තමා විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දෙන බව වන්නි දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී උනයිස් ෆාරුක් මහතා අද (26) පිටකොට්ටේ සිරිකොත මන්දිරයේ දී ප්‍රකාශ කළේය.
ෆාරුක් මහතා එක්සත් ජාතික පක්ෂයට එකතු වීමට යතියි පක්ෂ ආරංචි කියයි.
තමා සන්ධානයෙන් ඉවත් වන බව ද ඔහු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා සිරිසේන මහතා හමුවේ පැවසීය.
සිරිසේන මහතා අද සිරිකොතට ගොස් එජාප නායකයන් හමුවී ඉදිරි වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් රොෂේන්, සමග එකග වෙමි. (ර)
රොෂේන්ගේ, අදහස අපිට හොඳින් පැහැදිලිය. බලමු නේ 8 වෙනිදාට මොකද වෙන්නේ කියලා. මතක තියාගන්න මහත්තයෝ මෙය රටේ 75% තාම ඉන්නේ හොඳට බත් කන සිංහල මිනිස්සු බව. (ර)
තව කොට්චර කාලයකටද ජනතාව රවට්ටන්නද? අන්තිමට වෙන්නේ මස්කොටන්න තමයි මොකද කියන්නේ. (ස)
225 ම ගියත් නමවෙනිද වෙනකොට මහින්ද දිනලා තියෙයි. (අ)
මුස්ලිම් ජාතිකයන්ට රජයෙන් එල්ලවූ තාඩන පීඩන වලට පොදු අපේක්ෂක. බෞද්ධයන්ට මුස්ලිම් ජාතිකයන්ගෙන් එල්ලවූ තාඩන පීඩන වලට වලට කවුද ඉන්නෙ? (ස)
පවිත්‍රා නෝනා වගකීමෙන් කියනවා කීවේ ආයේ කවුරුවත් යන්නේ නෑ කියල....ඔය යන්නේ.......(ස)
ආ මේ හීන් නුල් උරුම පාටියේ සාමාජිකයෙක්. (අ)
වැඩේ ටික ටික වාගේ හ්ම්ම් හ්ම්ම්. (ස)
ආ මේ හීන් නුල් උරුම පාටියේ සාමාජිකයෙක්. (අ)
ෆයිල් ගැන බයනැති අය යනවා. (දිල්)
අසංග කියන එක හරි. මුස්ලිම් වරුන්ගේත් ඉතා ගුණවත්, සමගිය සමාදානය ප්‍රිය කරන අන්‍ය ආගම් සහ ජාතීන්ට ගරු කරන කට්ටිය ඉන්නවා. බේරුවල ඉස්ලාම් ආගමිකන් අතර ඇතිවූ ප්‍රශ්නයේදී මාතලේ සිංහල මුස්ලිම් තරුණයින් අතර ඇතිවූ ප්‍රශ්නවලදී රජයක් වශයෙන් ජනාධිපතිතුමා කල සේවය මතක තිබෙනවා නම් ඉස්ලාම් භක්තික ශුද්ධවන්තයින් කවදාවත් මහින්ද මහතා අතහැර යන්නේ නැහැ. එපමණක් නොවෙයි. අරාබිකරයේ, පලස්තීනයේ මුස්ලිම්වරුන් සමග ජනාධිපති තුමාගේ ඇති සුහද බව දන්නා ඊට ගරු කරන මුස්ලිම්වරුන් කිසිදා සන්ධානය හැර යන්නේ නැහැ. (ර)
අඩුම තරමින් තව 20 ක් වත් යනවා. (ස)
මහින්ද මහත්තය ඔය කට්ටිය ගැන දන්නවා. ඔවුන් යන තරමට අපිනම් ඒ ගැන සතුටු වෙනවා. (ර)
තව මේ වගේ කී දෙනෙක් යයිද?(හේ)
ඔය පිල් මාරුව නවත්වන්න වෙනවා .අපි යම් පුද්ගලයෙකුට ඡන්දය දෙන්නේ එම පුද්ගලයා සහ පක්ෂය ගැන හිතලා .. නමුත් එම මැති ඇමතිවරු දින්නට පස්සේ අපි ගැන හිතන් නැතිව තමන්ට කැමති විදියට පක්ෂය මාරු කරනවා .එතකොට ඡන්දය දුන්නු අපිට මොකද වෙන්නේ . (ස)
