එළැඹෙන මැතිවරණරයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩි ආසන සංඛ්‍යාවක් ලබාගන්නා බවට සමීක්ෂණ වාර්තාවලින් සනාථ වී ඇතැයිද එම වාර්තා රාජ්‍ය මාධ්‍යවල විකාශය නොකරන්නැයිද අගමැති රනිල් වික්රමසිංහ මහතා මාධ්‍ය ආයතන සභාපතිවරුන්ගෙන් ඉල්ලා ඇතැයි හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
හිටපු අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ අද(30) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
‘මේ සාකච්ඡාවේදී එක්තරා මාධ්‍ය ආයතනයක සභාපතිවරයකු එසේ කරන්නට බැරි බවත්, සෑම පාර්ශවයකටම අවස්ථාව දිය යුතු බවත් ප‍්‍රකාශ කරලා තියෙනවා. එම සභාපතිවරයා ඒ සාකච්ඡා අතරමැදදි නැගිටලා ගිහිල්ලා තියෙනවා. ඔහු කොන්ද පණ තියෙන සභාපතිවරයෙක් නම් ඉල්ලා අස්වෙයි‘
එම සභාපතිවරයාට කොන්ද පණ ඇතිව වැඩ කිරීමටත් නැවත නැවත යහපාලන ආණ්ඩුවෙන් බලපෑම් පැමිණියහොත් තනතුරෙන් ඉල්ලා අස්වීමටත් ශක්තිය ලැබෙනු ඇතැයි තමා ප‍්‍රාර්ථනා කරන බවත් ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් පැවැසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම බණ්ඩාරවෙල ඡන්ද දායකයෙක්. මෙදා පාර ඔයාටයි, නිමල්ටයි ඡන්ද නැත. (නදී)
ඒ කාලේ සමීක්ෂණ වාර්තා වගේ කියල හිතුවද? මේවා අහන මෝඩයෝ ඉන්නවා. හැබැයි ටිකයි.(නදී)
අනේ ටිකිරි මොලේ! අන්න ඒ මනුස්සයා කියලා අස් උනේ දේශපාලනය කරන්න කියලා. ඔය කතාවෙන් දවසක් ජීවත් වෙන්න ලැබුණා කොහොම හරි. හෙටට තව එකක් හොයාගනිමු.(නදී)
මගේ පෞද්ගලික සමීක්ෂණය අනුව ප්‍රතිඵල මෙසේයි. එක්සත් ජාතික පෙරමුණ - 105, එක්සත් ජනතා නිදහස් සන්ධානය - 94, ද්‍රවිඩ ජාතික සන්ධානය - 15, ජනතා විමුක්ති පෙරමුණ - 7 සහ අනිකුත් 4. ප්‍රතිඵලය වැරදුනොත් කිසිදු වෙඩි තබා ගැනීමක් හෝ ගිනි තබා ගැනීමක් සිදු නොකරමි. (නදී)
ඔය සමීක්ෂණ අනුව ගිය පාරත් මහික්ද ඡන්ද ලක්ෂ 72 ක් ගන්නවා කිවා නේද ? (නදී)
අනේ මේ මිනිස්සුන්ට ලැජ්ජාවක් කියල ගෑවිලාවත් නැති හැටි. මේ මිනිස්සු අපහාස කරන්නේ රටේ ජනතාවගේ බුද්ධියට. මේ ලනු කන මිනිස්සු දැන් නැහැ. මිනිස්සුන්ට තව තව එපා වෙන එක තමයි වෙන්නේ. (නදී)
මහින්ද පැරදුනේ උතුරෙන් බව කවුරුත් දන්නවා. මෙවරත් සන්දානය තමා තනි පක්ෂයක් ලෙස වැඩි අසන ගණනක් ගන්නේ.(නදී)
කාගේ කාගේත් කශේරුකා නැවෙනවා යම් පමණකට (බ)
එක්තරා සභාපති කෙනෙකුගේ අස්වීම සන්ධානයේ වාසියට ගන්න හදන ඩිලාන්ගේ උත්සාහයක්ද? කොහොම වුනත් අද හවස එයාගේ ප්‍රකාශයෙන් පස්සේ එ්ක දැනගන්න ලැබේවි. සන්ධානයේ පරාජය ගැන සමීක්ෂණ තියන්න තරම් දේකුත් නැහැනේ. කාටත් තේරෙන දෙයක්නේ. (බ)
ඇයි ඩලස්ගේ ගණන් හැදීම. මාර ගණිතයක්. මේ සැරෙත් මම දැක්කා මොනවද පිස්සුවෙන් වගේ කියනවා. (නදී)
ඔබතුමාගේ දකුණු අත පැත්තේ තියන මෛක්‍රෆෝනය අයත් ආයතනය ගැනද කියන්නේ (බ)
සමීක්ෂණ වාර්තාවලින් පසුගිය වරත් මහින්ද දිනන බව කිවූවා. (බ)
මෙහෙමත් දහවල් හීන! (ම)
