එතරම් හිතන්න එපා.දේශප්‍රේමය උතුරා ගලාගෙන යනකොට එහම දේවල් වෙනවා. (ස)
ඔය අයට පන නැත. අපි පන දෙන්නෙත් නැත . (අ)
වගකීමෙන් කියන්නේ.මහින්ද ආවොත් කුඩු වලින්,දුෂණයෙන් නම් රටට අඩුවක් වෙන එකක් නැහැ. (ස)
මේ පාර මහින්ද අගමැති වෙන එක කිසිම ජගතෙකුටවත් නවත්තන්න බැහැ. (ම)
තිලක්-ඩුබායි ගේ ඉල්ලීම මමත් කරනවා - හොරුන්ගෙන් අසරණ ජනතාව බේරාගැනීමට ජනතාව දැනුවත් කරන්න.පින් සිද්ධ වෙනවා. ඉදිරි මැතිවරණයේදී කිසිම, උගතෙකුට, බුද්ධිමතෙකුට, ජනමාධ්‍යයකට අපක්ෂපාත විය නොහැකි අතර ඔවුන් ජනතාවට පක්ෂපාත විය යුතුයි.ජනතාවට පක්ෂපාත වීම යනු දුෂිත දේශපාළුවන් පිරිසකගෙන් ගැලවිය යුත්තේ ඇයි දැයි ජනතාව දැනුවත් කිරීමයි. (ස)
මහින්දලා උදේ නැගිටපු වෙලේ ඉදල රෑ නින්දට යනකම් කල්පනා කලේ රටේ දනස්කන්දය විකුනම් කන්නයි,රටේ වටිනා කියන මර්මස්ඨාන සියල්ලම තමන් සතු කර ගන්නයි,දමිල මිනිසුන්ගේ ඉඩම් ටික අයිති කරගෙන හෝටල් ගහන්නයි,රටේ තිබෙන නිදන් ටික සුද්ද කරන්නයි,රටට කුඩු ගෙන්වල කොමිස් ගහන්නයි ,ලෝකයේ දරුණුම ගනයේ ත්‍රස්තවාදීන්ට අවි විකුණලා ලෝකයේ කෝටි ප්‍රකෝටි පතියන් අත්තරත් ඉදිරියෙන්ම ඉන්නයි විතරයි .එහෙව් කෙනෙක් බලයට ගෙන්න දගලන සමාජවාදී කියන අය ගැන හරිම දුකයි. (ස)
එළුවෙක් වගේ රැවුලක් වවා ගත්ත පමණින් "සමාජවාදියෙක්" වෙන්නේ නැහැ. (ස)