මෙවර මහ මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පරාජයේ වගකීම බස්නාහිර හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා බාර ගත යුතු යැයි ගම්පහ නියෝජ්‍ය නගරාධිපති අජිත් බස්නායක මහතා කියයි.
පක්ෂය තුළ මහින්ද පාර්ශ්වය හා මෛත්‍රී පාර්ශ්වය ලෙස බෙදීමක් ඇති කළ බවත්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සහාය දැක්වූ පිරිසට ඡන්දය නොදෙන්නැයි ප්‍රචාරයක් ගෙන ගිය බවත්, එනිසා අපේක්ෂකයක් පිරිසක් පරාජයට පත් වූ බවත් නියෝජ්‍ය නගරාධිපතිවරයා පවසයි.
එවැනි හය දෙනකු ජාතික ලැයිස්තුවෙන් ඇතුළට ගැනීමේ ගැටළුවක් නැතැයි ද ඔහු සඳහන් කරයි.
ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු ලෙස වසර විස්සකටත් වැඩි කාලයක් සිටි පණ්ඩු බණ්ඩාරනායක මහතා පරාජයට පත්වීමේ වගකීම ද මහ ඇමැති සහ ගම්පහ නගරාධිපති එරංග සේනානායක බාර ගත යුතු යැයි ඔහු කියයි.
එරංග සේනානායක මහතා එජාපයෙන් සන්ධානයට ගෙන ඔහු ජයග්‍රහණය කරා මෙහෙයෙව්වේ පණ්ඩු බණ්ඩාරනායක මහතා බවත්, ඒ වෙනුවෙන් බණ්ඩුරනායක මහතාට දුන් තෑග්ග ඔහුට තිබූ ඡන්ද කැලණිය ප්‍රාදේශීය සභාපතිට හැරවීම බවත් බස්නායක මහතා පවසයි.
කැලණිය ප්‍රාදේශීය සභාපති ප්‍රසන්න රණවීරට ගම්පහ ආසනයේ ඡන්දය නොතිබුණු බව ද, බස්නාහිර මහ ඇමැතිගේ කීමට කැලණිය සභාපතිට ඡන්දය දෙන්නැයි ගම්පහ ආසනයේ ජනතාවට කීවේ ගම්පහ නගරාධිපති බව ද, පණ්ඩු බණ්ඩාරනායක පැරදුණු පසු ගම්පහ ආසන සංවිධායක කම ගැනීමට සමහරුන් බලා සිටි බන ද ඔහු ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට මහින්ද මාර්ගයෙන් ඔහු වටේ හිටපු හා ඔහුව අනාථ කරපු පිරිස නැවත පාර්ලිමේන්තුවට රිංගුවා. (ම)
ගම්පහ ඉන්නේ මොන වගේ ජනතාවක් ද කියල ඉතිහාසය දන්නා අය දන්නවා ....අර පබාවත් පාර්ලිමේන්තු යවපු ඥානවන්ත පිරිසක්නේ ඉන්නේ, මේ පාරත් වැඩිම මනාප ගත්තේ කවුද කියල ආයෙත් එක පැහැදිලි කළා (ම)
ඕවා ඔහොම තමයි, ඕව ඔහොම තමයි හිතට දුකයි තමයි, හැබැයි ඕව ඔහොම තමයි (නදී)
ගම්පහ නියෝජ්‍ය නගරාධිපති අජිත් බස්නායක මහතාගේ පැටිකිරිය දන්නෙ නැති අයට දැන ගැනීම පිණිස මොහු ගම්පහට පැමිණෙන්නේ මෙවර නාම යෝජනා නොලැබුණු කැළණියේ මැරයාගේ කර මතින්ය නමින් ඔහු මර්වින් සිල්වා ජනවාරි 1 වැනිදා බස්නයාක තවත් නාගරික මන්ත්‍රීන් සමග චන්ද්‍රිකා හමු වී ප්‍රථමයෙන්ම සන්ධානය පරාජය කිරීම සදහා සහය වුනේද මොහු අජිත් බස්නායක, වංචනික සල්ලි වලින් මැතිවරණයට වියදම් කර මොහු ගම්පහ භීෂණයක් ඇති කළා. (බ)
