බොලිවුඩයේ "බාබිඩෝල්" ලෙස හඳුන්වන සනී ලියොන් ඊයේ දිනයේදී ගීත ගායනයටද සම්බන්ධ වූ බව බොලිවුඩ් වාර්තා සඳහන් කර සිටිනවා. ඒ ඇයගේ අලුත්ම චිත්‍රපටය වූ "වන් නයිට් ස්ටැන්ඩ්" චිත්‍රපටයේ එන ගීතයක් සඳහා සිය හඬ එක් කිරීමත් සමගිනි. වාර්තා වන අන්දමට මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට කල්ගත වූයේද සනී ලියොන් ගායනා කරන මෙම ගීතය නිසි ආකාරව පටිගත කිරීමට නොහැකි වූ නිසාවෙන් බව මෙම වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා. කෙසේ වෙතත්, මෙම ගීතය මේ වනවිට පටිගත කොට සියලු වැඩ අවසන් කර තිබෙන නිසාවෙන් ඉතා ඉක්මනින් මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නිෂ්පාදක කණ්ඩායම බලාපොරොත්තු වෙන බව සඳහන් කර තිබෙනවා.
සනී මේ සම්බන්ධව පවසන්නේ, තමාගේ තවත් එක් සිහිනයක් මෙම ගීතය ගායනා කිරීමත් සමග සඵල වූ බවය. එමෙන්ම සුපිරි නළු ෂාරුක් ඛාන් සමගින් නර්තනයේ යෙදෙන්නටත් අවස්ථාව ලැබීමත් තමා බලාපොරොත්තුවු තවත් එක්තරා සිහිනයක් බවත්, එයද මේ වනවිට සඵල වී තිබෙන බව ඇය මාධ්‍යය අමතමින් පවසා තිබෙනවා. ලබන වසරේ ජනවාරි මාසයේදී තිරගත වන ෂාරුක් ඛාන්ගේ "රායිස්" චිත්‍රපටයේ සනි ආරාධිත නර්තනයක යෙදෙනවා.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
සින්දු කියන සනී ලියොන්