දකුණත් උතුරු මැදත්, වයඹත් කියන දිස්ත්‍රික් ගණනාවම නිරතුරුවම එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරන බව අද (22) පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන ලේකම් අනුර යාපා මහතා පැවසුවේය.
උතුර හා නැගෙනහිර පළාත්හි අපගේ වගකිව යුත්තන් ගණනාවක් පත් කරමින් 117 කට වැඩි මන්ත්‍රිවරුන් පිරිසක් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට පුළුවන් වෙතියි දැඩි විශ්වාසයක් ඇති බව ද කියා සිටියේය.
පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගන්නා කෙනෙක් පක්ෂය හෝ කණ්ඩායම නම් කරන කෙනෙක් අග්‍රාමාත්‍ය ධුරයට පත්විය යුතු බවත් බහුතරයේ ඒකමතික තීන්දුව වන්නේ මහින්ද රාජපක්ෂ අගමැති විය යුතු බව යාපා මහතා පැවසුවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිස්ත්‍රික්ක 17-20 ක් මහින්දට සන්ධානයට ජය වේවා! (ර)
මේද පාර පරාජය සන්ධානයේ නළලේ කොට ඇත. ගිය පාරත් කිවේ ඔය ටිකම තමයි. (ර)
හීන දකිනවා එළි නොවන හීන (ම)
පැණි මුට්ටිය වටේ ඉන්න ඇබලයෝ දවල් හිනදකිනවා ,(ම)
හීන දැකීමේ අයිතියට කාටවත් තහනමක් නැත (ම)
අද පෝස්ටර්, කටවුට් නැත : පක්ෂයේ කොඩියි, ජාතික කොඩියි වනාගෙන ණයට ඉල්ලාගත් ලංගම බස්වල බෙරිහන්දීගෙන යන බේබද්දොත් නැත ; ජාතිමාමක, දේශමාමක ගීත වෑහෙන යකඩ කටවල් බැඳගෙන මුළු පරිසරයම දූෂණය කරගෙන මාර්ග නීතිද නොතකා දුවන ත්‍රිරෝද රථ හා වාහනද නැත; පෙර ගමන් පසු ගමන් රථ පේලි ද නැත; හතු පිපුනා වැනි පක්ෂ කාර්යාල, මග අවහිරවන තොරණ ද නැත; බුද්ධි ඉහතින් සඳහන් කර තිබෙන ආකාරයේ අවභාවිතයනුත් නැත ; දේශපාලුවන් දෙන දන්සැල් ද නැත; ඡන්දදායකයින් රවටා ගැනීමට, පොළඹවා ගැනීමට උපයෝගී කරගත් මේ උප්පරවැට්ටි මෙදා දකින්නට නැත; මේ අනුව ඡන්දදායකයා රවටාගන්නට නොහැකිය. රටට යමක් කිරීමට යාමේදී කකුලෙන් අදිමින් මාස දෙකක් කල් මැරූ හැටි ජනතාවට මතකය. අවුරුදු 10ක් තිස්සේ බැරිවුන දේවල් ඡන්දෙ දිනලා ඉටුකරයි කියා විශ්වාසයක් ඔබට තිබේ ද ? (අ)
ඒකාන්තයෙන්ම කුරුණෑගලත් පරදිනවා. වැඩිය ඕනේ නැහැ සාකච්ඡාවට ඉන්න අයගේ මූණවල් දිහා බලන්න. වරකා ගෙඩියට හෙණ ගහලා වගේ (බ)
හීනෙන් බය වෙලාද මහින්දට. (ර)
හීන නොදකින කල ඉදිරියක් නැත. (ර)
මේක ඇත්තටම ආයේ කවමදාවත් හැබෑ නොවෙන සුන්දර සිහිනයක්. සිහිනයෙහි රැඳී සිටින්න. සිහිනයෙහි සුන්දරබව විඳින්න. සිහිනයෙන් අවදිවෙන්න එපා. (ර)
'අලුතෙන්ම පටන් ගැනීම' කළ යුත්තේ ජන්දයට පසුව තම සංවිධානය පිළිබඳවයි. (ම)
බස් වල ණය ගැන කතා කරන්න කලින් 89 බස් 1600 ගණනක් ගිනි තියපු එක ගැන කතාකරමුද. (අ)
අලුතෙන් පටන් ගත්තත් ගහන්නේ පරණ පදයම තමයි (අ)
අලුතින් පටන්ගත්තට ගහන්නේ පරණ පදයම තමයි. ගිය පාරත් කිව්වේ ඔහොම තමයි (අ)
හූ කියල තමයි කියන්ඩ වෙන්නේ. (බ)
මගේ සිහිනය මට දකින්න ඉඩහරින්න. (ර)
මට ෂුවර් ජනතා විමුක්ති පෙරමුණට ආසන 20 යි. සන්දානයට 64. දෙමල ජාතික පෙරමුණට 12 , ගිනිසිළුව 2. අනිත්වා 1 අලියට ජාතික ලැයිස්තුවත් සමගින් වැඩි බලයක් ලැබෙනවා. (ර)
මුස්තාෆා සහ අමරවීර මහතුන් ගැන මට අනුකම්පා හිතෙනවා. අනිත් අයගේ මුණු ටික දක්කිද්දී අතීතය මතක් වෙනවා. (ර)
පසුගිය ජනවාරි 8 ජන්දයේදී සන්ධානය අවභාවිතා කල - රාජ්‍ය සම්පත්, රුපවාහිනී, ගුවන් විදුලිය, පොලිස්, සමෘද්ධි නියාමකවරු - මෙම මැතිවරණය තුළ නැති නිසා, ලක්ෂ 58 ජන්ද විශාල ලෙස අඩුවන බව නිසැකය. (අ)
මට නම් ෂුවර් මහින්ද මහතා ජය ගන්නවා.ඒකේ වෙනසක් නෑ. (හේ)
මහින්ද දිනනවා ....!!!! (නි)
ගාල්ලේ සුමනදාස කෙන්දරකාරයා තවමත් මහින්ද පාක්ෂිකයන්ට අනාවැකි කියනවා වගෙයි.(අ)
අපටත් 100% සහතකයි ජය ගන්නවා මහින්ද (ම)
අපේ කාලෙ නම් රටට කරපු වැඩ කරලා අවසාන වෙලයි කතාකළේ. (නි)
ගියපාර ණයට ගත්තු ලංගම ණය ටික ගෙවලාම කතාකරමුද?. (ම)
ශ්‍රී ලංකාවට සහ ජනතාවට හිතවත් අවංක වැදගත් උගත් රජයක් බිහිවේවා.! (ර)
මේ ඊයේ පෙරේද දේශපාලනයෙන් ඉවත් වෙනවා කියපු රෙජිනෝල්ඩ් කුරේ මහත්මයත් ඉන්නේ යස අගේට වාඩි වෙලා.... (ර)
117 ජනවාරි 08 ඡන්ද පදනම මත කියන ගණනක්. (ර)
සන්ධානයට ලැබෙන්නේ ආසන 55-60 අතර ගණනක්. දවල් හීන දකිනවා වගෙයි. (ර)
ඡන්දෙ ගණන් කරලා ඉවර වෙනකන් ඉන්න බැරිද අනාවැකි කියා කියා ඉන්නේ. අපි එදාට බලමු මොකද වෙන්නේ කියල. (අ)
ඇත්තද?(හේ)
අපටත් දැඩි විශ්වාසයක් තියෙනවා අගෝස්තු 18 වෙනිදාට සිදුවෙන දේ ගැන. (ර)