ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්‍ෂ නායකයින් අතර සාකච්ඡාවක් අද (31) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී පැවැත්වෙන බව සන්ධාන ආරංචි මාර්ග පවසයි.
ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ, මහජන එක්සත් පෙරමුණු නායක දිනේෂ් ගුණවර්ධන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ටද මේ සඳහා ආරාධනා ලැබී ඇති බව වාර්තා වේ.
රටේ වත්මන් දේශපාලන තත්ත්වය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුව තුළ කටයුතු කළ යුතු ආකාරය මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නායකයොත් නැතුවම බෑ වගේ. (බ)
ගරු ජනාධිපතිතුමනි, ජනතාවගේ විශාල ඉල්ලීමක් තිබෙනවා, ඔබතුමා පොරොන්දු වූ පරිදි ඇමති මණ්ඩලය 20 ට අඩු කරන්න කියා. මේ ගෙනත් අවධානය යොමු කරන්න. (බ)
විපක්ෂ නායක කම කාට දුන්නත් කමක් නැහැ අර රටම විනාස කල,රටම නය කල,රටේ දනස්කන්දය තමන් සතු කර ගත්තු,දුෂිතම රාජ්‍ය නායකයා වසයෙන් ඉතිහාස ගත වුන ඒකාධිපතියාට නොදී.වූට දුන්නොත් විපක්ෂ නාහක කමත් ඔලුවට ගහල රගර් ක්‍රීඩකයාගේ මිනීමැරුම,අන්තරේ අසරණ කොල්ලෝ දෙන්නගේ මිනීමැරුම,වැලිවේරියේ මිනිස් සංහාරය,හලාවත මිනිස් සංහාරය,කටුනායක මිනිස් සංහාරය ගැන දැනට කෙරීගෙන යට පරික්ෂණත් "අංජ බජල්" කරවී.යට ගහවි. (බ)
සාකච්ඡා කර තීරණ ගැනීම වැදගත් (නි)
ජනපති ලිච්චවී පිළිවෙතක (ම)
කවුද හැබෑවටම මේ සන්ධාන නායකයෝ? අර ශ්‍රීලනිපෙ ජන්ද මංකොල්ල කන කට්ටියද? (ම)