IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සන්ධාන නායකයෝ අද රැස්වෙති : විශේෂ තීරණ රැසක්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් තව සුළු මොහොකින් කොළඹ ඩාලි පාරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා දැන් පැවැත්වෙන ශ්‍රීලනිප මාධ්‍ය හමුවේදී පැවසීය.

එම රැස්වීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාද එක්වීමට නියමිත බව ඔහු පැවසීය.

අද සවස 4ට ශ්‍රීලනිපයේ අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ රැස්වීමක්ද කැඳවා ඇතැයි එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ විය.

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රාත්‍රී 8ට රැස්වන බවත් එක්සත් ජාතික පෙරමුණින් තරග කරන ඇමැති රාජිත සේනාරත්න ඇතුළු පිරිසගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට නියමිත බවත් දේශපාලන ආරංචි කියයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා පවසා සිටියේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඊයේ ප්‍රකාශයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරදින බව කීවත් සන්ධාන පරදින බව නොකී බවයි. ඒ හේතුවෙන් එජාපය බියවී සිටින බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

සන්ධාන නායකයෝ අද රැස්වෙති : විශේෂ තීරණ රැසක්

රිචි බාලසුරිය Wednesday, 15 July 2015 06:42 AM

මහින්ද පරදිනවා කියන්නේ සංධානය පරදිනවා , සංධානයේ බහුතර අය මහින්දගේ වහලුන් , කොටසක් ඉන්නවා මධ්‍යස්ථ (අ)

:       0       0

ශකුවි Wednesday, 15 July 2015 07:02 AM

සන්ධානේ සාමාජිකත්වය කිය කිය වෙන පක්ෂ වලින් තරග කරන හැමෝගෙම සාමාජිකත්වය අහෝසි කළ යුතුයි (බ)

:       0       0

අසිත Thursday, 16 July 2015 03:35 PM

මේ ගැටළු විසදගෙන ජයග්‍රහනය කරන්න බලන්න.(හේ)

:       0       0

ලලිත් Thursday, 16 July 2015 03:36 PM

මොන සාකච්ඡා තියලා හරි කමක් නෑ ගැටළු විසඳගෙන ශ්‍රී .ල.නී. ප. ජයග්‍රහනය කරවන්න කටයුතු කරන්න. ආයෙත් සාපලත් එ.ජා.ප. රජයක් නම් එපා......ජය වේවා .. (හේ)

:       0       0

දුමින්ද Wednesday, 15 July 2015 07:55 AM

නිර්පාක්ෂික නමුත් පක්ෂක්ග්‍රාහී විප්ලවයකට එජාපය බය වුණේ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site