සුසිල් ප්‍රේම්ජයන්ත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් වෙනුවට ලබන 28 වැනිදා දක්වා මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා පත් කිරීමටත් අනුර ප්‍රියදර්ශන යාපා ශ්‍රීලනිප ලේකම් වෙනුවට දුමින්ද දිසානායක පත් කිරීමටත් කොළඹ දිසා විනිසුරු හර්ෂ සේතුංග මහතා අද (14) තීරණය කළේය.
මහාචාර්ය විශ්වා වර්ණපාල හා දුමින්ද දිසානායක මහත්වරුන් ගොනු කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශ කෙරිණි.
තමාට මේ ගැන ආරංචියක් ඇතත් කිසිත් නොදන්නා බව ශ්‍රිලනිප ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා එසැණට පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවත කොහේදී හමුවෙයිද? (නි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩි ආසන ගණනක් ලබා දිනුවොත්, මොවුන් දෙදෙනාගේ බලපෑම් වලට යටත්වීමට සිදුවෙනවා නොඅනුමානයි. ඔවුන් විසින් ජනාධිපතිට බලකර කියා සිටියේ මහින්දව ඡන්දය දිනුවිටදී අගමැති කරන ලෙසයි. (නි)
සෝබන ඉවරයි. දැන් ඉතින් අතරමං.. (නි)
මහින්දට මෙච්චර බය මොකද? (නි)
මේ ගැන කිසිම කළකිරීමක් ඇතිකර ගතයුතු නැත. (නි)
මහින්දගේ ජය වළක්වන්න බැරුවා වගෙයි (නි)
හොඳ තීරණයක් (නි)
ඔව් ඔව් කිසිදෙයක් දන්නේ නැතුව ඇති (නි)
සැබෑ ඒකාධිපතියෙකු බිහිවී ඇති බවයි පෙනෙන්නේ. (නදී)
ඔන්න දැන්ම පටන් අරගෙන එහෙනම් බලමු බලමු (බ)
ජනපතිගේ හොඳ තීරණයක්. ඔබට සුබ පැතුම් ! (නි)
අන්න ඔහොම හොරු අයින් කරලා පක්ෂය සුද්ද කරොත් කලකිරුණු ඡන්ද නැවත ශ්‍රීලංකා එකට ලබාගත හැකිවෙයි (බ)
ආයෙත් පෙත්සමක් දැම්මොත් ආපහු ඒ ගොල්ලන්ට හම්බ වෙයිද? (අ)
බොහොම හොඳයි (නි)