පරාජය වු අපේක්ෂකයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නොයවා එජාපය දුන් පුර්වාදර්ශය එක්සත් ජනතා නිදහස් සන්ධානය කෙරෙහි ද ක්‍රියාත්මක කරන්නැයි ජාතික සංවිධාන එකමුතුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කළේය.
ජනතාව තෝරා පරාජය කරන ලද්දේ ඔවුන්ට එපා යැය සළකන නියෝජිතයින් වන බැවින් පස්සා දොරෙන් ඔවුන් ඇතුළට ගැනිම ජනතා අපේක්ෂාවන්ට එරෙහිව යාමක් යැයි ජාතික සංවිධාන එකමුතුවේ ජාතික සංවිධායක ගෙවිදු කුමාරතුංග මහතා කීවේය.
ඔහු මේ බව කීවේ නාරාහේන්පිට අභයාරාමයේ අද (21) පැවති මාධ්‍ය හමුවක දී ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැරදුනත් පස්ස දාරෙන් ගන්න ඕනෑනම් ඇයි මිනිසුන්ට බැන බැන මැතිවරණ තිබ්බේ (නදී)
යහපාල මහතාගේ කතාව මසුරන් වටිනවා (නි)
ඡන්දදායකයො ඉවත් කළාට පස්සෙ, ආයෙත් ගෙනල්ලා ඇතුළට දානවා (නි)
හොඳයි, ඒවගේම තමන්ගේ හිතුමතයට පැත්තෙන් පැත්තට පනින එකත් තහනම් කරන්න. ඒකත් ඡන්දය දුන් අයට කරන අසාධාරණයක්.... (නි)
මනාප අඩුවූ පමණින් ඔවුන් පරාජිතයින් හෝ ප්‍රතික්ෂේපවුවන් නොවේ. (නි)
රට ගැන හිතන්නේ නැති පිරිසක් එකතු වී ආණ්ඩු කරන්නේ මොකටද කියලා බුද්ධිමත් ජනතාව දන්නවා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන විකාර කතා කිවුවාට රට විනාශ කරලා තමයි පස්ස බලන්නේ (නි)
මෙය ජනතා පරමාධිපත්‍ය විමසා බලන වෙලාව නිසාවෙන් ජනතා පරමාධිපත්‍යට පයින් ගසා පැරදුන අය ගන්න එපා ජනාධිපතිතුමනි. ජනතාව පරාජය කළ අය නැවත ගන්න එපා. (නි)
විලිලැජ්ජයි අපිටත් එක්ක (නි)
රනිල් හරි තීරණයක් එඩිතරව ගත්තා.ඒ ගැන හරි සතුටුයි.ඉදිරියටත් එවැනි තීරණ ගනී කියා සිතමු (නි)
ජාතික ලැයිස්තුවෙන් බොහෝ දේ තීරණය වේවි (නි)
කරුණාකර මහජන අදහස් වලට ගරු කරන්න.ඡන්දෙ පැරදුන නම් කවදාවත් ගන්න එපා. (නි)
රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා අනෙකුත් සියලුම දේශපාලන නායකයින්ට එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීන් නම් කිරීමේදී හොඳ පූර්වාදර්ශයක් ලබා දී තිබෙනවා. මෙය ඉතාමත්ම හොඳ අගය කළයුතු පියවරක් (නි)
අනේ මන්දා මගේ රටට වෙන්න යන දේ? (නි)
ජාතික ලැයිස්තුවකින් වියයුත්තේ පරාජිතයින් පත්කිරීම නොව ජාතීන් නියෝජනය සහ විද්වතුන් එක්කර ගැනීමයි (නි)
මේ සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව ඡන්දෙ දිනන්නේ ප්‍රචාරය වැඩියෙන් කරන කෙනා. වැඩියෙන් සල්ලි වියදම් කරන්න පුළුවන් කෙනා. වැඩියෙන් බොරු කියන්න පුළුවන් කෙනා. ඒක නිසා මේ පරදින අය සැබෑ පරාජිතයෝ නෙමෙයි. ආසන ක්‍රමය තිබුනා නම් මේ පැරදුනු අය දිනන්න ඉඩතිබුනා. මම නම් කියන්නේ කරන්න ඕනෑ ඉක්මනින්ම මේ සමානුපාතික ක්‍රමය නැතිකිරීමයි. මේ ඡන්ද ක්‍රමයෙන් ජනතා කැමැත්ත විකෘති කරනවා. (නි)
සහතික ඇත්ත.පරාජය වු අපේක්ෂකයන් අවුරුදු පහ ගෙදර තියන්න ඕනෑ (නි)
මුළු රටම එපා කිව්ව අය ඇයි ආයෙත් ගන්නේ? (නි)
