එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුව නම් කරනු ලැබීය.
සරත් අමුණුගම, ඩිලාන් පෙරේරා, විජිත් විජිතමුණි සොයිසා, එස් බී දිසානායක, මහින්ද සමරසිංහ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, තිලංග සුමතිපාල, අංගජන් රාමනාදන්, එම් එල් ඒ එම් හිස්බුල්ලාහ්, මලිත් ජයතිලක, ෆයිසර් මුස්තාපා, ඒ එච් එම් ෆවුසි ඔවුහුය.
මැතිවරණයට පෙර මැතිවරණ කොමසාරිස්ට බාර දුන් සන්ධාන ජාතික ලැයිස්තුවට හිටපු පාර්ලිමනේ්තු මන්ත්‍රීවරු 11ක් දෙනෙක්ගේ නම් ඇතුළත් වූහ.
ඒ එච් එම් ෆවුසි, මහාචාර්ය ජී එල් පීරිස්, ඩිව් ගුණසේකර, මහාචාර්ය තිස්ස විතාරණ, ආචාර්ය සරත් අමුණුගම, තිස්ස අත්තනායක, ඩිලාන් පෙරේරා, ජේ ශ්‍රී රංගා, රෙජිනෝල්ඩ් කුරේ, ජීවන් කුමාරතුංග, ටිරාන් අලස්, ප්‍රභා ගනේෂන්, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා, මහාචාර්ය රජීව් විජේසිංහ සහ පියසිරි විජේනායක ඔවුහුය.
ජාතික ලැය්ස්තුවේ නම් කර සිටි සෙසු පිරිස වූයේ මහාචාර්ය මොහොමඩ් හුසේන් රිස්මි ෂෙරිෆ්, මලිත් ජයතිලක, ශිරාල් ලක්තිලක, මහාචාර්ය කොල්වින් ගුණරත්න, මහචාර්ය කපිල ගුණසේකර, ආචාර්ය බී ඒ රත්නපාල, කරුපයියා ගනේෂමූර්ති, ලෙස්ලි දේවේන්ද්‍ර, සෝමවීර චන්ද්‍රසිරි, එම් එස් උතුමා ලෙබ්බේ, ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ, එම් එෆ් එම් මුසම්මීල් සහ ගෙවින්දු කුමාරතුංග ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නේ නැති කමට අහන්නේ ... මේකට ද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ? (ම)
රනිල්ව ආදර්ශයට ගන්න. මෙහෙම ගියොත් පොදු පෙරමුණට ඡන්දෙ දෙන මිනිස්සු නැති වෙයි. මෙහෙම කරන්න ඡන්ද තියන්නෙ මොනවටද අපෝ යහපාලනය දුකයි තරහයි. ලැජ්ජයි අපට. (නදී)
මට නම් දැනුනේ අපේ ඡන්දය ගැන පුදුම කළකිරීමක් (නදී)
අනේ කෝ අපේ මර්වින් සිල්වා? (නි)
අනේ මට හරිම දුකයි අපේ ජී. ඇල්. ලොක්කට සහ පනින තිස්සට වෙච්ච අකරටබ්බය ගැන. හොඳ අපුරුවට පක්ෂේත් එක්ක හිටියනම් අද මේ දෙන්න ඉන්න තැන හිතාගන්න පුළුවන් ඕනෑම කෙනෙකුට. ඕක තමා කියන්නේ පනින්න පෙර සිතා බලනු කියල මහත්තයෝ.(නදී)
ඇරසොයිසගෙ එහෙම ආයෙත් කල්ල මරේ. ජනතාවට එපා වෙච්චි මේ නඩය නැතිව මෛත්‍රී මහත්තයට රට ගෙනියන්න බැරිද(නදී)
ජවිපෙට ජයවේවා! (නි)
මම හිතුවා නන්දිමිත්‍ර මහතාටත් අවස්ථාවක් දෙයි කියලා (නි)
ප්‍රතික්ෂේපිත පුද්ගලයින්ට අපි කැමති නැහැ (නි)
නියම යහපාලනය! (නි)
