එක්සත් ජනතා නිදහස් සන්ධනයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ මන්ත‍්‍රීවරුන්ගේ ධූර බලරහිත කරන ලෙස ඉල්ලා මහජන එක්සත් පෙරමුණු උපසභාපති සෝමවීර චන්ද්‍රසිරි ගොනු කළ ඡන්ද පෙත්සම ජුනි 29 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (18) තීන්දු කළේය.
පෙත්සම සලකා බැලීම කල් දමන ලෙස වගඋත්තරකාර පාර්ශවයේ නීතීඥවරුන් කළ ඉල්ලීමකට අවසර දෙමින් මෙලෙස පෙත්සම කල් තැබිණි.
අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී.නවාස් මහතා ඉදිරියේ පෙත්සම කැඳවිණි.
මැතිවරණ කොමසාරිස්, සන්ධානයේ හිටපු ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත, එම සන්ධානයෙන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත‍්‍රීවරුන්, නීතිපතිවරයා ඇතුළු 14 දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැරදුණු දෙස්පාලකයෝ පාර්ලිමේන්තුවට වැඩක් නැහැ. ඔවුන් ගමට,රටට සේවය කරලා නැහැ ,ඔවුන් නුසුදුසු නිසයි මැතිවරණයේදී ප්‍රතික්ෂේප කළේ. අපි නම් කියන්නේ පස්ස දොරෙන් පාර්ලිමේන්තුව අරගෙන මැති ඇමතිකම් නොදෙන්න කියලයි. ඡන්ද තියල රට මුදල් නාස්ති නොකර ,බලය ඉන්න රජයට කැමති නියෝජිතෝය පත් කරගන්න එක ඊට වඩා හොදයි. (බ)
කොහොමත් 2020 විතරවත් වේවි තීන්දුව එනකොට (නි)
මෙවැනි නඩු කල්දමා දම සිටිනවා මිසක් කිසිදා තීන්දුවක් නම් නොලැබේ. මේ නඩුවට, එජාපයේ ජාතික ලැයිස්තුවට එරෙහි නඩුවට, ජාතික ගීයේ නඩුවට, ඔය කිසිවකට තීන්දුවක් කිසිදා නොලැබේවි. එයයි අපේ අධිකරණ පද්ධතියට පවතින ආණ්ඩුවලින් ලබාදෙන 'ස්වාධීනත්වය'. (නි)