සන්ධාන ජාතික ලැයිස්තුවේ ඉන්දියා රෝ (පර්යේෂණ හා විශ්ලේෂණ අංශයේ) ඔත්තු සේවයේ සාමාජිකයකුද සිටින නිසා තමාගේ නම ඉල්ලා අස්කර ගත් බව මහාචාර්ය නලින් ද සිල්වා පැවිදි හඬ සංවිධානයේ රැස්වීමකදී අද (15) ප්‍රකාශ කළේය.

එහෙත් ඔහු ඒ කවුදැයි නම් කළේ නැත. ඉන්දියාවේ රෝ සංවිධානයත් ඇමරිකාවේ සීඅයිඒ සංවිධානයත් අද ශ්‍රී ලංකාවේ නොයෙකුත් දේ කරතියි ඔහු චෝදනා කළේය.

ඉන්දියාවත් ඇමරිකාවත් එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.