මාතලේ එඩ්වර්ඩ් ක්‍රීඩාංගනයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතලේ දිස්ත්‍රික් ප්‍රචාරක රැලිය අමතා සේනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සෙනසුරාදා කතා කරද්දී බෙරහඩ සහ ජයඝෝෂා නගමින් එහි පැමිණි පෙලපාලියක් නිසා ජනපති කතාව අතර මග නතර කළේය.
රැලිය අමතමින් සිටි ජනාධිපති මේ හඩ ඇසී ‘කඨින පිංකමක් මේ පලාතේ තිබෙනවාද හාමුදුරුවනේ‘ යනුවෙන් එහි පසෙකින් වැඩ සිටි භික්ෂූන් වහන්සේලාගෙන් ඇසීය.
‘ඔය ගාය එදා අපටත් තිබුණා‘ ජනපති කීවේය.
ජනාධිපතිතුමා ජනතාව අමතනවා ඔය පෙලපාලිය නතර කරන්න යැයි නිවේදක කිහිපවරක් ඉල්ලීම් කළේය.
ඡන්ද අපේක්ෂක ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පෙරටුකරගත් දඹුලු ජනතාවගේ පෙළපාලි එසේ බෙරගහගෙන පෙළපාලියෙන් ආවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1977 මහා ඡන්දයට පෙර රාජගිරියේ තිබුන රැස්වීමක ජේ ආර් ජයවර්දන මහතා කතා කරමින් සිටින විට රුක්මන් සේනානායක මහතා මෙවැනි පෙළ පාලියකින් පැමිණියා ජයවර්ධන මහතාගේ කතාවට බාධා කරමින්. ජයවර්ධන මහතා කතාව නතර කර සියල්ලම නිහඬ වෙනතුරු සිට නැවත කතාව පටන් ගත්තා කිසිවක් සිදු නොවූ අයුරින්. අන්තිමට වුනේ මොකද කියල කවුරුත් දන්නවා. (රැස්වීමේ සිටි කෙනෙකුගෙන් දැන ගතිමි).(නදී)
මම දේශපාලනය ගැන කතා කරන්න කැමති නැහැ . (දී)
දැන් ලංකාවේ ගහන්න ඉතිරි වෙලා තියෙන්නේ මල බෙරේ විතරයි.(නදී)
ලොකු පෙළපාලියක් වගේ
අප්පිරියාවේ බැහැ. (ස)
නාහෙට නාහන ගෝලයෝ හැදුවම ඔහොම වෙනවා.(නදී)
මම නම් දේශපාලනය ගැන කතාකරන්න කැමතියි. හැබැයි දේශපාලනය කරන්න අකමැතියි.මගේ හිතවත් අය සමග දේශපාලනය කතා කරලා, තියෙන හිතවත් කම් නැතිකරගන්න මම අකමැතියි.ලංකදිපෙන් මේ වේදිකාවේ අපට ඉඩක් දීම ගැන මම ස්තුතිවන්ත වෙමි.(නදී)
එදා හිටියේ දේශපාලකයෝ, අද ඉන්නේ දේශපාළුව. ඒකයි වෙනස. (නි)