ලංකාවේ දේශපාලනය 'යහ' පාලනයක් වෙන්න තව බොහොම කාලයක් යාවි. එතෙක් කෝඳුරු තෙල් හත් පට්ටය එක්රැස් කිරීමේ පාපය සහ වෙහෙස පරම්පරා ගණනකට උහුලන්නට වෙනවා. මේ අපි දකින යහපාලනය මායාවක් වෙන්න හොඳටම ඉඩ තිබෙනවා. එළඹ සිට සිහියෙන් කටයුතු කරනු විනා අපේක්ෂාභංගත්වය අනවශ්‍යයි. මේ 'ජයෙන්' උදම්වීම, ඊට මුලාවීම හෝ එයට ගැරහීමද නිරර්ථකයි. එයට පහර දී විනාශ කිරීමට එතුලම අධම බලවේග එක්රැස් වෙනවා. එයට මුහුණ දීම එතුල සිටින නායකත්වයේ පෞරුෂය හෝ ශක්තියම මත පවතින දෙයක්. අපිට කළහැකි කිසි දෙයක් නැහැ. ඔහොම යන්න දෙමු. (නි)
පිවිතුරු යහපාලට උත්තර දෙන්න ගියොත් මට අනවශ්‍ය වචන මතක් කරන්නයි වෙන්නේ. ඒ නිසා මට කියන්න තියෙන්නේ ඔය කියන පිවිතුරු යහපාල දන්නේ නැහැ රටේ තියෙන සාමකාමී වාතාවරණය ගැන කියලයි. මෝඩකම රටටම පෙන්නන්න යන්න එපා. (නි)
මේ වැඩ ගැන පුදුම කළකිරීමකින් ජනතාව ඉන්නේ. (නි)
නැවත මගේ ඡන්දය කවදාවත් මෛත්‍රිපාල ජනපති ප්‍රමුඛ නිදහස් පක්ෂයට නොදෙමි (බ)
නැවතත් රට කන්න ඇවිල්ලා.මේවට අපි අපිටම ගහගන්න ඕනෑ. (නි)
බලාගෙන ගියාම සන්ධානය කියන්නේ අපි හිතපු විදියේ දෙයක් නෙමෙයිනේ (නි)
මිනිස්සු ප්‍රතික්ෂේප කළ දේශපාලුවෝ නැවත ගෙනා එක තරම් දෙයක් නැහැ. ඒ අතින් රනිල් කතාව ක්‍රියාවෙන්ම ඔප්පු කරලා තියනවා (නි)
ඔක්කොම කරන්නේ අපිව රවට්ටන එක (නි)
මේක නම් ලෝක වාර්තාවක් වෙන්නත් බැරි නැහැ (නි)
මේක කරගන්නද මෙච්චර දැඟලුවේ? (නි)
දැන් කට්ටිය අර වස බෝතල් ටික හොය හොයා දුවනවා ඇති (නි)
මේ මොකද වෙන්නේ? අයියෝ අපේ අයිතිය! (නි)
සිවිල් සංවිධාන සහ දේශප්‍රේමින් පුන පුනා කිවේ පක්ෂයට කෙසේවෙතත් දුෂිතයන්ට මනාප දෙන්න එපා කියලා. මිනිසුන් දුෂණ චෝදනා ඇති අයට මනාප ගැසීමෙන් වැළකුණා. සන්ධානය ජනතාව විසින් ගෙදර යවපු පුද්ගලයන් ජනමතයට විරුද්ධ වෙමින් පාර්ලිමේන්තුවට ගෙනයනවා. ලබනපාර මිනිස්සු මනාප දීම කෙසේවෙතත් සන්ධානයට කතිරය ගැසීමෙන් වැළකේවි. රනිල් කෙළින් තීරණ ගනිමින් ජනප්‍රිය වෙමින් වැඩිපුර පාවෙන ඡන්ද තම ගොඩට දමාගන්නා අතර දුන් පොරොන්දු කඩනොකරන පිරිසිදු නායකයෙක් ලෙස සිවිල් සංවිධානවල , සුළු ජාතිකයන්ගේ , සිංහල බෞද්ධයන් අතර සහ ජාත්‍යන්තරයේ නමක් හදා ගන්නවා (නි)
මේ කට්ටියව බැලුවම පේනවා මේ ඉන්නේ කාගේ කට්ටියද කියලා. මේ කට්ටියව පත්කරන්න හේතුව අපි දන්නවා (නි)
ජාතික ලැයිස්තුවෙන් පරාජිතයන් පත්කිරීමෙන් අපට ඔප්පුවු කාරණා බොහොමයකි (නි)
