සන්ධාන ආණ්ඩුවට එරෙහිව ජනතාව පාරට බැස්සේ ගමට වැඩක් නොවූ නිසා යැයි තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහ නා හිමියෝ බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාට පැවසූහ.
හිටපු ජනපති නියෝජනය කළ හම්බන්තොට ට වරාය, ගුවන්තොටුපොළට වඩා අවශ්‍ය වෙනත් දේවල් තිබූ බවත් ඒ හිමියෝ පැවසූහ.
මහ නුවර දළදා මාලිගයට ගිය මහ අමැතිවරයා අද ඒ හිමියන් බැහැ දකින්නට ගියේය.
මහ නාහිමියෝ මෙසේ ද පැවසූහ.
‘අත ලකුණ අමතකර කර ශ්‍රීලංකා නිදහස් පක්ෂය සෙසු පක්ෂ සමග සන්ධාන ගත වූ සෑම අවස්ථාවකම සිදුවූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති යටපත් වී ඡන්ද පදනමක් නැති අනෙක් පක්ෂවල මතය හා ප්‍රතිපත්ති ඉදිරියට ඒමයි. මේ හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානවලින් ජනතාව අපේක්ෂා කළ සේවය ඉටු වුණේ නෑ. ශ්‍රීලනිපයට තම අනන්‍යතාව රැක ගනිමින් අත ලකුණින් තරඟ කරන්නට තිබුණා.
බලය ලැබුණු වහාම ගම අමතක කරන ඇතැමුන්ට ගම මතක් වෙන්නේ ඡන්දයක් ළං වූ අවස්ථාවේදියි. ගමට ජනතාවට වැඩ කරන්න බලය අවශ්‍යම නෑ. සජිත් ප්‍රේමදාස මහත්තයා බලය නොමැතිවත් එම සේවාව පසුගිය කාලය පුරා කළා.
පක්ෂ කැඩුණු අවස්ථා අතීතයෙත් තිබුණා. සිරිමාවෝ මැතිනිය එක පැත්තක, චන්ද්‍රිකා මහත්මිය තව පැත්තක. අනුර තවත් පැත්තක සිටි යුගයක් ද තිබුණා.
පසුගිය හය මාසයේ දී රටට කිසිම වැඩක් වුණේ නැතැයි මහ ඇමැති මහා නාහිමිට කී විට මහා නා හිමි කීවේ වැඩක් කරන්නට ඉඩක් නුදුන් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ තොටේ පොඩ්ඉක් වැඩියා නම් නරකද ? (නදී)
මහින්ද යුද්දේ පිටින් දල තමන්ගේ හොරකම් වහගන්න අපහු එනවට අපිත් විරුද්දයි (ස)
සජිත් කරපු වැඩ දන්නේ හම්බන්තොට අපිනේ. එයාගේ කතාව විතරියි. වැඩ නැහැ. (ස)
ඔබ වහන්සේ පාට කණ්ණාඩි දාලා බලන්න එපා අපේ ගෞරවය නැති වෙනවා (ම)
අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කොහේ හිටියද මන් මහින්දට වැඩි ඡන්ද ලැබුණේ ගම් වලින් (ම)
නාගරික නිකායට අයත් හිමි නමක් (ම)
දේශපාලනේ කතා නොකලා නන් හොදයි නේද නායක හාමුදුරුවනේ. අපේ ගමේ පාර කාපට්කලේ නම් සංධාන ආංඩුවෙන්. ඒ හින්ද ගමට වැඩක් නොකලයි කියන එක වලංගු නැහැ. (නදී)
ඔබ වහන්සේ පක්ෂපාති වෙන්න එපා අපේ ගෞරවය නැති වෙනවා (නදී)
මෑත කාලයේදී මේ රටේ සිංහලයාට බොදු අයිතියට කිසිම ආරක්ෂාවක් ලැබුනේ නැහැ. අවශ්‍ය තැනදී බෞද්ධ චීවරයේ හැකියාව නොපෙන්වන කවුරුත් එයට වගකිව යුතුයැයි මම සිතනවා.භික්ෂූන් වහන්සේලා හරියට මේ රට දූෂණයෙන් ගොඩ ගැනීමට ක්‍රියාත්මකව වැඩියානම් ඔය දේශපාලුවෝ දණ ගහනවා. (නි)
හාමදුරුවනේ රටට ද්‍රෝහී වෙන්න එපා (ස)
අනේ හාමුදුරුවනේ තනතුරේ ගරුත්වයට සරිලන විදියට කතා කරනවා නම් සසුනට හොඳයි නේද?
