සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටුවේ නායකයා ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග කරන මහින්ද රාජපක්ෂ මහතා වැඩ භාරගත් බවත් සන්ධාන පක්ෂ නායක රැස්වීමේදී මහජන එක්සත් පෙරමුණේ හිටපු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද ප්‍රකාශ කළේය.
නායකයා කවුදැයි ජනතාව තීන්දු කරනු ඇතැයිද ඔහු කීවේය.
මෛත්‍රිපාල සිරිසේන ජනපති සන්ධානයට දේවාශිර්වාදයක් වී යැයි කුමාර වෙල්ගම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කීවේය. ඒ කතාව නිසා ශ්‍රීලනිපයේ බෙදී සිටි අය එකතු වුණා යැයි ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ඩිව් ගුණසේකර මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පක්ෂ නායක රැස්වීමට පැමිණි නමුත් කිසිත් නොකියාම ඔවුහු පිටවී ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන මොනවා දෙන්නද. පරදින තෙක් (ම)
ගුණතිලක ...එතකොට ඕක ඔය රනිල්ට කියන්න තව කී සැරයක් ඉන්න ඕනෙද? එයා ජනපති විදියටත් අගමැති විදියටත් කී සැරයක් ප්‍රතික්ෂේප වුනාද? මට නම් දැන් ඒ වාර ගැන ගැන ගන්නත් බෑ (බ)
මහින්දට ජය වේවා! (බ)
නන්නත්තාරවෙච්ච දේශපාලුවෝ. නන්නත්තාරවෙච්ච දේශපාලුවෝ.ජනතාව නායකයාව ජනවාරි 8 වැනිදා තෝරාගෙන ඉවරයි.අපට වෙන නායකයෝ අවශ්‍ය නැත. (බ)
ගුණතිලක ඔයා මැරිල ඉපදුනාද (බ)
බලයට තියෙන කෑදරකම. මහින්ද අායෙත් පරදිනවා(ස)
පක්ෂය පවාදෙන අයට රට පාවා දෙන එක සුලු දෙයක් (ම)
සමර පක්ෂය තිබෙන්නේ රට ඇතුලත . ලියන්නේ කලින්නේ සිතන්නේ (බ)
ජනපති ප්‍රකාශය සන්ධානය ශක්තිමත් කිරිමට රුකුලක් . (ම)
දිනේෂ් තනිව තරග කළොත් ඇපත් නැත. ඒ නිසා මහින්දගේ කර පිටින් ගොස් දිනන්න බලමු. ඔහු දේශපාලන අනාථයෙකි. (ස)
සන්දානේ වැඩි දෙනෙක් ඔය කට්ටිය ගැන කල්කිරිල්යි ඉන්නේ, 17 දාට අපි උත්තර බන්දිනම්. දුෂිතයින් එලවමු. රට ගොඩ ගමු.(ස)
දුමින්දටත් නාම යෝජනා දුන්නනම් හරි. (ම)
අලි බබා සහ හොරු රැල ඡන්ද සටන අරඹයි.(හේ)
ජනපතිවරණයේදී පරාජය වෙලාත් තව මොකටද මහ මැතිවරනයට එනවාද මන්දා (ම)
මහජන එක්සත් පෙරමුණේ හිටපු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා එම පක්ෂයේ නායකයා නොවේද ?(අ)
අපි බලමු ජනතාව කාගේ පැත්තද තෝරාගන්නේ කියලා (නි)
මහජනතාවට හිතන්න දෙයක් දැන්තියෙනවා. ජනපතිගේ ආදර්ශවත් කතාවෙන්. (ස)
ඔයින් ගිය ඇති. රටට හොඳ දෙයක් වෙනවනම් එච්චරයි (ම)
අනේ මට නම් මේ දිනේෂ් ගැන දුකේ බෑ.කෙක්කෙන් හරි කොක්කෙන් හරි ගොඩයන්න බලන්න.(ස)
මෙවර මැතිවරණයේදී ඒකාධිපතියාට හොද පාඩමක් කියල දෙමු. (ස)
එහෙනම් දැන් ඉතින් කට්ටිය "සීරුවෙන් සිටින්". පරණ පුරුදු විදිහට ගමනේ යා. පසුවට චුරු චුරු බෑ හොදේ? (ස)
ලැජ්ජ නැත කියාන්න වචන් නැත ...(ස)
ඇති යන්තම්.. මේ මනුස්සයව ඇරෙන්ඩ දැන්නම් එකෙක්වත් විශ්වාස නැ (ස)
තවත් මානුෂික මෙහෙයුමක් වේවා (ම)