
බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ නළුවකු වන සන්ජේ දත්, පෙනහලු ආශ්‍රිත පිළිකා තත්ත්වයකින් පීඩා විඳින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
සන්ජේ දත්ට පෙනහළු පිළිකාවක් ඇති බව අනාවරණය වී ඇත්තේ ඊයේ (11) වන අතර ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ මානයා දත් නිවේදනයක් ද නිකුත් කර තිබිණි.
‘‘අපේ පවුලට තවත් අභියෝගයකට මුහුණ දෙන්න සිදුවෙලා. අපි මේ පරීක්ෂණයටත් සාර්ථකව මුහුණ දෙනවා’’ යැයි ඇය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
‘‘සන්ජේ දත්ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කළ සියලු දෙනාට බෙහෙවින් ස්තූතියි. අපට මේ අවස්ථාවේදී සියලු ශක්තිය සහ ආශීර්වාද අවශ්‍යයි. පසුගිය වසර කිහිපයේදීම අපේ පවුල ප්‍රශ්න රැසකට මුහුණ දුන්නා. මේ ප්‍රශ්නයත් අපි සාර්ථකව විසඳා ගන්නා බව මට විශ්වාසයි’’ යැයි ද ඇය සඳහන් කළාය.
කටකතා සහ අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්නැයි ද ඇය සන්ජේ දත්ගේ රසික රසිකාවියන්ගෙන් ඉල්ලීමක් ද කළාය.
හුස්ම ගැනීමේ අපහසුවක් හේතුවෙන් සන්ජේ දත්, පෙරේදා රෝහල් ගත කර ඇති අතර ඔහුට පෙනහලු පිළිකාවක් ඇති බව අනාවරණය කරගෙන ඇත්තේ එහිදීය. ඔහු කෝවිඩ්-19’ පරීක්ෂණයකට ද යොමු කර ඇති අතර ඔහුට වයිරසය ආසාධනය වී නැතැයි එහිදි තහවුරු වී ඇත.
සන්ජේ දත් මේ වනවිට 61 වැනි වියේ පසුවෙයි. ඔහුගේ පිළිකා රෝගී තත්ත්වය ඔඩුදුවා ඇතැයිද ඔහුට ඇත්තේ සිවුවැනි අදියරේ පෙනහලු පිළිකා තත්ත්වයක් යැයි ද වෛද්‍යවරු පවසති.
සන්ජේ දත්ගේ මීළඟ චිත්‍රපටය වනු ඇත්තේ, කන්නඩ චිත්‍රපටියක් වන කේ.එෆ්.ජී. චැප්ටර් 2 චිත්‍රපටයයි. ජනප්‍රිය නළුවකු වන යෂ් එහි ප්‍රධාන චරිතය නිරූපණය කරන අතර සන්ජේ දත් එම චිත්‍රපටයේ දුෂ්ඨයාගේ චරිතයට පණ පොවයි.
‘හින්දුස්තාන් ටයිම්ස්’
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිතයේ ප්‍රශ්න රාශියකට මුහුණ දුන් දක්ෂ හින්දි නළුවෙක්. එදා වගේම අදටත් ඔහුට ප්‍රශ්න වැලක් තියෙන අතරේ මේ ප්‍රශ්නයත් ඇවිත්... සන්ජේ, ඔබට ඉතා ඉක්මණින්ම නිරෝගී සුවය ලැබෙන්න කියා මම ප්‍රාර්ථනා කරනවා...
සිගරට් බීමේ ප්‍රතිභල තමයි. අපරාදේ වටිනා නලුවෙක්..