සල්ලිවලට යට උනේ නැති කොන්ද පන තියෙන මන්ත්‍රී කෙනෙක් ජයවේවා ! (නදී)
දේශපාලන වෙළඳ පොලේ දැන් එක පඹයෙක් මිලියන 50 -100 පනිනකොට ඔය වගේ අය හැරෙන්න වෙන කව්ද යන්නේ (නදී)
බුදු අම්මේ සේරම වගේ යනවා. (නදී)
කියපු කතා ඇත්තද මන්දා (දී)
ජයවේවා! (නි)
වන් බයි වන් , (දී)
අරය මේ පැත්තට පැන්න, මෙයා අර පැත්තට ගියා කියල කට අරගෙන බලා හිටිය ට දේශපාලන සංස්කෘතිය වෙනස් වන්නේ නැහැ. පනින එකාගේ වරිගේ මෙතන ට වැඩක් නැහැ. වෙනසක් ප්‍රාර්ථනා කරන ඕනෑම කෙනෙකුගේ "පිල් මාරුව" අප අනුමත කරනවා. (නදී)
ෆයිල් තියෙන අය ආණ්ඩුවේ ඉදන් බොහොම සද්දෙට කෑ ගහනවා . ෆයිල් නැති අය පනිනවා . (හේ)
ප‍්‍රශ්නය මෙයයි. මේ ප‍්‍රකාශිත සදාචාරාත්මක අදහස් පසු පස පවතින භෞතික යථාර්ථය කුමක්ද? මෙම දේශපාලන කාන්ඩ ගැසීම් දෙස බලන විට පැහැදිලිව පෙනෙන කාරනයක් වන්නේ ‘ප‍්‍රකාශිතය’ සහ ‘ප‍්‍රකාශකයා’ අතර පවතින පරතරයයි. (ර)
ජය වේවා.! නොසැලී ඉදිරියට. (ර)
දැන්නම් සැලුන් දොරට ඉබ්බා දැම්මොත් හොදයි වගේ...... (දී)
පවිත්‍ර ඉන්නවද ? මම මේ ඇහැවේවේ ආයේ කවුරුත් යන්නේ නැහැ කිව්වා නිසා (දී)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු. (ර)
මෙන්න මෙහෙමයි පිවිතුරු රටක් හදන්නේ. බෝට්ටුවේ හිල් හදනවා පාට ඇඳුම් ඇඳන්. රෙද්ද යට කලිසමේ පිහිය.අපෙන් කතිරේ.(අ)
දැන්නම් සැලුන් දොරට ඉබ්බෙක් දාන්න වෙයි. (ර)
නියමයි. නියමයි. (ර)
අනේ පවිත්‍රා ඈමතිතුමියනි අපට මොකද මේ වෙන්න යන්නේ (දී)
හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට (දී)
මොකක්ද වෙන්නේ කියලා තමයි අපිත් බලාගෙන ඉන්නේ. (දී)
ඉසුරුමත් ශ්‍රී ලංකාවක් ගොඩනඟමු! (දිල්)
ඔහොම යන් ජයවේවා (දිල්)
කව්රු අාවත් වැඩක් නෑ මහින්ද වින් (අ)
ජයවේවා ! (නදී)
1. මනා ශාරීරික යෝග්‍ය තාවයක් ඇති බව පෙන්විය යුතුයි. 2. ක්‍රියාකාරිත්වය ප්‍රතිවාදියාට සමාන හෝ අභිබවා යා යුතුයි. 3.දේශපාලන වැඩ පිළිවෙල පැහැදිලි විය යුතුයි (නදී)
ඔය වගේ පිරිස යන එකමයි හොඳ. (නදී)
අලුත්ගමදී, ඉන් පෙර හා පසු මුස්ලිම් ජාතිකයන්ට එල්ලවූ තාඩන පීඩන වලට ජාති වාදීන්ට පිළිතුරු දිය හැකි හොඳම අවස්ථාව මේ ජනාදිපතිවරනයයි. මා පෞද්ගලිකව හිතන ආකාරයට මේ රටේ ජාතිවාදයට එරහි සියලු ජනතාව පොදු අපේක්ෂකයා වටේ එකතු විය යුතු කාලය එළඹ අවසන්. (නදී)