නියෝජ්‍ය ඇමැති සුරේෂ් වඩිවේල් , පලාත් සභා මන්ත්‍රීන් වන නිශාන්ත වර්ණසිංහ, නිරෝෂා අතුකෝරල සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ද තවත් දෙදෙනකුගේ ද පක්ෂ සාමාජිකත්වය අද සිට තහනම් කරන බවත්, ඒ බව දන්වා ඔවුනට ලේඛනගත තැපෑලෙන් ලියුම් යවන බවත් සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරයි.
මේ බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට ද දන්වන බවත් ඔහු සඳහන් කරයි.
නීත්‍යනුකූලවත්, සදාචාරය අනුවත් වර්ණසිංහ, අතුකෝරල සහ හිරුණිකාට පළාත් සභා මන්ත්‍රීකම් දැරිය නොහැකි බවත් මැතිවරණ කොමසාරිස් තීරණය අනුව ක්‍රියා කරන බවත්, බොහෝ විට මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින අයගෙන් පුරප්පාඩු පුරවන බවත් ප්‍රේමජයන්ත මහතා කියයි.
වීඩියෝ - ලහිරු හර්ෂණ
වීඩියෝ - අතුල දේවප්‍රිය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බංකොලොත් දේශපාලනේ යෙදෙන මේ කට්ටියට රටේ අනාගතය ගැන හිතල අලුත් වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරන්න දන්නේ නැති එක ගැන හරිම කණගාටුයි. මහජන මුදල් හොරකම් නොකරපු එක අයෙක් හෝ ඉදිරියට එන්න බලන්න. මෙයාලට ඕනේ අලුතෙන්ම පටන්ගන්න මොකටද තවත් කාලයක් රට කන්න සහ මහජන මුදල් හොරකම් කරන්න. මෙයාලව කොහොම හරි මේ සැරේ පාර්ලිමේන්තුවට යවමු. (නදී)
විමල් විරවංශට 17 න් පස්සේ ඔලුවෙන් හිටගන්න වේවි. (නදී)
මොනවද මේ කරන්නේ (නදී)
පනින කට්ටියට පනින්න බැරිවෙන්නම මේ සැරේ ගෙදරටම කොටුකරමු (නදී)
එතකොට ප්‍රසන්න රණතුංග (නදී)
එහෙනම් ගම්මන්පිල, ලන්සා, ප්‍රසන්න රණතුංග එහෙමත් අයින් කරලා ඊලගට ඉන්න අයට අවස්ථාව දෙමු නේද (නදී)
කොහොමද සැලුන් දොරෙන් සදාචාරය ගලාගෙන අාපු හැටි අපිට තාම මතකයි.(නදී)
හිරුනිකාලව තව පන්නන්න දෙයක් නැහැ. අලියා ලකුණෙන් නාම යෝජනා දුන්න ගමන් ඉබේම ශ්‍රී ල නි පෙ න් ඉවත් උන බව පෙනෙනවා (නදී)
සුසිල් මහත්තයෝ ඔයාලගේ මහා ලොකු සදාචාරේ. අපි දැක්කා පහුගිය කාලේ කට්ටිය බිලි බාගත්ත හැටි. එතකොට කෝ සදාචාරය ? (නදී)
අනේ ඔයාලගේ සදාචාරේ ..අපි දැක්ක පහුගිය කාලේ කට්ටිය බිලි බාගත්ත හැටි (බ)
ඕක ඔබතුමාලගේ පක්ෂයේ සිටි මහ රජතුමාගේ ආශිර්වාදය ලැබූ ක්‍රියාදාමයක් (සැලුන් දොර) සහ නීතිගත කළ දෙයක්. දැන් අනුන්ට චෝදන්න කරලා වැඩක් නැහැ.ඔය මහත්වරු දෙන්නම දැන් ඉන්නේ ඔබතුමාලගේ පිලේනේ. උඩ බලාගෙන කෙළ ගහන්න එපා. (නි)
පැනීම හොඳ ක්‍රීඩාවක් (ම)
දැන්නේ මෙයාට පක්ෂේ ව්‍යවස්ථා මතක් වෙලා තියෙන්නේ? (ම)
මෙයාලව උස පැනීම දුර පැනීම වගේ පුරුදු කරලා ඔලිම්පික් යවන්න බැරිද. (බ)
ඔයගොල්ලන්ගේ පැත්තට පහුගිය කාලේ පනිනකොට අපිටත් දුක හිතුනා. ඔහොම තමයි හැමදේම. (නදී)
හොර පාස්පෝර්ට් හදමින් අතේ පැලවෙන වෙන බොරු කියන, පාර්ලිමේන්තුවේ කිසිම ගරු සරුවක් නැතුව කුණුහරුප කියන, වස කුප්පි අතේ තියාගෙන ප්‍රසිද්ධියේ වස බොන්න කතාකරන මානසික ආතතියෙන් පෙලෙන දුෂිත කණ්ඩායමක් කියන දේ උගත් ජනතාව පිලි නොගනී (නදී)
දේශපාලනයෙන් ඉවත් කළයුතු අය ඉන්නේ කා සමඟද කියලත් අපි දන්නවා (නි)
මහබැංකු කොල්ලය ඉවරවෙලාද දැන් වතුර කොල්ලය එලියට ඇවිත් තියෙන්නේ. අනේ මෙහෙමත් දේශපාලන අනාථයෝ ටිකක්. (නදී)