එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නොලැබුණැයි කියමින් මහජන එක්සත් පෙරමුණේ සෝමවීර චන්ද්‍රසිරි හා ජාතික නිදහස් පෙරමුණේ පියසිරි විජේනායක මහත්වරු අද (22) නවගමුව පත්තිනි දේවාලයට ගොස් පොල් ගැසූහ.
ජාතික ලැයිස්තුවේ නම් ඇතුළත් නොවුණු පරාජිතයන්ට පත්කළ මන්ත්‍රීකම් දීමට එරෙහිව ඉදිරියේ නීතිමය පියවර ගන්නා බව ද ඔවුහු පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලොකු නායකයන් දෙන්නෙක් නේ මේ පොල් ගහගෙන තියෙන්නේ. පොල් ගෙඩි ටිකත් අපරාදේ. (බ)
පොල් ගෙඩිය ගැහුවහම ඔක්කොම හරිද? (නි)
ජයවේවා! (නි)
කොහොමත් කියන ඒවා වෙන්නේ නැහැ (නි)
ඔය පොල්ගෙඩි ගහන්න ඕනෑ ඔතන නෙමෙයි හරි නම් (නි)
මොකක්ද ඉතින් පොල් ගහන එකේ තේරුම? අපරාදේ පොල් ගෙඩි! (නි)
මේ මොන මෝඩ වැඩද? පොල් ගැහුවම ජාතික ලැයිස්තුවට යන්න පුලුවන්ද? නීතිමය වශයෙන් නඩු කියන එක නම් කමක් නැහැ. මේ වගේ වැඩ කරලා කාගෙන් ලකුණු දාගන්නද? පරාජිත අයව ජාතික ලැයිස්තුවෙන් ගැනීම සදාචාරාත්මක නැහැ කියලා ඔන්න උද්ඝෝෂණයක් කළා නම් තව කමක් නැහැ... (නි)
හරි නම් මෙම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ කිසිදු පක්ෂයක අය නොව නිර්පාක්ෂික වූ රටේ වැදගත් උගතුන්, වෘත්තිකයින් සහ කලාවට සාහිත්‍යට විශාල සේවයන් කළ අය පමණි. එහෙම බැරි නම් සියලු දෙනාවම ඡන්දෙන්ම පත්කළ යුතුයි. (නි)
පොල් මදි නම් කියන්න තව පොල් ගෙනත් දෙන්නම් ගහන්න. මෙහෙ පොල් තියෙනවා ඇතිතරම්. මේ වගේ අය තමා පාර්ලිමේන්තුවට යවන්න ඕනෑ. අපේ රට මේ වගේ අයගෙන් කවදා නිදහස්කර ගන්නදෝ? (නි)
අනේ සාධු සාධු සාධු!!! (නි)
පරාජිතයින් පාර්ලිමේන්තුවට යවන එක හොඳද? (නි)
පොල් අපරාදේ විසිකරන්න එපා (නදී)
පොල් ගහලා නම් කරන්න පුළුවන් දෙයක් නැතිවෙයි.නඩුවක් කියලත් කරන්න දෙයක් නැතිවේවි (නි)
පුදුම තරඟයක්නේ තියෙන්නේ මහජනතාවට වැඩ කරන්න. මේකට අපි නම් කියන්නේ බලලෝභීකම කියලයි. (නි)
අපරාදෙනේ මැතිවරණ වලට තරඟ කරන්නේ. ඡන්දෙන් පස්සේ කෙළින්ම පොල් ලොරියක් දේවාලයට ගෙනිහින් ගැහුවා නම් හරි. මන්ත්‍රීකම නිකන්ම ලැබේවි. (නි)
අද සමහරු කාත් කවුරුවත් නැතුව අතරමංවෙලා. (නි)
තමාගේ පක්ෂයෙන් ඉල්ලුවා නම් මෙහෙම වෙන්නේ නැහැනේ.සමහරුන්ට පක්ෂයක් තිබුනට පාර්ලිමේන්තුවට යවන්නේ සහෝදරයෝ විතරයි නේද? (නි)
මේ වගේ මිනිසුන්ද පාර්ලිමේන්තු යවන්නේ? (නි)
වෙනම පොල් ගහන්න අවශ්‍ය නැහැ. (නි)
දැන් ඉතින් වැඩක් වෙයිද? (නි)
අනේ මෙහෙමත් වැඩ! (නි)
පරාජිතයෝ පරාජිතයොමයි.මෙයාල කොහොම ආවත් ජනතාව පිළිගන්නේ නැහැ ආපහු. කිව්වත් වගේ නිර්පාක්ෂික උගත් බුද්ධිමත් පිරිසක් මේ වෙනුවට තෝරාපත්කර ගත යුතුයි. දැන දැන ජනතාව රවට්ටන එකනේ දේශපාලකයෝ කවදත් කළේ. මේකත් ඒ වගේ තමයි. (බ)
මෙන්න මේ වගේ නුගත් අන්ධ භක්තිකයෝද අපි පාර්ලිමේන්තු යවන්නේ අනේ අපොයි (බ)