ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කළ ප‍්‍රකාශයෙන් මහින්ද රාජපක්‍ෂ මහතාත් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් කරකවා අතහැරීමෙන් අන්දුන්කුන්දුන් වී ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
එක්සත් ජනතා සන්ධානයට මේ වන විට විපක්‍ෂයටවත් සුදුසු නැති තත්ත්වයකට පත්ව ඇතැයි කී අමාත්‍යවරයා ඊට දෙන ඡන්දයේ ද වටිනාකමක් නැතැයි සඳහන් කළේය. රටට අවශ්‍ය ආර්ථික සංවර්ධනය උදා කර දිය හැකි එක්සත් ජාතික පක්‍ෂයට එළඹෙන මැතිවරණයේ දී ඡන්දය ලබා දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇමතිවරයා කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති කමේ වැඩබලන්න සුදුසු නැති කෙනෙක් අගමැති කමට පත් කරන්න නුසුදුසියි කියලා මුලික අයිතිවාසි කම් පෙත්සමක් දාලා තීන්දුවක් ගත්තාම මහින්ද මහත්තයා නිකන්ම අවුට්.(නදී)
අනේ නෝනා , පොඩ්ඩක් ඔය හීන ලෝකයෙන් මිදෙන්න . ඇස ඇරලා වට පිට බලන්න , අසරණ එක්සත් ජාතික පාක්ෂිකයෝ අන්දුන් කුන්දුන් වෙලා ඉන්නේ. (ස)
පිස්සුද? සන්දානයත්, මහින්ද මහත්තයත් අන්දුන්කුන්දුන් උනේ ජනාධිපතිතුමාගේ කතාවෙන් පස්සේ නොවෙයි. 2015 ජනවාරි 08 දා රාත්‍රියේ ජනාධිපති මැතිවරණයේ ප්‍රතිපල එන්න පටන් ගත්ත වෙලාවේ ඉඳලයි..... දැන් ඒ පැත්තේ ඔක්කොම ඔහේ පරිබ්‍රමණය වෙමින් තමයි ඉන්නෙත්.... (ස)
අන්දුන් කුන්දුන්, යහපාලන, දින සියය, රැකියාවට විරාමයක්, බෙදුම්වාදයට හැකියාවක්, බඩගින්නට හැකියාවක්, රන් අස්සයෝ, ලැම්බෝගිනි. ලබන සතියෙ අලුත් වචනයක්. කේලම් පමණක් ඇති පාලනය වෙන්නත් පුළුවන්.(නදී)
ඔය වගේම සෙනඟක් ජනවාරියට කලිනුත් ආවා (නදී)
රෝසි නෝනෝ, ඔයාල ඉන්නවා තරං සුන්දර ලෝක වල නෙමෙයි සාමාන්‍ය අපි ජීවත් වෙන්නේ! ඔයා හීන දැක දැක ඉන්න! (ස)
අහෝ! මනෝප්‍රිය කියන්නේ මනෝ ලෝකයට ප්‍රිය කරනවා කියන එක. මොනවා කරන්නද? සත්‍යයට මුහුණ දෙන්න ඉගෙනගන්න මනෝප්‍රිය (නි)
එක්සත් ජාතික පාක්ෂිකයෝ කෙළින් ඉන්නවා, මුළු බලයම යොදා මෙදා දිනනවා. අලියා අපේ! (නි)
කොයි නෝනද මහින්ද මහත්තයට කියල තමන්ගේ දරුවට තානාපති කාර්යාලයක පත්වීමක් අරන් දුන්නේ? (නදී)
යු එන් පී අයගේ හොඳම කාලය ඇවිල්ලා. රෝසිට ජයවේවා! (නි)
මේ රටේ ඕන ගොනෙකුට දේශපාලනය කරන්න පුළුවන්.(නදී)
මයිත්‍රී දිනුවේ එජාපයේ ඡන්ද වලින්නේ. (නදී)
ජනතාව දැන් සියල්ල තීරණය කරලා තියෙන්නේ (නි)
ඕනෑ කෙනෙකුට ඕනෑ දෙයක් කියන්න පුලුවන්නේ (නි)
සන්ධානය කරකවා අත හැරීමෙන් මහා සුළි සුළඟක් සැදී අනුරපුරයෙන් පටන් අරන් රට වටේම කැරකෙන්නයි යන්නේ. (නි)
පබාට රෝසිට මර්වින්ට මනාප දීපු අපේ ලංකාවේ ඡන්ද දායකයෝ මොනතරම් බුද්දීමත්ව හිතල ඡන්දෙ පාවිච්චි කරනවද කියලා මුළු ලෝකෙම දන්නවා. ජනවාරි 8 උනෙත් ඒකම තමා. වෙනස කියලා හිතලා විනාසයට පාර කපා ගත්තා. (නදී)
