ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන තනතුරක් දරණ පුද්ගලයකු ඉදිරි දින දෙක ඇතුළත   විපක්ෂයට එකතු වනු ඇතැයි හිටපු ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා සිය නිවසේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් කීවේය.

‘ආණ්ඩුවෙන් මට කෙනෙහිලිකම් වුණා. තනතුරු හා සියලු වරප්‍රසාද අත් හැර ජනතාව වෙනුවෙන් විපක්ෂයට ආවා.‘ යැයි ද ඔහු කීවේය.