‘‘මගේ පියාගේ ආත්මයේ නාමයෙන් තුට්ටු දෙකේ සන්ධානයට යන්නේ නැහැ. පියන් අගමැතිකමක් ගන්න යන්නෙත් නැහැ. විලිලජ්ජා නැතිව ආණ්ඩුව බොරු කියනවා. මම අද සංධානයට එනවලු. සන්ධානය වෙනුවෙන් බොරු කියන රූපවාහිනී බ්රේකින් නිවුස් දානවා. මට ඔළුවෙ අමාරුවක් නැහැ. මේවට උත්තර දීලා මගේ හක්කත් ගෙවිලා. හැබැයි මට එකක් කියන්න පුළුවන්. ලබන 9 වැනිදායින් පස්සේ මහින්ද රාජපක්ෂටත් හංස වේදිකාවට එන්න වෙනවාමයි.‘‘
දෙවිනුවර වැල්ලමඩමේ එජාප රැස්වීමක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා කීවේය.
මෛත්‍රිපාල සිරිසේන මහතාද ජනහමුව ඇමතීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා ඉතින් මඩනේ මහත්තයෝ. ගණන් ගන්න එපා (නි)
බන්දුල පෙරේරා දැන් හොඳ මහත්මයෙක් වෙලානේ. ඒකයි වැඩිය කයිවාරු ගහන්නේ නැත්තේ. (නි)
සජිත් මැතිතුමනි, මේ රටේ අනාගතය ඔඛයි. තව ටික කාලයක් ඉවසීමෙන් ඉන්න.එහෙට මෙහෙට පනින්න එපා. (නි)
මෛත්‍රීගේ ආණ්ඩුවේ සජිත්ගේ තනතුර මොකක්ද කියලා හිතාගන්න බැහැ මට නම්. පුලුවන්නම් ඔය අදහස් දාන අය උත්තර දෙන්න (නි)
ජයග්‍රහණය දැක දැකත් කවුද ඒ පැත්තට යන්නෙ? (නි)
යන එක හොඳයි. අදම යන්න හොඳ මහත්තයා වගේ (නි)
අනුන්න්ගේ පක්ෂ ගැන බලන්නේ නැතිව තමන් කළ වැඩ හා තම පක්ෂයේ කට්ටිය රදවා ගත්නම් හොදයි නේද(දිල්)
යන්න නම් එපා මහත්තයෝ (දිල්)
ඇති යාන්තම් අපි බයේ හිටියේ මෝඩ තීරණයක් ගනී ද කියලා..(දිල්)
මහින්ද මහත්තයා බයවලා වගේ (දිල්)
ඔබට කිසිදා එක්සත් ජාතික පක්ෂය අතහැරිය නොහැක එය ඔබේ පියා දිවි පුදා රැකගත් පක්ෂයයි (දිල්)
ජනතාව රවටන්න සමහරු කොහොමත් දක්ෂයි. (නි)
යනවා නම් යන්න මහත්තයෝ. අපිට කමක් නැහැ (නි)
සජිත්ගේ ඡන්දය මේ සැරේ කාටද කියලා අපි හැමෝම දන්නවා. (නි)
දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ (නි)
ඔබතුමා පැන්නොත් එයින් අත්වන නරක ප්‍රතිරුපය ඔබතුමාට ජීවිත කාලයටම නැවත හදා ගන්න බැරි වෙයි. (බ)
අපිට එයා එපා. එයා අරගෙන අපි මොනවා කරන්නද? මම නම් දකින විදියට ඔහුට පුළුල් දැක්මක් නැහැ (නි)
අම්මෝ ඇති යන්තම්. ඇත්තටම අපි හිතුවේ ඔබතුමා සන්ධානයට යයි කියලා.ජයවේවා! (නි)
යන්න නම් එපා මහත්තයෝ ඔන්න! (නි)
එයා එන්නෙ නැති එකට මම නම් සතුටුයි (නි)
කෝ අනේ, මේ බන්දුල පෙරේරා පෙනෙන්න නැත්තේ? (නි)
සමහරු නම් දැන් වියරුවෙන් ඉන්නේ කියලා අපිට පෙනෙනවා (නි)
මෙතුමාගේ තාත්තා නම් මොන ප්‍රශ්න තිබුනත් පිල් මාරු කළේ නැහැ. අපි බලාපාෙරොත්තු වෙනවා ඔබතුමාත් තාත්තා වගේම කටයුතු කරයි කියලා (නි)
සජිත් ප්‍රේමදාස මහත්තයෝ, ඔයා හොඳයි. හැබැයි බලයට ආවට පස්සේ ඒක අයුතු විදියට පාවිච්චි කරන්න එපා. (නි)
බන්දුල පෙරේරා 9 වෙනිදා වෙනතුරු දවස් ගැන ගැන ඉන්නේ. (නි)
හොඳ කල ආ දා පයට මිණිමුතු පෑදේ - නැත කිසි බාධා ඉරණමට මිනිසාගේ (නි)