දැන් මොකටද ඔය කතා? (නි)
අසමගියේ ප්‍රතිඵල! (නි)
වෙච්ච දේවල් වලට කවුරුවත් පළි නැහැ (නි)
අනේ මගේ කට? (නි)
ඒ කළ වැඩ වලින් බාගයක්වත් ඔයා කරලා තියෙනවද අජිත් මහත්තයා? නිකන් රට්ටු හිනස්සන්නෙ නැතුව ඉන්න (නි)
පසුගිය මැතිවරණ ප්‍රතිඵල අනුව බලනවිට තිලක් - ඩුබායිගේ ප්‍රකාශය ඉතා නිවැරදිය. (නි)
ඡන්දෙ දෙන්නේ මිනිස්සු නෙමෙයිද? ඉතිරි ඇඟිලි 04 ඔබ දෙසට එල්ලව ඇත. (නි)
ප්‍රසන්න රණතුංග කොන්ද පණ තිබෙන, මිනිස්සු ආදරය කරන කෙනෙක් (නි)
ප්‍රසන්න ගත් මනාපත් එක්ක මේක හිතේ දුකට කියන කතාවක් බව හිතෙනවා. (නි)
අනේ මොකටද මගේ කට! (නි)
පරාජයට හේතුව සන්ධානයට ඡන්දය දුන් සියල්ල දන්නවා. (නි)
මොනවද මේ බොළඳ කතා? (නි)
සමස්තයක් වශයෙන් රටේ මුළු ජනතාවගෙන් 75% ක් නිවැරදිව ඡන්දෙ පාවිච්චි කළත් අනෙක් 25% ඡන්දෙ පාව්ච්චි කරලා පත්කරගත් අය දිහා බැලුවම හිතට කණගාටුයි. (නි)
තමන්ගේ වැරදි වලට අනුන් මොනවා කරන්නද? (නි)
මෙහෙම අයටත් වැඩිම මනාප ගහලා උඩ යවන්න තරම් මිනි්සසු මේ රටේ ඉන්නවනේ? (නි)
දැන් ඔය කතා ඇති නේද? (නි)
එක එක්කෙනාට ඇඟිල්ල දික්කළා කියලා දැන් වැඩක් නැහැනේ (නි)
ප්‍රසන්නද දැන් වැරදි එතකොට? (නි)
ඔය ප්‍රසන්න මහතා ගැන මමත් කලින් හිතාගෙන හිටියේ වැරදියට (නි)
බාරගත්තා කියලා මොනවා කරන්නද? (නි)
විලිලැජ්ජා නැති හැටි... පැරදුන අය ආයෙත් ඇතුළට අරගෙන. ඕක යහපාලනය නෙමෙයි. ඕවට පිළිතුරු පස්සේ ලැබේවි මිනිසුන්ගෙන් (නි)
දිලූ , ඔබ හරියට හරි. (නි)
ඇයි මෙතරම් වියදම් කරගෙන ගහමරාගෙන ඡන්දෙ ඉල්ලන්නේ? ජනතාවට සේවය කරන්නද? නැත්නම් තමන්ට සේවය කරගන්නද? නරකද ඔය ඡන්දෙට වියදම් කරන සල්ලි දුප්පත් මිනිසුන්ට බෙදලා දුන්නා නම්. (නි)
බලමුකෝ පසුවට වෙන දේ... (නි)
ඔය කතා නවත්වලා රටට වැඩක් වෙන දෙයක් කරනචාද? (නි)
සමහරු හිතාගෙන ඉන්නේ ජනතාව කියන්නේ එයාලා කියන කෙනාට ඡන්දෙ දෙන මෝඩයෝ කියලා. ඇයි මිනිසුන්ට මොළයක් නැද්ද හිතලා වැඩක් කරන්න. හිතාගෙන ඇති එයාලා කියන දේ තමයි ජනතාව කරන්නේ කියලා. ජනතාව දීලා තියෙන්නේ ජනතාවගේ මනාප. තම තමන් කළ ඒවා තමයි පළදීලා තියෙන්නේ. ඒකට කාටවත් ඇඟිල්ල දික්කරලා වැඩක් නැහැ. (නි)
100%ක් නිවැරදියි ඔබගේ කතාව. (නි)
ශ්‍රී ලංකා එකේ පරාජය වගේම පැරදුනු අය ජාතික ලැයිස්තුවෙන් පත්කිරීම මේ අය කියන තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි. අනික තමයි ජනතාවගේ ඡන්දයට දෙන වටිනාකම බාල්දුවීම. ප්‍රජාතන්ත්‍රවාදය රෙද්ද පල්ලෙන් බේරෙන ක්‍රමයක් මේක (නි)
