සීනිගම දේවාලයේ දී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට එරෙහිව පොල් ගැසීම සංවිධානය කළ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ ගුණවර්ධන මහතාගේ හා දකුණු පළාත් සභා උප සභාපති සම්පත් අතුකෝරාල ඇතුළු 13 දෙනෙකුගේ මුදල් පසුම්බි සොරා ගෙන ඇතැයි පොලිස් ආරංචි කියයි.
අසල අවන්හලක තිබී දිනේෂ් ගුණවර්ධන මහතාගේ හා තවත් දෙදෙනෙකුගේ හිස් මුදල් පසුම්බි සොයා ගත් බව වාර්තා වේ.
ගුණවර්ධන මහතාගේ පොකැට්ටුව නැති වූ බව එහි ශබ්ද විකාශන යන්ත්‍ර මගින් පවසා ටික වේලාවකට පසුව හැඳුනුම්පත ආදිය පමණක් සහිතව පොකැට්ටුව සොයාගෙන ඇත.එහි කොපමණ මුදලක් තිබුනේ දැයි නොදනී.
බුද්ධි අංශ පවසනුයේ පොල් ගැසීමට 1100 ක් පමණ දෙනා පැමිණෙන්නට ඇති බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියෝ දන්නවනේ ඇත්ත තත්ත්වය.(හේ)
හෙරුන්ගෙත් හොරු කම්බ හොරු (නි)
විකටයින් සහ කවටයින් ජනතාව නියෝජනය කරන ලෝකයේ උතුම් රට කුමක්ද? (නි)
කවුද මේ සුපිරි හොරා (හේ)
මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ.(හේ)
පොකට් එකට විතරද , ජිවිතත් පොකට් ගහල අවසන් එ් ගැනනම් තවම දන්නෙවත් නැහැ .(හේ)
දැන් හරි නේද?(හේ)
පොල් ගැහිල්ල හරි ගිහින් වගේ. දෙයියෝ හරියටම බලලා තියෙනවා. අනිත් කට්ටිය ගැන ඉදිරියේදී බලා ගනියි.....!(හේ)
දෙවියෝ සාක්කි දැන් මේකටත් පොල් ගහවිද දන්නැහ.(හේ)
දැක්කනේ හොර වැඩ කරලා හොද මිනිහෙක් වෙන්න ගියා මදැයි දෙවියෝ කොයිවෙලෙත් ඉන්නේ හොද මිනිස්සු පස්සේ (හේ)
පුදුම වෙන්න දෙයක් නැහැ තව හොරෙක්නේ පස්සෙන් හිටියේ.(කෞ)
සෑම්."සීනිගම දේවාලෙට හොරපොල් ගැහුවා වගේ " කියලා ප්‍රස්ථා පිරුළක් අපේ භාෂාවට එකතු කිරීමේ ගෞරවය දිනේෂ්ලට ලැබේවි.......අදහස නියමයි. (කෞ)
එතකොට දෙයියෝ කොහෙද උන්නේ ?(හේ)
පොල් ගහන්න ගිහින් වැඩේ දෙල් කරගත්ත නේද බොරලුගොඩ සිංහ පැටියා (හේ)
ඇමැති තුමෝ කියක් විතර පර්ස් එකේ තිබ්බද?(හේ)
"දිනේෂ් සමග හොර පොල් ගැසීමට ගිය ‘හොරු වෙනුවෙන් හොරු‘ අතර මහින්දානන්ද අලුත්ගමගේ, නාමල් රාජපක්ෂ, කෙහෙලිය රඹුක්වැල්ල, බන්ධුල ගුණවර්ධන වැනි කම්බ හොරු රැලක්ද වූහ. එබැවින් පොකැට්ටුවට විද්ද හොරා කව්දැයි සොයා ගැනීම සීනිගම දෙවියන්ට වුව ලේසි පහසු කාරියක් නොවනු ඇත".(කෞ)