බුද්ධාගමේ රටම පිළිගත් අපේ හාමුදුරුවන්ට අපේම රටේ මහ ලොකු සමහර බෞද්ධයෝ කතාකර තිබෙන විදිය දකිනකොටත් ලැජ්ජා හිතෙනවා මට (නි)
බුදුන්ගේ නායකත්වය පිලි නොගැනීමේ අාදීනව (ස)
ගමට ගිහිල්ලා බලන්න (නදී)
ඉතාම පක්ෂපාති මහනායක නමක් (ම)
දේශපාලනය ඒගොල්ල්ලන් කරපුවාවේ . (අ)
නුවන්, ඔයාටත් කියන්න තියෙන්නේ බොරුවට රැවටෙන්න එපා කියල තමයි. (බ)
අනේ විපුල උන්නැහැ දැන්නැති දේ නොකියා ඉන්නවකෝ . බත්තරමුල්ලේ කාණු හදනවා තාම. ජන්දයට කලින් පටන් ගත්තේ ඕන පුත්තලම් බුරුවෙක්ට පේනවා උන් ඒකෙන් ගසා කන හැටි. ඒ වගේ තමයි පහු ගිය මහින්ද රජය කරපු හැම දේම. ගසා කන මොන ආණ්ඩුවත් කරනවා කිව්වට මහින්දගේ ආණ්ඩුව තරම් කවුරුත් ගසා කෑවේ නැහැ. අර විමල් විරවංශයේ ලක්ෂ 25 බස් හෝල්ට් එක. ඒ වගේම ගෝඨාභය දියවන්නාව උඩින් හදපු කෝටි 550 පාලම දිහා බලන කොට බත් කන හරකෙක්ට හැරෙන්න අනිත් හැම මිනිහටම පේනවා සංවර්ධනයත් එක්ක කරපු ගසා කෑම. (බ)
දේශපාලකයෝ වුනාම රටට ජනතාවට සේවයක් කළ යුතුයි. ඒ නිසානේ ජනවරමක් ලැබෙන්නේ.රට සංවර්ධනය කරා ගෙන යන ගමනේදී ඒ හා සමානවම නොදියුණු සංවර්ධනය නොවූ දුෂ්කර පළාත් රට තුළ කොච්චරනම් ඇත්ද බලධරයන්ගේ ඇහැට නොපෙනෙන.පෙනුනත් නොපෙනෙන ගානට ඉන්න දේශපාලකයෝ අද දේශපාලනය කරන්නේ.කිව්වත් වගේ ඡන්දයක් කිට්ටු වෙද්දීනම් මේ හැමෝටම දුප්පතාගේ දුක හොදට තේරෙනවා. (බ)
දළදා මාලිගාවට කොටි එල්ල කල ප්‍රහාරයත් කොටියන් පරාද කිරීමට නායකත්වය දුන්නේ කව්ද යන්නත් ඔබ වහන්සේගේ මතකයේ තියේනම් ඒ ඇති. ඔබ වහන්සේගේ තනතුරට ඔය වැනි ප්‍රකාශ නොගැලපේ (ස)
තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහ නා හිමියෝ කියපු උපදෙස් පරිදි මෙම පිරිස කටයුත කරයි කියලා මම නමි හිතන්නේ නෑ. රාජපකෂලා මෙගොල්ලන්ගේ මොළය තුල ඉන්නකල් බෑ. (ස)
සත්‍යවාදීව දැකීමත් , එලෙසම ප්‍රකාශ කිරීමත් බුද්ධ පුත්‍රයන් වහන්සේ කෙනෙක් සතු වගකීමක් වගේම යුතුකමක් , උන් වහන්සේ කළේ ඒ යුතුකමයි නැතුව දේශපාලනයක් කරලා නැහැ , රජදරුවන්ගේ පවා ගුණදොස් දැකල කතා කරලා අවවාද අනුශාසන කරලා වැරදි පාරෙන් නිවැරදි මගට ගත්තෙත් අපේ උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේලා බව හැමෝම මතක තිය ගත්තොත් හොඳයි , හැබැයි ඉතින් රජවරු කියල හිතාගෙන රඟපාපු අයටනම් අපේ නා හිමිවරු කියන දේ ඇහුනේ නැහැ වගේ හිටිය හිටියද ඒ උතුම් ඔවදන් ඉවත දැම්මද දන්නේ නැහැ , නිකමට හරි මේ උතුම් නා හිමිවරු කියන දේ ඇහුවනම් අඩු පාඩු පෙන්නලා දෙන කොට ඒ වැරදි හදාගත්තනම් අදටත් රජවරු වගේ ඉන්න තිබුනා , කරුමේ කරුමේ (බ)
