නිට්ටඹුව හතරමං හන්දියේ අනවසරයෙන් සවිකර තිබූ දැවැන්ත ඡන්ද පුවරුවක් ඉවත් කළ ගම්පහ දිසාපති කාර්යාලයේ නිලධරයන් දෙදෙනකු හා එය ගැලවූ පිරිස නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාගේ ආධාරකරුවන් විසින් බලෙන් රඳවාගෙන සිටිතියි නගරවැසියෝ කියති. එම කටවුට් පුවරුවෙන් දැක්වෙනුයේ ජනපති රුවයි.
සන්නද්ධ පොලිස් පිරිසක්ද එහි සිටින නමුත් රජයේ නිලධරයන් දේශපාලනඥයන් ගේ ග්‍රහණයෙන් මුදා ගැනීමට නොහැකිවී ඇතැයි දැන ගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩේ කලේ විශ්ව විද්‍යාල සිසුවන් නම් පොලිසිය බලාගෙන ඉඳීද? (නදී)
නිට්ටඹුවේ ජනතාවගේ බුද්ධි මට්ටම පෙන්වන්න තිබෙන හොඳම අවස්ථාව 8 වෙනිදා. (නි)
කොටි ත්‍රස්තයන්ගෙන් මේ රට බේරාගත්තා වගේ දේශපාලන මැරයන්ගෙන් මේ රට නිදහස් කරන්නේ ජනවාරි 8 වෙනිදා ජනතාව විසින්. ඒක කළයුතුමයි. (නි)
සිල්වා ඔබ තුමා හරියටම හරි (නදී)
එක් පැත්තකට පමණක් කත්අදින දේශපාලන ගැත්තන් මෙවැනි ක්‍රියා ගැන කියන්නේ මොනවාද? (නි)
මේ කැලෑ නීතිය වෙනස් කිරීමට 8 වෙනිදා හංසයා ඉදිරියේ පෙළ ගැසෙමු. හරි තීරණයක් ගනිමු. නීති ගරුක සාදාරණ යුක්ති ගරුක සමාජයක් උදෙසා මෛත්‍රී වටා එක්වෙමු. (නදී)
මේක තමා යහ පාලනය , මේකට විසදුම ඇත්තේ ජනතාව අතේය , කලබල නොකර සාමකාමිව සිට අට වැනිදා උදෙන්ම ඡන්ද පොළට ගොස් කතිරය ගසා ගෙදර යන්න .(දිල්)
ගොඩක් හොදයි, එහෙනම් කට්ටියම දිනුම් (දිල්)
කාලෙකින් ගොඩක් සිද්ධි අහන්න ලැබෙනවා (දිල්)
මෙහෙම පාලනයකටද තව පාරක් ඡන්දෙ ඉල්ලන්නේ ? (දිල්)
මොකක්ද මේ රටට වෙන්න යන්නේ? මෙහෙම කට්ටියද තව සැරයක් බලයට එන්න දගලන්නේ ?? (අ)
ගොඩාක් හොද වැඩක් . අපේ ජනාධිපති තුමන්ට උදව්වට ඕන, මෙන්න මේ වගේ තග් හාදයෝම තමයි .(අ)
මොන නීතියක්ද මේ? (අ)
කියන්නත් ලැජ්ජයි දැන්නම් රට යන පැත්ත ගැන හරිම දුකයි. (අ)
දැන් රටේ තියෙන්නේ "යහ පාලනයක්" නෙමෙයි "(අ)
සිල්වා ඔබ හරි අපට ඇති එකම දේ ඒකම තමයි, එත් කෝ මේ මැකෝ? (හේ)
අපගේ ගෝත්‍රික මානසිකත්වය පිළිබිඹු කරන තවත් අවස්ථාවක්. (හේ)
කඩප්පුලි දේශපාලුවන්ගේ දේශයක් මේක. ජනවාරි 8 වැනිදා රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටුකර යක්ෂින්ගෙන් රට මුදවාගන්න. (අ)
ඕක තමි ලොව දිනන මග (අ)
යහපාලනය, අවෛරී දේශපාලනය කෝ ? (නදී)
8 වැනිදාගෙන් පස්සේ මොනා වෙයිද?(හේ)
මේක තමා යහ පාලනය , මේකට විසදුම ඇත්තේ ජනතාව සතුය , කලබල නොකර සාමකාමිව සිට අට වැනිදා උදෙන්ම ඡන්ද පොළට ගොස් කතිරය ගසා ගෙදර යන්න .(හේ)
8 වෙනිදට පක්ෂ විය යුත්තේ යහපලනයටයි මේ අද පවතින යථාර්තයයි (අ)
"සාගිනින්......පෙළෙනවුන් දුෂණෙන්......මිරිකෙනුන් භීෂණෙන්.....පෑගෙනුන් නැගිටියව්....... " (අ)
සන්ධාන ගෝලයෝ රාජ්‍ය ආරක්ෂාව සහිතව ඕවා කරන්නේ , ජනතාව 8 වෙනිදාට මේවා තේරුම් ගෙන තම වටිනා ඡන්දය පාවිච්චි කරේ නැතිනම් , ඉදිරියේදී ඉඩි අමින්ගේ , සදාම්ගේ හෝ ගඩාපිගේ ක්‍රමය යටතේ ජීවත්වන්නට සිදුවේ (අ)
බොහොම හොදයි. අට වෙනිදා මෙවැනි දේවල් යලි නොදකින ලෙස වැඩ කටයුතු ඉෂ්ට කිරීම ජනතාවට භාරය.(හේ)
මෙය නිල නොලත් ඡන්ද ප්‍රතිඵලයක්.(හේ)
මේ භීෂණය තුලින් මොහු බලයට ආවොත් නීත්‍යානුකුල ලෙස පත්වූ ජනාධිපති කෙනෙක් ලෙස පිළිගන්න එපා කියා ජනමතයක් ගොඩ නගනවා.(නදී)
තව ටික දිනයි. යන යකා කොරහත් බිදගෙනලුනේ යන්නේ (නදී)
දැන් නම් පොලිසියට බලා සිටීම හැර වෙන මොකුත්ම රාජකාරියක් කරන්න බැහැ වගේ. (නදී)
සිල්වා, හරි. (ර)