එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂ කිහිපයක් ඉදිරියේ දී ස්වාධීනව කටයුතු කිරීමට සාකච්ජා කරමින් සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
මේ වන විට සන්ධානය් සාමාජික පක්ෂ රැසක මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් ඊට එකඟතාවය පළ කර ඇතැයි ද ගම්මන්පිල මහතා කීවේය.
සන්ධාන නායකත්වය සාමාජික පක්ෂ සමඟ සාමූහික තීරණ නොගැනීම හා නොසළකා හැරීම ඇතුළු හේතු ගණනාවක් මේ තීරණයට බලපෑ බවද හෙතෙම සඳහන් කළේ ය.
සන්ධානය ගන්නා සමහර තීරණය තමන් දැන ගත්නේ මාධ්‍ය මගින් යැයිද ගම්මන්පිල මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ අනාගතය ගැන තීරණ පමණක් වටී (බ)
ඔන්න ඔහේ ලබන පාර ඡන්දෙට තනියම ඉදිරි පත්වෙන්න ජනාධිපතිට හොඳ පාඩමක් උගන්නන්නත් එක්ක. (බ)
යන එන මන් නැති ඔබලා හිටියට වැඩක් නැහැ. ඉක්මනටම යන්න. එය සන්ධානයට වැදගත් (බ)
ඔය වගේ තීරණයක් ගන්න තිබුනේ මහමැතිවරණයට කලින්. එදා අලුත් පක්ෂයක් හදලා මැතිවරණයට ගියානම් අපි දුන්න ජන්දය ගැන අපිට අද දුක්වෙන්න වෙන්නේ නැ. (බ)
අපි හිතාගෙන ඉන්නේ සන්ධානෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් වෙලා කියල නේ.එක එහෙම නොවෙයිද?(ම)
සමජිකත්වයම යූ එන් පී එකට පාවා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානයෙන් එලවා දැමිය යතුයි. සන්ධානයට ඡන්දෙ දුන් සියලු දෙන අලුත් සන්ධානය එක්කයි. (අ)
කොහේද ඔය කියන සන්ධානයක් තියෙන්නේ ? මැතිවරණයට කලින් කිව්වේ එක දෙයක් , මැතිවරණයට පසු වෙන වෙන දේවල් කිව්වා , දැන් බලය ගන්න බරිවුනහම සම්පුර්ණයෙන්ම වෙන දේවල් තමයි ඇහෙන්නේ . බලය නැතිවුනාම ඔක්කොම කණපිට පෙරලිලා . මේක තමයි ඇත්ත . (අ)
ඒ තීරණය නම් හොඳයි (නි)
ඒකනේ. වැඩේ වැරදියිනේ. කොච්චර පාක්ෂිකයෝ ඉන්න පක්ෂයක්ද? එහෙම කරන එක හරිද? (නි)
ඔබලා ඉක්මනින් අලුත් පක්ෂය හැදුවොත් හොඳයි. ශ්‍රී-ලංකා නිදහස් පක්ෂය අලුත් තරුණ මුහුණු සවිදායකයින් ලෙස පත් කරාවි. (ම)
අනුන්ගේ පහනෙන් එලිය බලනකොට ඔහොම වෙනවා තමුන්ගේ පහනක් හදාගත්ටනම් නේද හොද. (අ)
අලුත් පක්ෂයක් හදලා මැතිවරණයට ගියානම් අපි දුන්න ජන්දය ගැන අපිට අද දුකක් නෑ (ම)
කොන්ද පන ඇති නායකයෙන් නැති උනාම පක්ෂ වලට මෙහෙම් වෙනවා , 29 වතාවක් පරාද වෙලත් රනිල් මහතා පක්ෂේ රැක ගත්තේ කොන්ද පන තිබුණු නිසා , නැතිනම් නායක කමෙන් අයින් වෙන්න කියලා සිරි කොතට ගල් ගහලත් ගියේ නැත්තේ එකනේ . තනියෙන් චන්දෙ ඉල්ලුවත් කවුරුත් පරදිනවා , පෙන්නේ නැද්ද ලක්ෂ 48 ක් ගත්ත රට බෙර ගත්තේ මමයි කියා කියා ගිය ෆොන්සේකා මහතාට වෙච්ච දේ , ඇපත් නැහැ නේද ? (අ)