ඒක ඇත්ත. පැරදුනු අයට ජාතික ලැයිස්තුවෙන් යන්න නම් ඡන්දෙ වැඩක් නැහැනේ. (නි)
මට නම් දැනෙන්නේ පුදුමාකාර කළකිරීමක් (නි)
සුදුසු පුද්ගලයන් පමණක් ඉදිරි මහා මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගැනීම රටේ සමස්ත ඡන්දදායකයන්ට පැවරී ඇති මහඟු වගකීමක් කියලා නේද කිව්වේ ඡන්දෙට කලින්? දැන් ඒ වගකීම් ඉටුකළ ඡන්දදායකයින්ට සළකන්නේ මෙහෙමද..? (නි)
රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ලබාදුන් පූර්වාදර්ශය ගැන බැලුවහම මේ අය ගැන හරි ලැජ්ජයි. (නි)
ඡන්දය නොදුන් ජනතාවට මගේ ප්‍රණාමය! (නි)
රටට ඕනෑ නැති දේශපාලකයන් පාර්ලිමේන්තුවට යවලා මොනවද මේ කරන්න හදන්නේ? (නි)
අනේ තිස්ස මහත්තයට වෙච්ච දේ මම මේ කල්පනා කළේ. ඉවසීමෙන් හිටියා නම්...... අද එහෙනම් කොහෙද. (නි)
අයියෝ අපි මොකටද ඡන්දයක් තිබ්බේ? (නි)
ජාතික ලැයිස්තුව තියෙන්නේ රටට සේවය කළහැකි උගත් බුද්ධිමත් වෘත්තිකයන්ටයි. මේ අය කවුරුන්ද? පරාජිත දුෂිත අය නේද? (නි)
රනිල්ගේ ජාතික ලැයිස්තුව බලන්නකෝ. මොනතරම් හොඳද. මේකෙන් පොදු පෙරමුණ කරගත්තේ තවත් ඡන්ද ටිකක් අඩුකර ගැනීම සහ යු.එන්.පී . එකට තවත් ඡන්ද ටිකක් එකතුකළ එකයි. (නි)
හිරු නිව්ස් වල අන්තිමේට කිව්වේ ඊළඟ පාර දෙමල සන්ධානෙට දෙනවා කියල එ්ක කරන්නත් මිනිසුන්ට තව අවුරුදු 5 ක් බලන් ඉන්න වෙනවා පැරදිච්ච කට්ටිය අාපහු දාලා ගරු ජනාධිපතිතුමා එතුමාගේ ගරු නමට අගරු එකතු කර ගන්නව මගේ ඡන්දෙත් ජනවාරි 08 දුන්නේ එතුමාට ඒකට මම දැන් දුක් වෙනවා මට වැරදුනා කියල එ්ත් එ්ක හදන්න පුළුවන් වෙන්නේ තව අවුරුදු 05 කින් එතකන් බලාගෙන ඉන්නවා (බ)
එයාලට හොඳ නම් අපිට මොකෝ? (නි)
බලනකොට කවුරුත් එකයි (නි)
මෙන්න යහපාලනය... (නි)
මහජනතාව පැරදවූවන් ගැනීම යහපාලනයද? (නි)
දූෂිතයෝ කිහිප දෙනෙක් සන්ධානෙන් තේරුණා. උදාහරණ අවශ්‍ය නෑනේ. මේ පැරදුණ අය ඔක්කොම මෛත්‍රී මහත්තයාට උදව් කළ අය. ඒ අයට මනාප දෙන්න එපා කියලා මහින්ද මහත්තයයි එයාගේ අනුගාමිකයොයි වෙනම කැම්පේන් එකක් ගෙන ගිය නිසා මෙයාලා පැරදුණේ (බ)
බුද්ධිමතුන් බහුතරය එළියේ...... (නි)
මේකෙන්ම අපිට බොහෝ දේවල් තේරුම්ගන්න පුලුවන් (නි)
මට නම් දැනුනේ අපේ ඡන්දය ගැන පුදුම කළකිරීමක් (නි)
ඔව් පිවිතුරු යහපාලන හැමදාම නත්තල් නෑ යුන්පී ඡන්ද දායකයෝ පත් කරපු මනුෂලා පබාලා මහින්ද සමරසිංහලා ගන්න කොට හිරිකිතයක් නැතුව අත් උස්සගෙන හිටිය ඔයාලා දැන් කළ පව් පළ දෙන කාලේ ආවාම දගලනවා. ඕවා තමයි දිට්ට ධර්ම වේදනිය කර්මය. (බ)