දැන් ඉතින් එක එක්කෙනා පිට වරද පටවලා වැඩක් නැහැනේ (නි)
අජිත් බස්නායක මහතාණෙනි, ඔබ කෙසේද මෙහෙම කතාකරන්නේ? (නි)
ප්‍රසන්න කලේ මහින්ද මහත්තය විකුනල මනාප එකතු කිරිම විතරයි. පක්ෂයට ඡන්ද හදල නෑ පක්ෂයට ඡන්ද හැදුවා නම් මිනුවන්ගොඩ වැඩි ඡන්ද ගනනකින් දිනන්න එපායැ. (නදී)
මාගේ නිගමනයත් පරාජයේ වගකීමට 25% ක පමණ දායකත්වයක් මෙතුමා දරනු ලැබූ බවයි. අපි බලමුකෝ... (නි)
සමහරු පරාජය වුණේ ජනතාවට කිසිම සේවයක් කළේ නැති නිසයි (නි)
දැන් මොනවටද ඔය කතා? (නි)
දැන් ඕවා බාරගත්තා කියලා මොනවා කරන්නද? (නි)
නටන්න බැරිවුණාම පොළොව ඇදලු. කොහොම වුණත් ප්‍රසන්න කියන්නේ කොන්දක් ඇති මිනිසෙක් (නි)
ගම්පහ වතුර ඉල්ලපු අහිංසක මිනිසුන්ට අසාධාරණ වෙද්දී කවුද කතාකරපු අය..?? (නි)
සම්පූර්ණ ඇත්ත. පසුගිය දවස් වල දඟලනකොට අපිට හිතුනා ඔහොම වෙයි කියලා. (නි)
අනෙක් අයට ඇඟිල්ල දික්කිරීමට තරම් පහත් තත්වයට පත්වෙන්න එපා (නි)
මොන අහවල් සේවයක් කළා කියන්නද එක අතකට? (නි)
මමත් එකඟයි මෙම ප්‍රකාශයට. (නි)
නටන්න බැරිවුණාම පොළොව ඇදලු. කොහොම වුණත් ප්‍රසන්න කියන්නේ කොන්දක් ඇති මිනිසෙක් (නි)
සන්ධානය පරාජයේ වගකීම ප්‍රසන්න බාර ගත යුතුයි. එ් කියන්නේ ප්‍රසන්න ගම්පහ ඉදන් කියන දේට ඡන්දෙ දෙන්නේ ත්‍රිකුනාමලේ මිනිස්සු. මැටි කමෙත් සීමාවක් තිබෙන්න ඕනේ (නදී)
සන්දානේ පරාජය විතරක් නොවේ ශ්‍රී ලංකා එක දෙකට කැඩීමත් බාර ගන්න ඕනේ. (නදී)
දිලූ , ඔබ 100% නිවැරදියි. ඒත් ඡන්ද පොළවල් වල හිටපු අයගෙන් ලැබුන ආරංචි හැටියට ලොක්කෝ තමයි තීරණය කරන්නේ කව්ද හලන්නේ, කව්ද ගන්නේ කියලා. (නදී)
රන්ජිත් , "ප්‍රසන්න රණතුංග කොන්ද පණ තිබෙන, මිනිස්සු ආදරය කරන කෙනෙක්". ඒ කතාවට මමත් එකඟයි. අපි දැක්කනේ වීඩියෝවක් (නදී)
ගම්පහ ජනතාව නියම වගකීම දුන්නා (නදී)
ලංකාවේ දුප්පත් මිනිස්සු නැහැ. ඉන්නේ සුපිරි පොහොසත්තු සහ ඒ පොහොසත්තුන්ට සිය කැමැත්තෙන්ම වහල් සේවය කරන වහල්ලු ටිකක් විතරයි. තමන්ගේ පන්තිය තේරුම් ගන්න පුලුවන්නම්, ජවිපෙට ඡන්දය නොදී ඉදීවිද. (නදී)
අනේ මෙහෙමත් බුරු කතා (නදී)
ඔහේගේ කව්රු හරි නේද ගම්පහ ගෙදරක නිදන් හාරලා චාටර් උනේ ? (නදී)
බස්නායක මහත්තයෝ ඔයා සපෝර්ට් කරපු රුවන් රණතුංගයි, කෝකිලායි දෙන්නම අන්ත පරාදයි නේද මහත්තයෝ. එරංග සපෝර්ට් කරපු ප්‍රසන්නයි, ප්‍රසන්න රණවීරයි දෙන්නම 1,2 පණ්ඩුට ගත්ත ඡන්ද ටික හරි ලැබුනේ එරංග හින්දා. (නදී)