රැකියා දෙන බව පවසමින් අඹන්පොළ තිදෙනකුගෙන් රුපියල් දෙලක්ෂයක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොබෙයිගනේ ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී ඩබ්ලිව් එම් ඩී සරත්චන්ද්‍ර විජේසිංහ (42) අඹන්පොළ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
එක් අයකුගෙන් රුපියල් එක්ලක්ෂ විසි පන් දහසක් ද, අනෙක් දෙදෙනාගෙන් රුපියල් 75000ක් හා රුපියල් 25000ක් ද වංචා කර ඇතැයි පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකටනේ සංදානයට ඡන්දය දුන්නේ.(නදී)
දැන් ලොක්කෝ ගහන ගැහිලි බලනකොට ඕක මහා සයුරේ දිය බිදුවකට සමාන කළ හැකියි! (නි)
පව් නැති බැරී කමට ගන්න ඇති. අනික මේ අයට අයට හරි ආදායමකුත් නැති කට්ටියනේ. පව් ඉතින්... (ස)
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ මාසික පඩිය රුපියල් 50000ක් කරන්ඩ. ජීවත් වෙන්ඩ බෑ. (ස)
පවු. එයා ඊළග ඡන්දෙට සල්ලි එකතු කරනවා ඇති. (නි)
එක එක යකාගෙ හැටියටලු විමානේ. (ස)
ඉතින් මට ළමයාව පාසලට දාන්නත් ලක්ෂ 3ක් ගියානේ? (නි)
හැබෑටම මෙයාලගේ වැටුප කීයද දන්නා කෙනෙක් කියන්නකෝ බලන්න (නි)
සංවර්ධනයෙන් ආසියාවේ ප්‍රමුඛස්ථානයට ලංකාව පත්වෙනවා නොඅනුමානයි. (නි)
බලනකොට ප්‍රාදේශීය සභා කට්ටියම එකයි වගේ. මේවා සියල්ලම අහෝසි කරලා දාන්න බැරිද? ජනතාවට වෙන සේවයක් නැහැ. කරදරයක් මිසක් (නි)