88-89දීත් ඔබතුමන්ලා අපිව අන්දුන්කුන්දුන් කළා අපිට හොඳට මතකයි. (නි)
අපොයි ඔව්. පේනවා කවුද බයවෙලා ඉන්නේ කියලා. (නි)
යු අන් පී අයට වෙන්නේ මුහුදට පනින්න. 2009 දීත් මුහුදට පනින්න උනා මැදවච්චි ගිහින්. (නදී)
එක්සත් ජාතික පාක්ෂිකයෝ කෙළින් ඉන්නවා, නැමෙන්න දන්නෙම නැහැ අපි 600 දාල වැට ගැලෙව්වා. මැදවච්චි ගිය බුද්දි අංශය විනාශ කල ලොක්කෝ අපිට අමතක නැහැ ජනතාවනි නැගිටිව් පාවා දෙන්නන් පිටු දකිව් (නදී)
ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන් (නදී)
අහෝ රෝසි නොදුටු මොක් පුර (නදී)
මහින්දගේ ලයිස්තුවේ ඉන්න ලෝක හොරුන්ට මනාප දෙන්න පුලුවන්ද.(නදී)
නෝනාගේ දේශපාලන ඉව දුර්වලයි. කිරිඇල්ලගේ එම ඉව ප්‍රබලයි. එම නිසා තමයි කිරිඇල්ලගේ මුහුණ ටිකක් ඇදවෙලා තියෙන්නේ.(නදී)
පක්ෂ දෙකම අන්දුන් කුන්දුන් මට පේන්නේ මොකද මේ දවස්වල කියවන්නේ (නදී)
ඉන්දික යථාර්ථයට මුහුණ දෙන්නේ , හොර නාදයට අපතේ නැත . මහගන්න මුදලේ තම පවුලේ බුදලයක්සේ භාවිතා කරන්නන්ට අපතේ නැත . (අ)
ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන් (අ)
ප්‍රජාතන්ත්‍රවාදයට විහිලු කරන යු එන පී කට්ටියට හොඳ පිළිතුරක් 17 දට ලැබේවි . (අ)
කරකවලා අතහැරියා පමණක් නොවේ.සමහරුන්ව උස්සලා පොළවේත් ගැහුවනේ (නි)
වාසි නම් ඉන්න නොකර කලබල (නදී)
ඕන කෙනෙකුට මෙහෙම කරන්න පුළුවන් (ම)
මෛත්රීපාල සිරිසේන කියන්නේ මහින්ද පහු ගිය කාලේ කළ දේවල් සහ කියපුව ගැන මනා අවබෝදයෙන් සිටිය පුද්ගලයෙක්. ඔහු මන්ත්‍රී වරුන්ට පවා පහර දීම් කළා. ඔහු හොඳ හැටි ඒ බව දනී. (නදී)
දැන් නම් හොඳටම බයවෙලා වගේ කට්ටිය. සමහර විට අර සෙනග දැකලද දන්නේ නැහැ නේද? (අ)
1977 - 1994 මුළු කාලයම සිංහලයෝ 80,000 මරල යුද්දය ඇති කරලා කිසිම දෙයක් කරන්නේ නැතිව රජයේ සේවකයන් දොට්ට දමල රට අන්දුන් කුන්දුන් කරපු හැටි කියන්න පිටුත් මදි. (නදී)
සන්ධානෙට අයට වෙන්නේ මුහුදට පනින්න 17 පස්සේ (අ)
එජාපෙ නව ජාතික නායකයා ජනපතිද ? (නදී)
ඔව් සමරවිට යු . එන්. පි එක දිනයි . මොකද මෛත්‍රී පක්ෂේ සභාපති වුණාට උදව් කරන්නේ රනිල්ටනේ .තමාගේ පක්ෂය පරදිනවා කිව්වේ මේ ලෝකේ මොන නායකයාද ? (අ)
ඒ ජා ප ය මේ පාර 2/3 ක් ගන්නවා (නදී)
ඊයේ අනුරාධපුරට ආපු ජනගඟ දැක්කම යහපලුවන්ට කලන්තේ හැදිලා සුලුදියත් ගියාලු. (නදී)
අපි සජීවීව දැක්ක අනුරාධපරයේ නිදහස් සන්දානේ මංගල රැලියට ආපු සෙනඟ. ඉතින් අපි කණගාටුවෙන් හරි රනිල් අගමැති තුමාට කියන්න වෙන්නේ. "වෙනස දැන් මාරයි - මාස හත හමාරයි- ගොවියෝ හරි සුරයි- යහපාලනය හමාරයි" (නදී)
"වෙනස දැන් මාරයි - මාස හත හමාරයි ගොවියෝ හරි සුරයි- යහපාලනය හමාරයි"(නදී)
රෝසි නෝනා කුස්සියේ ආර්ථිකය ගැන කතා කරනවා. එහෙත් තීරණ ගන්න ඕනේ ඔබතුමියගේ කුස්සියේ ආර්ථිකයට සාපේක්ෂව නොවේ. හරියට නිකන් කුඹුරට බැහැපු නැති මනුස්සයෙක් කුඹුරු කොටන හැටි කියා දෙනවා වගේ (නදී)