වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ට වසර 30ක් යුද්ධ කර ලබාගැනීමට නොහැකි වූ ඊළම ආර්.සම්බන්දන් මහතා ප‍්‍රධාන දෙමළ ජාතික සන්ධානය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයකින් ලබාගැනීමට හදන බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය ගෙන යන ප‍්‍රචාර විහිළුවක් යැයි බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී හා එක්සත් ජාතික පෙරමුණේ කළුතර දිස්ත‍්‍රික් අපේක්‍ෂක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද (10) මාධ්‍ය හමුවක් අමතමින් පැවුසවේය.
ඊළාම් සිතියම සහිත පුවත්පත් දැන්වීම් පළ කරන එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනතාව අතර නැවතත් බෙදුම්වාදී අදහස් ඇති කරමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.
දේශපාලන වාසි තකා උතුරේත් ජාතිවාදය පතුරුවමින් සම්බන්දන් මහතා කරන දේම මහින්ද රාජපක්‍ෂ මහතා දකුණේ කරමින් සිටිනවා යැයි කී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා රට බෙදෙන්නේ එවැනි දේවලින් යැයි ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිශාන්ත වර්ණසිංහ මහත්තයෝ නමේ තියන ශ්‍රී ,සිංහ, කියන කොටස් ඉවත් කරගන්න මොකද ඕකටත් කට්ටිය කියන්න පටන් ගනීවි නමත් ජාති වාදී කියල (බ)
නිශාන්ත වර්ණසිංහ මහත්තයෝ එතකොට එදා අපි මනිරාසකුලම් ගියේ ,මනිරාසකුලම් කඳවුරට සෙත් පතන්නද? මාර්ග අවහිරය පැන ඉදිරියට යද්දී මග හරස්කර සිටි හමුදා කර්නල් වරයා ඔබලාගේ නායකත්වය යටතේ අපි පැවසු දවල් අමතකද? එදා අපිට කොටි එහෙදි පහර දුන්න නම් මෙහෙ සිදු වන්නේ කුමක්ද? (බ)
රනිල් දිනුවොත් කිසිම ජාති වදයක් ඇවිස්සෙන්නේ නෑ මොකද එයාලට වෙනම පාලනයක් දෙනවා. රනිල් දිනවමු..(බ)
කොහොමත් එජාපය අවොත් එකේ තම වෙන්නේ.දැන් වෙන දේවල් වලින් තේරෙනවා.(ම)
මොකද සන්ධානය දැන් දන්නවා එයාලට දිනන්න බැහැ කියලා (නි)
ත්‍රස්තවාදය නිමානොවී තිබුණා නම් අද මේ කතා කිසිවක් කියන්න කවුරුත් නැහැ (නි)
ඒක ගැන ඡන්දය දවසට ලැබෙන ජනතා මනාපයත් බලලම අපි කතා කරමුකෝ (නි)
සම්බන්දන්ට සුළුජන නියෝජනයක් තියාගෙන එහෙම කරන්න හයියක් තියෙනවා නම් වෙනදේ ප්‍රසිද්ද කරන එක බොරුවක් නෙවෙයිනෙ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහත්තයෝ ඉතින් ඔයාල කරන්න ඕනි එක එහෙම නොවන බව ඔප්පු කිරීම මිසක් වෙන ඒවා කියන එක නෙවේ . සම්බන්දන් එහෙම කරනවා නම් එක ඇත්තනේ එතකොට අනිත් අයට එක රටේ මිනිස්සුන්ට පෙන්වල දීම ජාතිවාදයද ? (අ)
අපිට අමතක නැහැ ජනවාරි අට වෙනිදා අපු හැටියේ කරපු වැඩ. කදවුරු වැහුව. සෝදිසි කපොලු වැහුව. තියෙන්නේ ඉල්ලන ෆෙඩරල් එක දෙන ටික විතරයි. ජාතිවාදය මාර්ගයෙන් සිංහලයන්ට තියන එකම රට ඉවරක කරපල්ලා (අ)
අපි ඇවිත් ජාතිවාදේ අව්ස්සන්නේ නැ.අපි කියන්නේ ඒ මිනිස්සු ඉන්න ඕන මේ රටේ ඒත් දෙමළ ජනතාව සහ මුස්ලිම් ජනතාව වෙනම පාලනයක් ඉල්ලන එක තමා අපි කියන්නේ (අ)
අපි මහින්ද ගැන දන්නවා. එතකොට වර්ණසිංහ මහතා පිළිගන්නවා සම්බන්දන් මහතා ජාතිවාදය අවුලනවා කියල. (අ)
දැන් කතා ඇති හොඳටම (නි)
මහින්ද ගැන විතරක් කතාකරන අය පොඩ්ඩක් ටීඑන්ඒ එක ගැනත් හොයලා බලන්න. (නි)
දැන්නම් අපිට කතා අහලම ඇතිවෙලා (නි)
සන්ධානයේ කට්ටිය එකතුවෙලා මේ කාලකන්නි යුද්ධය ඉවරකළේ නැත්නම් අද රට කොහේ තියේවිද? (නි)
ඉතින් දැන් පේනවා නේද උතුරේ ජාතිවාදයක් තියෙනවා කියල, ඉතින් එහෙනම් රාජපක්ෂ මහත්තයට බැනල හරි යනවද? ඕකට තආ කියන්නේ කුහක කම කියල. යුද්දේ නවත්තපු මිනිහව දන්ගෙඩියට යවන්න නේ ඔහෙලා හදන්නේ. (අ)
මේවගේ පොල් බූරුවො ඉන්නකන් අපේ රට හදන්න බැහැ. (අ)
එතකොට රනිල් විජයකලා මහේෂ්වරන් එක්ක එකතුවෙලා රැස්වීම් තියන්නේ. විජයකලා මහේෂ්වරන් යාපනේ පොලිසි අයින් කරනවා, කොටි පාලනේ හොඳයි කියන්නේ. හා හා (බ)
සම්බන්ධන් ගැන මෙතුමා දන්න ටික රනිල් දන්නෑ (බ)
මහින්ද පැරදිච්ච දා ඉදන් බලාගෙන හිටියේ ජාතිවාදය අවුලුවන්න... මතකනේ එදා මැදමූලනේ ඉදන් තමන්ට ඡන්දෙ නොදීපු දෙමල මිනිස්සු 'කොටිය' කියල බොහොම පහත් කතාවක් කිව්ව...සමහරු හිතන් ඉන්නෙ දෙමල මිනිස්සුන්ට ඒ අයගෙ ඉඩම් ආපහු දුන්නහම, උතුරෙ අනවශ්‍ය හමුදාව ඉවත් කළාම ඊලමක් හැදෙනව කියල.... උතුරේ ඉන්නෙත් අපේ සහෝදරවරු, ශ්‍රී ලාංකිකයො, (බ)