රාජ්‍ය දේපල හොරා කන අය මීළඟ ආත්මයේදී බල්ලන් කපුටන් වී උපදින බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කර ඇති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයින්ට ඡන්දය දුනහොත් ඔවුන් ඊළඟ ආත්මයේදී බල්ලන් හා කපුටන් වී උපදින බැවින් ඔවුන්ට අනුකම්පා කර ඡන්දය නොදී බල්ලන් කපුටන් වී ඉපදීමෙන් ඔවුන්ව මුදවා ගන්නා ලෙස සියලූ ජනතාවගෙන් ඉල්ලා සිටින බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මහනුවර පැවැති මංගල ප්‍රචාරක රැළිය අමතමින් පැවසීය.
ලබන අගොස්තු 17 වැනිදායින් පසුව බිහිවන එජාප ආණ්ඩුවෙන් ආර්ථික සංවර්ධන කලාප 45 ක් රට පුරා ආරම්භ කර කර්මාන්ත මෙන්ම තාක්ෂණය ගෙනවිත් තරුණ තරුණියන් ලක්ෂ 10 කට රැකියා ලබා දෙන බවත් අගමැතිවරයා එහිදී කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුමින්ද, එයාල ඔක්කොම සාන්තු වරු. බලමුකෝ අපි ඡන්දයෙන් පස්සේ. මෙය තව පාරක් විපක්ෂ නායක. (ම)
ඉඟුරු දීලා මිරිස් ගන්න හොඳ නෑ (බ)
ඔබතුමා තමයි වෙළද කලාප සංකල්පය ගෙනල්ල ලංකාවේ විශාල රැකියා සංක්‍යාවක් ඇතිකළේ. ඔබතුමා පිටරටින් ගිනි පොලියට ණය අරගෙන බඩු මිල වැඩි කළේ නැහැ ඒවා කරන්න. මේ රැකියා ලක්ෂ 10 වැඩපිළිවෙල ඔබතුමාට සුළු දෙයක්. ඉටු කොට කළ යුතු යුතුකම් , ලැබුනත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් නුබයි මගේ පුතා උතුම්. පිරිසිදු නායකයාට තෙරුවන් සරණයි. (බ)
බලු කපුටු දානය සංධානයට වාගේම එජායේත් කොටසකට දෙන්න වෙනවා , කරුන්කා සොරුන් , තඹ හොරුන් වාගේ අයටත් . බාන්ධනාගාර සොරුන්ටත් (අ)
තම පක්ෂයෙත් ගලවා ගැනීමට බලු කපුටු ආත්ම ඇති බව තේරුම් ගත යුතුයි. මේ නිසා රටම බලු කපුටු ආත්ම වලින් ගලවා ගැනීමට මෙවර ජනතාව බුධිමත් වෙනවා ඇත. (අ)
අනේ ඉතින් අපි කැමතියි...එ්ත් ඉතින් ඔයාලට දුන්නම ඔයාල බලු කපුටෝ වෙලා උපදින එක ගැන ඊට වඩා දුකයි..ඒ හින්ද එයාලටම දෙන්නම්..යන්න මහත්තයෝ යන්න..ඊයේ ජනාධිපති තුමාගේ කතාවෙන් කිව්වා ඔබ තුමාට මහබැංකු අධිපතිව ඉවත් කරන්න කිව්වා කියල..ඒක කලේ නැහැ කියන්නේ දැන් ඔබ තුමා පරක්කු වැඩියි..(බ)
ලබන ආත්මේ බල්ලන් කපුටන් වෙන්න ඡන්දෙ දෙන්න වෙයි (බ)
අර මහා බැංකු හොරා කාපු අය ඉපදෙන්නේ මොකුන් වෙලාද (අ)
එතකොට තව තව අය වෙලා ඉපදෙන්නේ මොනවගේ අයද?(බ)
මෙරට පැවැත්වෙන තීරණාත්මක ම මැතිවරණය ආරම්භ වී ඇත. රටේ ස්වෛරිභාවය ඒකීයත්වය ආදිය අගොස්තු 17 වැනි දා තීරණය වනු ඇත.සියළු දේශීය හා විදේශීය විජාතික බලවේග මහින්දට විරුද්ධ ව පෙළ ගැසී ඇත. රාජ්‍ය නොවන ගැත්තෝ මහින්දට විරුද්ධ ව කුරුණෑගල ගෙන් ගෙට යති. බටහිර හා ඉන්දීය ඔත්තුසේවා නිලධාරීහු සිය අමන කාර්යයන්හි යෙදී සිටිති. චම්පක වැන්නන්ගේ රෙදි පිළි ගැළවී අහසේ පාවී යයි. රතන හිමියන්ගේ හා ඕමල්පේ හිමියන්ගේ බොරු කතාවලින් උන්වහන්සේලාගේ පාවාදීම වසාගත නො හැකි ය. එක්සත් ජනතා සංධානයේ ලැයිස්තුවල දේශප්‍රේමීන්ට අමතරව ද්‍රෝහියෝ ද සිටිති. එක්සත් ජනතා සංධානයේ ජාතික ලැයිස්තුව අච්චාරුවකි. එහි ඉන්දීය ඔත්තු සේවාවේ අය ද චන්ද්‍රිකාගේ නියෝජිතයෝ ද මෛත්‍රිපාලගේ නියෝජිතයෝ ද මහින්දගේ නියෝතජියෝ ද වෙති. ඝාතනය කෙරුණු ශ්‍රී ල නි පක්‍ෂයට පැහැදිලි නායකත්වයක් නැත. මේ සියල්ලන්, ශ්‍රී ල නි පක්‍ෂයේ චන්ද්‍රිකා, එස් බී, මෛත්‍රිපාල ආදී ඇතැමුන් ද ඇතුළුව, මහින්දට විරුද්ධ වන්නේ ඊනියා දූෂණ, භීෂණ ආදිය නිසා නොවන බව කුඩා දරුවකුට වුවත් අවබෝධ විය යුතු ය. එ ජා පක්‍ෂයේ එක් දූෂිතයකුවත් සොයා ගැනීමට නොහැකි තරමට ඒ පක්‍ෂය පිරිසිදු ද? රනිල් කෙතරම් වෑයම් කළත් මහා බැංකු වංචාව වසන් කිරීමට නො හැකි ය. රනිල්ගේ මට්ටමේ වංචාවක් කළ අයකු මෙරට ඉතිහාසයේ නැත.(ස)
ඔය යක්කු බුද්ධාගම ඔලුව උඩ තියාගෙන් ඉන්නවා වගේ පෙන්නුවට ඕව විශ්වාස කරනවානම් මේ විදිහට හොරකම් කරයිද? (ස)
ඔබතුමාගේ පක්ෂයේ ඉන්නේ සාන්තුවරු පමණද ? (ම)
කොහොමටත් මේ ආත්මෙදිත් හරි හමන් දෙයක් නැහැ දැනටත් බලු වෙලානේ ඉන්නේ ,ඡන්ද 29 ක් පැරදිලා බැදුම්කර වංචා කරපු ය බල්ලෝ කපුටෝ වෙන්නේ නැද්ද දන් නැහැ ඒවා සල්ලි නෙවෙයි ද ? (බ)
ජයවේවා !!! (බ)
මහා බැංකුව හොරා කපු එවුන් අනුන්ට ඇගිල්ල දිගු කරනවා විලි ලජ්ජා නැතිව. (ස)