රුවන් ඔබ හරියටම හරි. මේක කණ්නාඩියක් දාගෙන කරන ප්‍රකාශයක්. එතකොට යු එන් පී එක තරඟ කරන්නේ තනියමද? ඇයි මෙහෙම ජනතාව රවටන්නේ ? (බ)
කාලෙකින් ගමකට ගිහිල්ල නැද්ද කොහෙද! (නදී)
අපේ රට සැබෑවටම දියුණු කරන්න ඕනේ නම් දිගු දුර දැක්මක් සහිත සංවර්ධන වැඩ වලට අත ගහන්න ඕනේ. එදා වේල ගැන විතරක් හිතන්න පුරුදු කරපු දේශපාලකයෝ නිසා තමයි අපි අනිත් රටවල් වලට වඩා තවමත් ගවු ගානක් පිටිපස්සේ ඉන්නේ. ගමට අලුත් පාරක් හැදෙනවා කියන්නේ ආර්ථික අවස්ථා ගොඩක් ඇතිවෙනවා කියන එකයි. අනිත් ව්‍යාපෘතිත් එ වගෙයි. ඒ තුලින් වක්‍රාකාරව මිනිසුන්ගේ ජීවන තත්වය වැඩි දියුණු වෙනවා. සැබෑ සංවර්ධනය කියන්නේ එ්කට. (ස)
මහ නා හිමියෝ වදාලේ සම්පුර්ණ සත්‍යයක්.ඔය අයට ඕවා කිව්වට වැඩක් නැහැ අපේ හාමදුරුවනේ. (ස)
අපිට ඕනා දුශිතයින්ගෙන් තොර පාර්ලිමේන්තුවක්, විනයක්, නීතියක් ඇති රටක්.(ම)
නුවන්, අපේ ගමේ ඉස්කෝලේ තීන්ත ගන්නේ දෙමව්පියන්ගේ මුදල් වලින්. (ස)
මල්වතු මහනාහිමියන් උපදෙස් දුන්නේ තමන්ගෙන් උපදෙස් ගන්න ආව මහ ඇමති ප්‍රසන්නටයි. ඒ වුනාට කවුරුවත් උපදෙස් ඉල්ලුවේ නැතුවත් වටිනපහ වැනි ස්වාමින් වහසේන්ලා අදහස් දක්වන්නේ ඒගොල්ලන්ගේ වාසියටයි.වෙනස අදුරගන්න බැරි කන්නාඩි කාරයෝ මැරෙන මොහොතේ හෝ මතක් වෙන පවු පුරවගැනීම ගැන දෙවරක් හිතන්න. (ස)
තරහ අවසර හාමුදුරුවනේ, සමහර විට ඔබ වහන්සේට වැඩක් නම් වෙන්න නැතිව ඇති. අපේ ගමට වෙච්ච වැඩ කොටස නම් ඉහටත් උඩින්. ගමේ දුප්පත් බන්ඩලාගේ, ඩිංගිරි මණිකෙලාගේ නිවසකට බණකට දානයකට පාරෙන් වැඩියනම් අවුරුදු දහයකට පෙර තත්වෙයි අද තත්වෙයි වෙනස ඔබ වහසේටත් දැනෙයි. (ස)
මේ මහනායක හිමි යූඑන්පී එකේ බව කවුරුත් දන්නවා. (ස)
හාමදුරුවනේ, පොඩ්ඩක් රට ගැන හිතල මහින්දට සහය දෙන්න (ස)
නායක හාමුදුරුවනේ දේශපාලනේ කතා නොකර බණ ටිකක් දේශනා කරමින් හිටියනම් හොඳයි නේද ? (නදී)
