(අංජුල මහීක වීරරත්න)
ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණු පුළුල් සන්ධානය හැකි ඉක්මණින් පිහිටුවිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර පූර්ණ එකඟතාවය පළ වී ඇත.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ඇතිව තිබෙන එකගතාවය අනුව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ව්‍යවස්ථාවේ ඇති කළ යුතු සංශෝධන සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෝ අද(08) සාකච්ඡා කළහ.
ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සාකච්ඡා කළ අතර පක්ෂ නායක, අමාත්‍ය කබීර් හෂීම් මහතා වෙත බාරදුන් පක්ෂයේ සංශෝධන එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂ වෙත ලබාදීමට පියවර ගෙන තිබුණි.
ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් පුළුල් සංධානයක් පිහිටුවිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ඇතිව තිබෙන එකගතාවය අනුව ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථාව ඉදිරි දින දෙක තුළ සංශෝධනය කර අවසන් කරන බව ප්රජාතන්ත්රවාදී ජනතා පක්ෂයේ නායක, අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේය.
ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ අගෝස්තු මාසයේදී පිහිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර ප්‍රකාශ කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ රටට සේවය කරන්න මේ උත්තමයින් මොන තරම් මහන්සි වෙනවද?
මොන සංවිධාන හැදුවත් අන්තිමට අබ සරණයි මේ පාර. නැද්ද හා.
එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර පූර්ණ එකඟතාවය රටටත් ජනත්වටත් මෙන්ම ඉදිරි ජනාධිපතිවරණය අලුත්ම අලුත් මුහුණුවරකින් ඉදිරිපත්වන අපේක්ෂකයා හෝ අපේක්ෂිකාව ලංකාවේ මෙතෙක් ජනාධිපතිවරයකු ලැබූ ඉහලම ජයග්‍රහනයකින් ජය ගැනීමේ පළමු පියවර නොවේද
සජිත් ප්‍රේමදාස වැනි නායකත්වයක් අප රාජාංගනය ජනතාව හැටියට බලාපොරොත්තු වී සිටියා.. සිටිනවා.. ඔබගේ ගමන්මග වෙනස් කළ නොහැක. අන් වෙන කිසි කෙනෙක්ට ඔබ ඔබගේ පියාණන් රණසිංහ ප්‍රේමදාස ජනපතිතුමාණන් ගත් තුනෙන් දෙකේ බලය ඉක්මවා යාමට ඔබට හැකිවේවා... ඔබයි අපගේ නායකත්වය.. ඔබට ජය නියතයි බුදු සරණයි.
සජිත් අගමැති, රනිල් ජනාධිපති... ජයවේවා!!!
රටත්, ගමත් හදන්න නම් සජිත්ට බාරදෙන්න... අපේ පැතුම එයයි.