දෙවියොත් හිනා වෙනවා ඇති මේ දේවල් දැකලා.(හේ)
වෙන කරන්න දෙයක් තිබ්බෙම නැද්ද?(හේ)
කට්ටියම විහිලුවක් උනාදෝ කියා හිතෙනවා.(හේ)
පොල් ගහනවට වඩා හොද දෙවියන්ට පින් දෙන එකයි.(හේ)
මමත් "රාජපක්ෂවරු රටම ගසා කෑමේ පන්සීය පනස් ජාතක කතා වස්තුව"නමැති පොතක් ලියාගෙන යනවා. (කෞ)
හොරුන්ගේ පොකෙට් එකට හොරුන් විදලා නියමයි (කෞ)
රාජපක්ෂවරු කොතනද එතන අනිවාර්යෙන්ම හොරකම තිබෙනවා කියන එකට තවත් සාක්ෂියක්. (කෞ)
අනේ සල්ලි (හේ)
අයියෝ අයියෝ අයි අයි අයි යෝ........ (කෞ)
මාර පල් එක ,ඔතන ආණ්ඩු පක්ෂයේ කවුරුහරි හිටියේ නැත්නම් ,පොල් ගහන්න අාවෙත් හොරු කණ්ඩායමක් කියා දෙවියොත් තහවුරු කරනවා.(හේ)
දෙවියන් කන්නලව් නායකයාගේ පොකට්ටුව රැක දෙන්න අසමත් වෙලා. ඉතින් තවත් මොකද? (හේ)
අන්ධ භක්තිකයින්ට හොද පාඩම් මේවා (බ)
පොල් ගැසීමේ ආනිසංස ඒ අවස්ථාවේදීම ලැබිලා (හේ)
හොරු හොරෙන් කැඩූ පොල් ගසති රජාගේ වහලුන් ලෝක හොරුන්ගේ පොකට් වලට ගසති (කෞ)
දෙවියෝ කුපිත වෙලාද කොහෙද? මම අහලා තියෙනවා දෙවියෝ හැමටම ශාප කරන්නේ නැතිලු. (හේ)
දෙයියෝ හරියටම අහලා තියෙන බව පෙන්නුම් කරලා තියෙන්නේ. දැන් ආයෙමත් යයිද දන්නේ නෑ පොකට් කාරයට පොල් ගහන්න.(හේ)
කවුරු මොනවා කිව්වත් තමන්ගේ හෘද සාක්කිය පිළිගන්නවා ඔතන කළේ රගපෑමක් කියලා. වැඩියෙන්ම දගලන කෙනා තමයි ඉක්මනටම හිරබත් කන්න යන්නේ. පොල් නෙමෙයි මොනවා ගැහුවත්... සොරි.කොම් තමා. (බ)
දෙවියන්ට පොල්ගහන වෙලාවේ සේරම ආපු කට්ටියගේ ඔළුගෙඩි ටික එකට තියලා වද්දා ගත්තනම් ,ඒ එන කම්පනයට ලෙයි රත්වෙලා කල්පනාව හරි විදියට එනවා මිට පසු මේ වගේ දේවල් කරන්න එන්නේ නැහැ (හේ)
දැන් ඔප්පු වෙනවා නේද රට රවට්ටුවත් දෙවියන්ව රවට්ටන්න බැහැ කියලා , ඔබතුමාලා කරනදේ බොරුවක් කියලා දෙවියන් ඔප්පු කළා (හේ)
දැක්කද අනිසන්සේ. මෙලොවදීම පලාදීලා.(හේ)
මුදල් පසුම්බි සීනිගම දෙවියන් ගන්න ඇති (හේ)
පොල් ගැසීමේ මිත්‍යාෙවන් අපේ රට මුදවා ගන්නේ කවදද?(හේ)
සීනිගම දේවාලයේදී වැරදි කරන්නන්ට දඬුවම් දෙන බව අසා තියෙනවා (හේ)
අනේ ඇත්තට මේ වගේ පිස්සෝ ටිකක්.(හේ)
කවුද ඒ වීරයා (හේ)
ඒකාබද්ධ විපක්ෂය පොල්ගහනවා රජය පොල්ගානවද ? ඉක්මනට වැඩ ටික හරියට කරන්න තුනුරුවන් සරණයි දෙවි පිහිටයි (බ)
පොල් ගහපු අය සේරම ඔලුවට අත් තියලා බලන්න අන් එහෙම මෝදු වෙලා තියෙනවද කියලා (හේ)