කවුරු මොනවා කීවත් අපේ ගම තවමත් දියුණු වෙලා නැහැ . පාරවල් වල යන්න බැහැ මම කියන්නේ ඇටම්පිටිය, බණ්ඩාරවෙල මාර්ගය ගැන.(අ)
හාමුදුරුවෝ මොනවාද දන්නේ යාන්වැව ,මහා ඔය ඇවිත් බැලුව නම් කොරපු හරිය බලාගන්න පුළුවන් (ස)
නායක හාමුදුරුවන් කිව්වේ ඇත්ත. ඒවා දරාගන්න බැරි අයත් ඉන්නවා. එයාලට 18 වෙනිදට තේරෙයි ........ (නි)
ඇත්ත තිත්තයි. එනිසා මේ සත්‍ය කතාව කිව්ව හිමි නමට අගෞරව කරන්න බනින්න කොටසක් ඉන්නවා. නමුත් සත්‍ය ජයගනී. ඇත්ත බොරුවෙන් වෙන්ව පේනවා උගත් නුවෙනැති අයට. මෝඩයන්ට පේන්නේ වැටහෙන්නේ නැහැ (නදී)
කාපට් දැමූ ගමේ පාරවල්, පාසල්. පුස්තකාල ගමට විදුලිය (දැන් 97% කට) වෛද්‍ය මධස්ථාන. ග්‍රාමීය රෝහල්. අඩුගානේ හැදුවට පස්සේම දිරාගිය පාසල් බිත්තියට තීන්ත ටිකක්වත් ගෑවුනේ මහින්දගෙ කාලේ. මේ කතාවෙන් හොදින්ම පේනවා මේ ස්වාමීන් වහන්සේ ගමකට වැඩල නැහැ අවුරුදු 10 න් 15න් වත්. නැත්නම් ඇත්ත දන්නව වුනත් කාගෙ හරි කණ්නාඩියක් දාගෙන. නුවනින් දකිමු සත්‍යය. බොරුවට මුලා නොවෙමු. (නදී)
දේශපාලකයන්ට රට ගැන උපදෙස් දෙන්න ඉස්සෙල්ලා පුලුවන් නම් ඔබ වහන්සේලා සාසනේ සුද්ද කරලා පෙන්නන්නකෝ සංගායනාවක් තියලා. (නදී)
ඹව් ගාමිණී එහෙම තැන් ගොඩක් තියෙනවා. මම කිව්වෙ රටේ පහුගිය කාලේ උන දේ පිළිබඳ සමස්ථයක් ලෙස ගත්තම අදහස. කිසිම දෙයක් වුනේ නෑ කියන්න ඇස් දෙකක් තියන අයට පුඑවන්ද? නුවනින් දකිමු සත්‍යය. බොරුවට මුලා නොවෙමු. (නදී)
කතාව සහතික ඇත්ත (නි)
සී රත්න, මහින්දලා මිනිස්සුන්ගේ මොලේට රිංගුවේ වැඩ කරලා මිසක් ඉන්ජෙන්සන් ගහලා නෙවෙයි (නදී)
මහින්ද රාජපක්ෂ මහත්මයා මොනවද නොකරේ ජේ ආර් විවෘත ආර්ථිකය ගෙනත් දේශීය ආර්ථිකය විනාශ කරා, ත්‍රස්‌තවාදය ඇති කරා . ප්‍රේමදාස කොටින්ට ආයුධ දුන්නා. තරුණ ජීවිත විනාශ කරා . රටේ ආර්ථිකය ඇද වැටුනා චන්ද්‍රිකා රට විකුණා ගෙන කෑවා.යුද්ධය විකුණගෙන කෑව .රනිල් සාම ගිවිසුම හරහා රට කොටියාට ලියල දුන්න ඒකාලේ කොටිය ශක්තිමත් උනා අවි ආයුධ ගෙන්න දුන්න ඒ හේතුවෙන් අවසන් යුද්දෙදි අපේ කොල්ලෝන් ගේ ජීවිත සිය ගණනක් නැති උනා. මහින්ද රාජපක්ෂ යුද්දය නිමකළා රට සංවර්දනය කරා. මේ හාමුදුරුවෝ මොනවද කලේ සාසනය වෙනුවෙන් (ස)