මොකටද ඡන්දයක් තිබ්බේ ජාතික ලැයිස්තුවෙන් සේරම ගන්න තිබුනනේ (බ)
මෙයත් හරියට ඒ ලෙවෙල් වගේ ආසනයෙන් පැරදුනත් මුළු රටෙන්ම දිනුම් වගේ ජාතික ලැයිස්තුවට ආසනය අදාල නැහැ වගේ ජාතිය ආසනය වෙනස් අරුතක් (බ)
ඌරාගෙ මාළු ඌරාගෙම ඇඟේ තියලා කපලා වගෙයිනේ.ඔහොම යමු ඔහොම යමු.අද මේ කණට ගැහුවේ සන්ධානයට ඡන්දය දුන් ජනතාවට.ඔවුන් පෙළගැස්සවූ ජන නායකයින්ට. හැබැයි ප්‍රවේශමෙන්. හැමදාමත් නත්තල් නැහැ කියනවනේ. (නි)
අපගේ පුර්ණ විරෝධය! මේකටද අපි ඡන්දෙ දුන්නේ? ජනතාව එපා කියපු අය පත්කරලා. ජනාධිපතිතුමනි, මේකද ඔබ අපිට පොරොන්දු වුණ යහපාලනය? මේකද ආදර්ශය? පුදුම අපැහැදීමක් තියෙන්නේ දැන්නම් (නි)
පරාජිතයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යනවා නම් ජනතා පරමාධිපත්‍යයට මොකද වෙන්නේ? (නි)
මිහිර,ඔය රට ගෙන දෙපාරක් සිතන්න .ගේ කුරුළු මොලයක් තිබීම ගැන දුකයි (ම)
ජාතික ලැයිස්තුවකින් වියයුත්තේ පරාජිතයින් පත්කිරීම නොව ජාතීන් නියෝජනය සහ විද්වතුන් එක්කර ගැනීමයි. ජනතාව එපා කියපු අය පත්කරලා. ජනාධිපතිතුමනි, මේකද ඔබ අපිට පොරොන්දු වුණ යහපාලනය?(ම)
පැරදුන අය ගන්න එකේ තේරුම මොකක්ද? (නි)
අත්තෙන් අත්තට පැන පැන හිටි මහාචාර්යලට වුණේ ඒදණ්ඩෙන් යාමට බැරිවීමය. ජනාධිපතිතුමාට අපහාස කළ සියලු දෙනාටම දෛවයේ සරදම අත්වී ඇති බව සනාථ වී ඇත. (නි)
අපිට කියන්න මොකුත්ම ඉතුරු කරලා නැහැ.යහපාලනය බේරෙනවා.මිනිස්සු ප්‍රතිෂේප කළ දේශපාලුවෝ නැවත ගෙනා එක තරම් දෙයක් තවත් කොහෙද? ඒ අතින් රනිල් කතාව ක්‍රියාවෙන්ම ඔප්පු කරලා තියනවා (නි)
රුපියල් කෝටි 7ක් විතර වියදම් කරලා මහජන මතයට පයින් ගහලා කරපු දේ නරකම නැහැ (නි)
මේ නීති හදපු අය ගැනත් දැන්නම් පුදුම තරහක් එන්නේ (නි)
මෙයයි ආරම්භය... (නි)
මිනිස්සු ප්‍රතික්ෂේප කළ අයව ආයෙත් පාර්ලිමේන්තුවට අරගෙන. මෙහෙමත් ආණ්ඩු? (නි)
පැරදුන අයට මන්ත්‍රීකම් දෙනවා නම් මොකටද ඡන්ද? (නි)
අපි සන්ධානෙට ඡන්දෙ දුන්නේ රටට වැඩක් කරන්න පුළුවන් පිරිසිදු පුද්ගලයින් පාර්ලිමේන්තුවට යවන්න. පැරදුන එකම හේතුව ජනතාවට සේවයක් නොකළ නිසයි. ඔවුන්ගෙන් රටට යහපතක් නැහැ.ඒකයි ජනතාව නිවැරදිව තීරනය කළේ.ජනතාවගේ ඡන්ද අයිතිය මංකොල්ලකාලා පස්ස දොරෙන් දේශපාලුවෝ පාර්ලිමේන්තුවට ගැනීමට අපි තරයේ විරුද්ධ වෙමු.කරුණාකරලා මේ වැඩේ නතර කරන්න. (නි)
ඇත්ත ජනක, රනිල් හොඳයි බලාගෙන ගියහම.(නදී)
ජන්දයක් තියන්න සල්ලි වියදම් කළේ අපරාධයක්නේ ..(ම)