ප්‍රධාන අපේක්ෂකයකුගේ නම සඳහන් සිල් රෙදි තොගයක් ආනමඩුව ප්‍රදේශයේ විහාරස්ථානවලට බෙදීම මැතිවරණය අවසන්වන තුරු නවත්වන්නැයි මැතිවරණ කොමසාරිස්වරයා පොලිසියට නියෝග කර ඇත.
ආනමඩුව ශ්‍රී ආනන්දාරාමය, පරමාකන්ද රජමහා විහාරය හා ආනමඩුව වඩත්ත ශ්‍රී සරණංකර පරිවෙන යන විහාරස්ථානවල ගොඩ ගසා තිබූ සිල් රෙදි තොගය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ අනුව පොලිසිය යොදවා කළ සොයා බැලීමකදී සිල් රෙදි තොගය හමුවූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෝයට වත් පිනක් දහමක් කරගන්න දෙන්නේ නැහැ ,අවුරුදු ගානක් තිස්සේ දුක්විදල දුක්විදල හම්බකරපු දෙයින් දානයක් දෙන්න යනකොට විරුද්ධ වෙනවා (බ)
හොඳ වැඩක් ලංකාදීපයටයි පොලිසියටි ස්තූතියි ! (බ)
අයියෝ! (නි)