මෙතන අදහස්. දමල තියෙන. අයට කිසිම පණ්ඩිත ,මහාචාරිය පට්ටමක් නැහැ නමුත් නායක හාමුදුරුවන්ට. කියල තියෙන දේවල්බැලුවම. මේ අයයට එ්දන්ඩෙන් වත් යන්න බැහැ කොහෙන්. හරි කැල්ලක් අහිදගෙන. ඒ අයට වැඩිය කෙනෙක්. නැහැ (ස)
ඔබ වහන්සේගේ කීම හරි....මහින්ද මොනවද රටට කරේ.......(ස)
හාමුදුරුවන්ට මොකෝ උඩහිටියත් මොර බිමහිටියත් මොර (ස)
අනේ නායක උන්නාන්සේ...නොදන්න කතා නොකිය ඉන්න (ස)
ප්‍රසන්න ඉල්ලං කෑවා (ස)
ඔබවහන්සේගේ කතාව අපිත් පිළිගන්නවා (නි)
වැරදි නිවැරදි කරගන්න අපි අවස්ථාවක් දෙමු (නි)
හාමුදුරුවෝ ලඟදි ගමට වැඩල නෑ වගේ නේද ? (ස)
නායක හාමුදුරුන්වන්ගේ අහඹු වචනයක් අල්ලාගෙන විවේචනයට ලක්කිරීම වැරද්දක්. (ස)
ගමට ගිහින් මොනවා බලන්නනද ? රැවටිලි කාරයොන්ට තව ඉඩ නැහැ.(ස)
මේ තියෙන්නේ ආසියාවේ ආශ්චෛර්යය මේකද ? රටේ මුලික අස්ථාවන් වෙනුවෙන් වැඩ කරේ නැහැ.(අ)
නුවන් ඔබගේ කතාව අද වැඩි දෙනෙක් පිලි ගන්නේ නැහැ. අපේ මිනිස්සු කැමති යන රැල්ලට හසු වෙන්න. පස්චාත්තාපයට පත්වෙන්න. (ස)
රජයේ ආයතන වල නිතිය ක්‍රියාත්මක වුනේ නැහැ. සම්පුර්ණයෙන්ම නීති විරෝධී දේවල් සිදු වුනේ. අපට නම් ආයේ ඒ තත්වයට යන්න බැහැ.(නදී)
හොඳට ඇස් ඇරලා බලන්න ලංකාවේ කොහෙද සංවර්දනය වෙලා නැත්තේ කියා. (නදී)
ඔබවහ්සේ කියන කතාව හරි ප්‍රසන්න රණතුංග මොනවද බස්නාහිරට කරලා තියෙන්නේ නිකන් තැන් තැන්වල බයිලා ගහනව පළාතේ පාසල් කියක් වහන්න යනවද පසුකම් නැතිව. (අ)
අර යුඑන්පියේ ලොකු ලොකු අය කැගහපු විදිහට අපි හිතුවේ ඔක්කොම හොරු කියල ඇත්තටම ඒක මොකද වුණේ ?(අ)
හොරුන්ට, තක්කඩියන්ට නාම යෝජනා දුන්න මහ පක්ෂ දෙකටම චන්දය නොදී ජවිපෙට ඡන්දය දෙන්න. අඩු තරමේ අය අපි ගැන කතාවත් කරනවා, බුද්දිමත් පසුබිමක් තියෙනවා, රටට අවංකව සේවය කරයි. අනිත් හැම අපේක්ෂකයෙක්ම එන්නේ අපිට ආදරයට නෙවේ. පරම්පරාවටම හම්බකරගන්න විතරයි. පාර්ලිමේන්තුව තියෙන්නේ රටේ ක්‍රම සම්පාදනයට, ගමට රටට සේවයක් කරන්න සාපෙළවත් පාස් නැති අය දන්නේ කුඩු ,එතනෝල්, ඩීල්, ගහල රටේ දේපොළ හූරගන්න විතරයි. (අ)
ඔයා කියන්නේ යු.ඇන්.පී කරයි කියලද? (නදී)
රට ජාතිය ගැන අපක්ෂපාතීව කතා කළේ අපවත් වු අපේ මල්වතු අස්ගිරි හාමුදුරුවන් වහන්සේ පමණයි.(ම)
මේ වෙලාවේ මහින්දට අමතක නොවෙන්න පාඩමක් උගන්නාවි අපේ රටේ මොලේ ඇති මිනිස්සු . ජවිපේ විතරයි ඇත්ත කියන්නේ (ස)