එක්සත් ජාතික පක්ෂයට කිසි ගැටළුවක් නෑ මෙවර මහ මැතිවරණය ජයග්‍රහණය කරල අගමැති වෙන්නෙ කියලා. නමුත් සන්ධානයේ හිටපු ජනපති තරග කළත් සන්ධානය තුළ අගමැති අපේක්ෂකයකු නම් කිරිම ගැටලුවක් වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ යටිනුවර අපේක්ෂක මයන්ත දිසානායක මහතා අද (13) දවුලගල පැවැති උත්සවයකදි පැවැසිය.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති තුමා අගමැති විමට යාම හරහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තුළ සිටින අගමැති පුටුව බලාගෙන ඉන්න නිමල් සිරිපාල සිල්වා, අනුර ප්‍රියදර්ශන , සුසිල් ප්‍රේම්ජයන්ත වැනි ජ්‍යෙෂ්ඨයන්ට ගැටළුවක් බවත් එක්සත් ජාතික පක්ෂය තුළ එවැනි ගැටලුවක් නැති බවත් සන්ධානය තුල අගමැති පුටුව වෙනුවෙන් ඇතුලේ ලොකු අරගලයක් ඇති වන බවද ඒ මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමුදුනි කියන එක ඇත්ත. ඒ නිසා මේ පාර ඡන්ද බෙදන්න හොද නැහැ. පැහැදිලි වැඩි වාසිය තියෙන්න රනිල් මහත්තයට නිසා ඔක්කොම ජන්ද එතුමාට දෙමු. එතකොට කාගේවත් පදේට නටන්න වෙන්නේ නැහැ. (ර)
ජයවේවා! නියම කතාව (නි)
ගිය සැරේ වගේ නෙමෙයි මේ සැරේ අපි දෙනවා දුවන්නම (නි)
සන්ධානය ආසන 100 ක් ගත්තොත් යුඑන්පි ගන්නේ ආසන 90 පමණි අනෙක් ආසන සුළු පක්ෂ. එවිට යුඑන්පි දෙමල සන්ධානය සමග රජයක් හදනවා නියතයි. එමනිසා 113 කල යුත්තේ සන්ධානයේ අසන 100 ද යුඑන්පියේ ආසන 90 ද කියා අපි සිතා බැලිය යුතුයි. (ර)
ඉමල්ක ගැන නම් හිතාගන්න පුළුවන් හොඳට (නි)
මේ කව්ද අපි දන්නෙත් නැති කෙනෙක්. (ර)
කලබල නොවී බලමුකෝ අපි! (නි)
මම කියන්න හිතාගෙන බලනකොට ලාල් ඒක කියලා. (නි)
මට නම් එහෙම අවුලක් පෙනෙන්නෙ නැහැ (නි)
බොහොම හොඳයි. ඔහොම යමුකෝ! (නි)
බයේ වෙව්ලනවා. (නදී)
කතා ඇති. දැන් වැඩ පෙන්වන්නකෝ (නි)
සමාවෙන්න, ඔය කතාව අපි දැනට නවත්වමු. බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
කරුණාකර අනුන් ගැන නොසොයන්න (නි)
යහපාලනය කියන එකේ තේරුම නම් ලස්සනයි. නමුත් පසුගිය දවස් 158 මතක්වෙනකොටත් කොඳු නාරටිය දිගේ සීතලවෙලා යනවා. රෑ වැටුන වළේ දවල් වැටෙන්න තරම් අපි මෝඩයෝ නොවෙයි. (නි)
බොහොම සන්තෝෂයි කතාවට. ඔහොම යමුකෝ. (නි)
කතාව ඇත්ත. ඕනෑම පක්ෂකයක හෝ සමිතියක වැඩ කටයුතු සිදුවන පිළිවෙලක් තියෙනවනේ. (ම)
මෙවර මහා මැතිවරණය මරා ගැනිමක් මිස වෙන කිසිවක් නැත.(ම)
ජනතාවට වෙන සෙත ගැන සිතා ජන්දය දෙන්න.පුද්ගල වන්දනාවේ යන්න එපා (බ)
30 වැනි පාරට පරදින්න යන හින්ද මෙයාල බයේ. (බ)
මොන දේ කිව්වත් සන්ධානයට මන්ත්‍රී ආසන 99-105 දක්වා ගත හැකි වුනොත්, කව්රු පත් වුනත්, පත්වෙන අගමැති (බොහෝ දුරට රනිල්) පාලනය කරන්නේ යාපනයෙන් සහ කාත්තන්කුඩියනුයි (බ)
අවුලක් නැහැ.සන්ධානයෙන් අගමැතිවරු පත්වෙන්නේ නැහැ (බ)
එ ජා ප එම පක්ෂයේ ප්‍රතිපත්ති ,වැඩපිළිවෙල කියනවට වඩා සන්ධානේ අඩු පාඩු , වැරදි හොයා හොයා ඉන්නවා ඒ මොකද දැන් නැහැ (බ)
කමක් නැහැ. අපිට අවුලක් නැහැ ඒ ගැන (නි)
කරලම පෙන්වන්නකෝ ඉතින් (නි)
මෙයාලට මොකටද අනුන්න්ගේ පක්ෂ වල ඒවා . තමන්ගේ පක්ෂේ දේවල් පෙන්නන එකනේ තියෙන්නේ. (ස)
අවුල කොතැනද බලන්න පුළුවන් ප්‍රතිඵල වලින් (නි)
අවුල ඇත්තේ කොතැනද කියා ජනතාව තීරණය කරයිනේ (නි)
මෙවර සුදුස්සන්ට ඇත්තටම තැනක් එනවා (නි)