ඔය කට්ටියගෙ සල්ලි පොකට්වල දාන්නෙ නෑ. ඒවා තියෙන්නෙ ස්විස් බැංකුවල කියලා මේ මේ පොකට් කාරයින්ට තේරෙන්නෙ නැතිද?(හේ)
පොල් ගහන්න දේවාලෙට ආවේ පල් හොරු ටිකක් කියලා මේ වැඩෙන් නිකන්ම ඔප්පු වෙනවා. දෙවියෝ නිහඬවම මරු දඬුවමක් දීලා. (හේ)
සිනිගම දෙවියන්ගේ පිං කැටයටත් ඉස්සුවා නේද තාම සොයා ගත්තේ නැනේද ඉතින් කවර කථාද (හේ)
මේ දේවල් දැකලා දෙයියොන්ටත් එපා වෙලා ඇති.(හේ)
දිනේෂ්ට මොනවා හිතෙන්න ඇද්ද?(හේ)
නාමල්ද දන්නේ නෑ මේ දවස්වල අගහිඟ කම් ඇතිනේ (බ)
බහුතරයක් තරුණ වියේදී, පාසල් කාලයේදී මාක්ස්වාදීන්, විප්ලවවාදීන් පසු කලක තනිකර තමා සිටි මතයට විරුද්ධ ක්‍රියා සහ මත වල (නි)
හොරෙන් කඩපු පොල් ගහනකොට දේව පිහිට කෙසේවෙතත් දේව උදහස නම් ලැබිලා තියෙනවා (නි)
සීනිගම හාස්කම් තිබෙනවා එහෙනම්. (නි)
වෙන රටවල සමාජවාදියෝ කියන්නේ අසරණ මිනිසුන්ගෙන් ගසාකන හොරුන් අල්ලපියව් කියලා කෑගහන උදවියට. ඒකට අපේ රටේ? (නි)
රටක පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට එරෙහිව පිස්සු නටන එක වැරදියි. දැන්වත් කරන පරීක්ෂණ ඉක්මන් කරලා හොරු ටිකට දැඩි දඬුවම් දෙන්න. (නි)
මදැයි දිනේෂ්ටත් වෙච්ච දෙයක්! (නි)
අයියෝ! (නි)
දැන් ඉතින් කියාවි දේව උදහසට ලක්වුණා කියලා. (නි)
දෙවියෝ ඉන්නවා කියලා තේරෙන්නේ දැනුයි. (නි)
හොරුන්ගෙත් හොරු කම්බා හොරු කියලා අර කතාවටත් කියනවනේ. හොරු සමඟ හොරු පොල් ගැසීමක් තමයි. (නි)
එම කල්ලියෙන්ම කෙනෙක් හොරකම් කරන්න ඇති..! (නි)
මේ ඔක්කොටම දැන් දැන් පිස්සු හැදිලා වගෙයි (නි)
හොරු සමඟ වැඩ කරනකොට මීට වඩා පරිස්සම් වෙන්න ඕනෑ (නි)
ඕක මුල්‍ය අපරාධ අංශයටම වාර්තා කළොත් නරකද? (නි)
දැන් පොකට් හොරු සහ පොල්හොරු අල්ලගන්න ආයෙත් පොල් ගහන්න වේවි (නි)
දෙවියෝ ඒ වෙලාවෙම ප්‍රතිඵල පෙන්නලා (නි)
මේක කාගේ වැඩක් වෙන්න ඇද්ද? (නි)
හොරෙන් කඩාගෙන ආ පොල් ගහලා දෙවියන්ව රවට්ටන්න බැහැ. මම දෙවියන් අදහන්නේ නැතිවුණාට දෙවියන් විහිලුවකට ගන්නේ නැහැ. අතන කට්ටියක් යුඑන් එක ළඟ විකට වැඩසටහනක් රඟ දක්වනවා. මේගොල්ලොත් මෙතන 'විනෝද සමය' රඟපානවා (නි)
අල්ලපු ගෙදර පොල් හොරකම් කරලා තමන්ගෙ නමින් දානය දෙනවා වගේ වැඩක් තමයි මේ අය කරන්නේ. (නි)
දෙවියන් එතනදීම වැරදිකාරයන්ට දඬුවම් දී තිබෙනවා. මේක දැනුන හැටියේම අතේ තිබුණ පොල් ගෙඩිය ඔලුවේ ගහගන්න හිතෙන්න ඇති මේගොල්ලන්ට.... (නි)