ඩිලාන්ගේ මේ ප්‍රකාශය බොරුවක් බව එම සභාපති වරයාම පවසා තිබෙනවා. මැතිවරණයේ ප්‍රතිපල ලංකාවේ මිනිස්සු දන්නවා. සමික්සන අවශ්‍ය නැහැ හොරුන්ට තැනක් ලැබෙන්නේ නැහැ. අලුත් ආණ්ඩුව පත් වුනාම අපි අවදියෙන් සිටිය යුතුයි. පුංචි වරදක් සිදුවූ විටදීම අපි ඊට එරෙහි විය යුතුයි (නදී)
කලගුණ දන්නා මිනිස්සු තවමත් ඉන්නවා (ම) \
ඇයි සමීක්ෂණ විතරද ගියපාර සුමනදාසත් කිව්වේ ලැජ්ජාවක් ගෑවිලාවත් නැහැ මේ මිනිස්සුන්ට (ම)
නිකම් බොරු කිය කියා රටේ මිනිසුන් මුලා කරන්න එපා. මොනවා කරන්නද මෝඩ කමට බෙහෙත් නැහැ නේ !(නදී)
අනේ හේමලතා කල අගුණ දන්නා මිනිස්සුත් ඉන්නවා කියල හිතේ තියා ගනින්(නදී)
මෙතුමා කොහොමත් බොරු කියන්න හරි දක්ෂයි. ජනාදිපති ඡන්දෙත් ඔය විදිහටම කිව්වා. (නදී)
සන්දානායේ රාජය පෙනි පෙනී මේ අය මේ මොනවද කියන්නේ (නදී)
සන්ධානය පරදින බව කියන්න නම් සමීක්ෂණ අවශ්‍ය කරන්නේ නැහැ . අපේ රටේ ඉන්න බත් කන යන්තම් හරි සාමන්‍ය දැනීමක් තියෙන ඕනෑම කෙනෙකුට ඒක තේරෙනවා . මේ ගොල්ලෝ ජනවාරි 8 ට කලින් කිව්ව දේවල්වල වීඩියෝ ආපහු දාල බැලුවොත් එයාලටම තේරෙයි තමන්ගේ සමීක්ෂණවල තරම (නදී)
මෙවර මහා මැතිවරණයෙන් සන්ධානය වැඩිපුර ආසන දිනන බව ඉතාම පැහැදිලිව පේනවා. (නදී)
අර විදේශ සේවා කාර්යාල ප්‍රස්නේ කොහොමද දැන්? (නදී)
මේවා දැකලා අපි රැවටෙන්නේ නැහැ (නදී)
ඩිලාන් පෙරේරා ගරු මන්ත්‍රී තුමා පුළුවන් නම් ඔබේ ආසනය වන හාලි ඇල ආසනය වත් දිනවගන්නකෝ ආණ්ඩු කරන්න කලින් (නදී)
සමීක්ෂණ ඕනේ නැහැ. වෙන්නේ මොකක්ද කියන එකට ඉඟියක් තමයි සෝමරත්න ඉල්ලා අස්වීම.(නදී)
බදුල්ල ප්‍රතිපලය මට කිව හැකියි. සන්දානට 1, ජනතා විමුක්ති පෙරමුණට 1 ඉතිරිවා අලියට. නිමල් මනාපෙන් පරාදයි. (නදී)
සුමනදාස වෙන්න අැති සමීක්ෂණ වාර්තා හදන්නේ. අනේ ඩිලාන් දුකයි ඔයා ගැනත් ජාතික ලැයිස්තුවෙනුත් ඔයාට එන්න වෙන්නේ නැහැ.(නදී)
සන්ධානයේ දිනනවා කියන්නේ ජනවාරි 8 පස්සේ තව කුඩ්ඩෝ ලක්ෂ 5ක් වැඩිවෙලා වෙන්න ඕනේ. දන්න විදියට පේන විදියට ගංජා විකුණන උන් කුඩු කාරයෝ බුුරුතු පිටින් අහුවෙන්න පටන් අරන් තියෙන්නේ. එ්ක හින්දා දැන්වත් දවල් හීන දකින එක නතර කරන්න. ලක්ෂ 58 කෑලිත් නැහැ දැන්. සන්ධානය මේ සැරේ ඉතිහාසගත පරාජයක් ලබනවා. ආයිත් ගොඩ ඒමක් නැහැ. (නදී)
දැන් මෙයාට මොකක්ද වෙලා තියෙන්නේ.(හේ)
අනෙක් අය ඉල්ලා අස් වෙනකම් බලන් ඉන්නවා..... ඔබතුමන්ලාට කොන්ද පණ තියෙනවද කරපු වැරදි අහු උනොත්, ජනතාව හමුවේ ප්‍රතික්ෂේප උනොත් ඉල්ලා අස් වෙන්න....?(නදී)
පළමුව තමන්ගේ ආසනය දිනා පෙන්වන්න.(නදී)
දෙරණ, සිංහ වගේ ඒවා කාගේද කියල දන්නවා අපි.(නදී)
බැසිල්ගේ ගේමක් වගේ නේද ? බොරදියේ මාලු බෑමක් වගේ බලු බැල්මට (නදී)
හීන සැබෑ වෙනවා කලබල වෙන්න එපා අගෝස්තු 17 මහින්දගේ ජය නියතයි (නදී)
ඹබලා පසුගිය අවුරුදු 10ක් රට කරපු හැටි අපි දන්නවා. පුලුවන් තරම් බදු හා දඩ මහජනතාව කර උඩ තියලා කට්ටිය සුරසැප විදපුවා දන්න ජානතාවට ජන්දය දෙන්න තරම් මොලේ අමාරුවක් නැහැ (නදී)
ජනතාවට ලැබෙන අන්තිම වරම ඩයස්පෝරා හවුලෙන් අපේ රට බේරාගෙන අපේ රණ විරුවන්ව රැක ගැනීම (නදී)
මෙයා ඡන්ද සමීක්ෂණ ගැන කතාකරනවා. හාලිඇල සමීක්ෂණය ගැන මොකද කියන්නේ. මේ පාරත් 3 වෙනි වරට මෙයා පරදිනවා. (නදී)