නුවරඑළිය සින්ගල් ට්‍රී කන්දේ ශ්‍රී ස්වර්ණගිරි විවේක සේනාසනයේ බෝධිඝරය ඉදිකැර දීමට නුවරඑළියේ ව්‍යාපාරික සන්දියාගු සන්දියරාජන් හා ව්‍යාපාරික සුසිල් ශාන්ත මහත්වරු එක් වුහ.
බෝධිඝරය ඉදිකිරීමට වැය වු මුදල රුපියල් කෝටියකි.සන්දියරාජා මහතා කතෝලිකයෙකි. බෝධිඝරයේ තැන්පත් කිරීම සහා අටවිසි බුද්ධ ප්‍රතිමා පෙරහරින් එහි වැඩම කැරවු බව විහාරාධිපති කරුවලතොට නන්දරතන හිමියෝ කියති.
සෙනසුනේ පොකුණක් ,ඝණ්ටාරයක් ද ඉදි කැර ඇත.සංඝාවාසයකටද මුල්ගල් තැබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කතෝලික සහයක් නෙවෙයි,ඒ මහත්මයාගේ සිතුවිල්ලක්.(හේ)
මීට වසර 50ක පෙර පිටකොටුවේ බෝධිය හදන්න මුල්වෙලා තියෙන්නේ තියෙන්නේ කවූද? (ර)
මේවා රටේ සියලුම ජන කොටස් ආදර්ශයට ගතයුතුයි (නි)
සාධු සාධු! (නි)
අගය කළ යුතුයි.(හේ)
ඉතා අගය කල යුතු වටිනා කාර්යයක් .කතෝලිකයකු හැටියට මම මේ ක්‍රියාව අගය කරන අතර , නිතරම යහපත් බැතිමතුන්ගෙන් පන්සල පිරි ඉතිරේවායි පතමි.(හේ)
එතුමාට ගොඩක් පින්... ආදර්ශවත් ක්‍රියාවක්.(හේ)
සන්දියාගු මහත්මයා වැනි අයෙකුට බෞද්ධාගමේ සුවඳ නොදැනෙන්න හේතුවක් නැහැ. (නි)
මෙතරම් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් සඳහාත්, බුද්ධිය මත වාඩිවී මන්දබුද්ධික අදහස් පළකරන අද ගැන දුකයි (නි)
දැන් දමාවි මේකටත් මෝඩ ප්‍රතිචාර (දිල්)..
සන්දියගු මහතා බුද්ධ දර්ශනයේත් ,ක්‍රිස්තියානි ආගමේත් වෙනස සහ සත්‍ය භාවය තේරුම් අරගෙන ඇති.(අ)
එක කතෝලිකයෙක් වැරද්දක් කලාම මුළු කතෝලික ජාතියටම බනිනවා. දැන් එක කතෝලිකයෙක් හොද දෙයක් කලාම ඒකට එයා විතරක් හොඳයිලු . අනේ මන්ද මෙහෙමත් මිනිස්සු.. දැන් කලේ බෞද්ධයෙක්වත් නොකරන දෙයක් මෙතුමා කරලා තියෙන්නේ. (අ)
ඇත්තම තමයි.මේ කාර්ය එතුමාගේ පුද්ගලික අදහසක් පමණයි.(හේ)
හොද පින්කමක්.(හේ)
ඇත්තටම හොද වැඩක්.(හේ)
බුද්ධික, පුද්ගලයෙකුගේ සිතුවිලි වලට ඔහුගේ ආගමේ කිසිම සම්බන්ධයක් නැත. (නි)
හරිම ලස්සන නිර්මාණයක්. (නි)