අනේ මොකද වුණේ? දෙවියෝ නිවාඩු ගිහින්ද? (නි)
දෙපැත්තක්ම පොල් ගහන නිසා දෙයියන්ට ප්‍රශ්නයක් වෙන්න ඇති (නි)
ඇති ඔයින් ගියා (නි)
සල්ලි ගොඩක් තිබිලද? (නි)
මෙයාලා පොල් ගහනවා. කාට කියන්නද මේවා? (නි)
දෙයියෝ කෝපවෙලා. (නි)
ඒකනම් නියම වැඩේ (නි)
හොරෙන් ගස් නග්ගලා පොල් කඩවාගත්ත කොල්ලන්ට දෙන්න තිබුන සල්ලි ටිකටත් එහෙනම් ඇන්නා. මේකද මේ රටේ තියෙන යහපාලනය? (නි)
හොර පොල් ගෙඩි 700 වන්දිය (හේ)
දෙවියෝ සාක්කි දැන් එකටත් පොල් ගහාවිද දන්නේ නැහැ (හේ)
සල්ලි කීයක් විතර තිබ්බද දන්නේ නෑ.(හේ)
කල කල දේ පල පල දේ (හේ)
හොර පොල් ගහන්න ගිය අයට දෙවියෝ එවෙලේම දඩුවම් දීලා .(හේ)
දැන් ඉතින් ඕක හොයන්න පොලිස් අපරාධ කොට්ඨාශයට බාරකරන්නයි තියෙන්නෙ (නි)
දෙවොල් දෙවියන් මේගොල්ලන්ට දඬුවම් දී ඈත්තේ වර්තමාන පාලනයට එරෙහිව පොල් ගැසිම නිසා නොවේ.(හේ)
ලංකාවේ ඇත්ත තත්ත්වය ලෝකයට පෙන්වන්න හොඳ අවස්ථාවක් (නි)
සීනිගම ගිය පොල් හොරුන්ට මරු වැඩේ වුනේ .....(හේ)
හොරෙන් පොල් කඩලා පොල් ගැහුවට දෙවියෝ කුපිතවෙලා දුන් දඬුවමක්. (නි)
හොරු රකින්න පොල් ගහනවට දෙවියොත් කැමති නැහැ. මේ සැරේ පොකට්ටුව නැතිවුණේ. අනිත් සැරේ මොනවා නැතිවෙයිද දන්නේ නැහැ. (නි)
ඕක පොල් ගහන්න ආවේ නැති කෙනෙක්ගේ වැඩක්ද කොහෙද? (නි)
හොඳ නමක් තියාගෙන හිටපු මේ මනුස්සයාත් අන්තිමේදී මේ වැඩ වලින් නම කැත කරගන්නවා (නි)
අපේ පසුම්බියට විදපු අය අල්ලන්න එපා කියලනේ හොර පොල් ගහන්න ගියේ. (බ)
ක්‍රෙඩිට් කාඩ් එක අවලංගු කළාද මන්ත්‍රීතුමා? (නි)
දැන් ඉතින් ආපහු පොල් ගහමු මුදල් සොයා දෙන්ට කියලා ඒක බැරි වුනොත් ගහපොල් වලට ගිය මුදල මහා දේශප්‍රේමීයා දිනේෂ් ගෙන් ඉල්ලාගනිමු සීනිගම දෙවියා සත්‍යවාදී නම් මුදල්ද සොයා දිය යුතුයි (බ)
"සීනිගම දේවාලෙට හොරපොල් ගැහුවා වගේ " කියලා ප්‍රස්ථා පිරුළක් අපේ භාෂාවට එකතු කිරීමේ ගෞරවය මේ කට්ටියට ලැබේවි (නි)
ඕකට තම කියන්නේ සිංහල භාෂාවේ "බල්ලොත් එක්ක ලගිනකොට මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා කියන්නේ " දැන් පලයන් එෆ් සී අයි දී උඹේ පොකට්ටුව හොයාගන්න (බ)
ගහපු කෙනාට නොබෙල් තෑග්ග දෙන්න වටිනවා ,(කෞ)
හිඟන්නාගේ පාත්තරේට හොරා පාත් වුනා වගේ නේද ?(හේ)