අපිත් එකඟයි (නි)
ජනතාව එපා කිව්වට එයාලව පත්කළේ නැත්නම් ඉවරයිනේ! (නි)
යහපාලනය රෙද්ද පල්ලෙන් බේරෙනවා කියන්නේ මේවට තමයි (නි)
අපරාදෙ ඡන්දයක් තියලා සල්ලි කාලය කෑවේ (නි)
ඒක හරි (නි)
ජාතික ලැස්තුවෙන් මන්ත්‍රීවරු පත්කීරීම පටන්ගත්තේ 1978 ව්‍යවස්ථාවෙන් යම් විෂයන් සම්බන්ධව දැනුම තියෙන එහෙත් මනාප ඡන්ද ඉල්ලීමට අකමැති විශේෂ දැනුම ඇති අය පාලනයට සම්බන්ධකර ගැනීමට. එහෙම නැතුව ඡන්දය ඉල්ලලා ජනතාව ප්‍රතික්ෂේප කරපු රටට වැඩක් නැති ගමටත් වැඩක් නැති පුද්ගලින් පත්කරන්න නෙමෙයි. ඔය පත්කරන්න හදන වගේම පත්කළ අයගෙන් කීදෙනෙකුට විශේෂ දැනුමක් තියෙනවද? (නි)
ජනතාව ප්‍රතික්ෂේප කළ කිසිම කෙනෙකු ජාතික ලැයිස්තුවෙන් පත්කිරීම අවංක ක්‍රියාකලාපයක් නොවිය යුතුය. කිසිම පුරවැසියකු මෙයට අවංකවම කැමති වෙන්නේ නැති බව රටම දන්නා රහසකි. (නි)
මේ ඉල්ලීම සර්ව සාධාරණයි (නි)
හොඳ ඉල්ලීමක්. කන්දෙයිද බලමු (නි)
මේක බලවත් වැරැද්දක්. ජනතාව ප්‍රතික්ෂේප කළා නම් එස්.බී පාර්ලිමේන්තුවට ගන්නේ ඇයි? (නි)
ජාතික ලැයිස්තුවෙන් පැරදුන අය ගන්නේ, තමන්ට ඕන හැටියට, තමන් කියන ඕන දෙයකට, අත උස්සගන්න ඕන නිසයි. රනිල් මහතා කාටත් ආදර්ශයක්. ඕකට ඉතින් මැතිවරණ ඕන නැනේ, ඔහොමම ඉතුරු ටිකත් ගන්න තිබුනනේ. (බ)
කතාව සම්පුර්ණ ඇත්ත. කාගෙන්හරි හොඳ දෙයක් ආදර්ශයට ගන්න පුරුදුවෙන්න. (නි)
අපරාද සල්ලි ඕව කරන්න ලංකාව ඡන්ද ඕන නේ මෙහෙමත් රටක් අපරාදෙ මිනිස්සුන්ගෙ බලාපොරොත්තු (බ)
බලමු ඉල්ලීමට කන්දෙයිද කියලා (නි)
ගෙවිදු කුමාරතුංග කියන්නේ සහතික ඇත්ත (නි)
රනිල් වික්‍රමසිංහ මහතා මෙවර දෙවරක් නොසිතා ස්ථිර තීරණයක් ගෙන ජාතික ලැයිස්තුව නම්කර තිබීම පක්ෂ දේශපාලනයේ වැදගත් පියවරකි. හොඳ ආදර්ශයකි. එතුමා ජනතා පරමාධිපත්‍යට හිස නමා ඇති බව පෙනෙනවා. ඔහු යන ගමනට සුභ පතමි. (නි)
ඔය කියන දේවල් අහයිද දැන්? (නි)
යූඑන්පී එක ආදර්ශයට ගන්න. (නි)
අනේ ජනාධිපතිතුමනි, ජනතාව පරාජය කළ අය නැවත ගන්න එපා. එය වැරදි පූර්වාදර්ශයක් වේවි (නි)
කවුරු ගත්තත් කමක් නැහැ එස්.බී. ගන්නේ නැතුව. (නි)
රටට අවශ්‍ය මිනිස්සු ජනතාව තෝරා සිටියදී, ජනතා කීමට අහක බැලීමක් මෙය. කවදාවත් ජනතාවගෙන් ආයේ සහයක් ලැබෙන්න නැහැ, මෙවැනි ලොකු වැරදි වලට (නි)
ගණන් ගන්න එපා ගෙවිදු මහත්තයෝ.ද්‍රෝහීන් හඳුනාගන්න ජනතාවට තවත් අවස්ථාවක් දී තිබෙනවා.ද්‍රෝහීන්ට විරුද්ධව ජනමතය පෙළ ගස්සවන්න මහින්ද මහතාව පෙරටු කරගෙන.ඒ වගකීම ඔබතුමන්ලාට බාරයි. (නි)
එස් බි පරාජය වුණේ ඒ ප්‍රදේශයේ ජනතාවට ඔහුව අනවශ්‍ය නිසා. ඉතින් මොකටද ජාතික ලැයිස්තුවෙන් පත්කරන්නේ. (නි)
අනිවාර්යයෙන් ගෙවිදු කුමාරතුංග මහතා එක්ක අපි 100%ක් එකඟයි.මිනිස්සු ඡන්දෙ නොදී පරාද කළේ එපා නිසයි.ආයෙත් එයාලා පස්ස දොරෙන් ගන්න කව්රු තීරණය කළත් එය ජනතා තීරණයට පිටුපෑමක්. (නි)
ජනතාව ඡන්දයෙන් එපා කියපු අය ජාතික ලැයිස්තු පිලෙන් ගැනීම වැරදිය (නදී)