එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් තව සුළු මොහොකින් කොළඹ ඩාලි පාරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා දැන් පැවැත්වෙන ශ්‍රීලනිප මාධ්‍ය හමුවේදී පැවසීය.
එම රැස්වීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාද එක්වීමට නියමිත බව ඔහු පැවසීය.
අද සවස 4ට ශ්‍රීලනිපයේ අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ රැස්වීමක්ද කැඳවා ඇතැයි එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ විය.
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රාත්‍රී 8ට රැස්වන බවත් එක්සත් ජාතික පෙරමුණින් තරග කරන ඇමැති රාජිත සේනාරත්න ඇතුළු පිරිසගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට නියමිත බවත් දේශපාලන ආරංචි කියයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා පවසා සිටියේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඊයේ ප්‍රකාශයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරදින බව කීවත් සන්ධාන පරදින බව නොකී බවයි. ඒ හේතුවෙන් එජාපය බියවී සිටින බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද පරදිනවා කියන්නේ සංධානය පරදිනවා , සංධානයේ බහුතර අය මහින්දගේ වහලුන් , කොටසක් ඉන්නවා මධ්‍යස්ථ (අ)
සන්ධානේ සාමාජිකත්වය කිය කිය වෙන පක්ෂ වලින් තරග කරන හැමෝගෙම සාමාජිකත්වය අහෝසි කළ යුතුයි (බ)
මේ ගැටළු විසදගෙන ජයග්‍රහනය කරන්න බලන්න.(හේ)
මොන සාකච්ඡා තියලා හරි කමක් නෑ ගැටළු විසඳගෙන ශ්‍රී .ල.නී. ප. ජයග්‍රහනය කරවන්න කටයුතු කරන්න. ආයෙත් සාපලත් එ.ජා.ප. රජයක් නම් එපා......ජය වේවා .. (හේ)
නිර්පාක්ෂික නමුත් පක්ෂක්ග්‍රාහී විප්ලවයකට එජාපය බය වුණේ (ම)