කොළඹ කොල්ලුපිටියේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අහෝසි කරන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂය සීනිගම දේවාලයේ පොල් ගැසීමට සැලසුම් කර ඇති ලබන හය වැනි දා එම අංශය අහෝසි නොකරන ලෙස ඉල්ලමින් ලංකා දේශාභිමානී ජාතික පෙරමුණ ද පොල් ගසන බව එහි සභාපති පුෂ්පකුමාර ද සොයිසා මහතා කියයි.
අම්බලන්ගොඩ සිට දේවාලයට පාගමනින් ගොස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ වැඩ ඉදිරියට ද කරගෙන යෑමටත් හොරුන් හා දූෂකයන් පිටු දැකීමටත් දෙවොල් දෙවියන්ට කන්නලව් කරන බවත් ඒ මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයි පෙරමුණ පොල් ගැහුවත් කමක් නැහැ , හැබැයි පුතෝ හොරකම් කරලනම් පොල් ගහනව බලාගෙනයි , මොකද සාපෙ තමන් කරාම එන්න බැරි නැහැ (බ)
දෙවියෝ දන්නවා නේ කව්ද හොරා කියල පොල් ගෙඩිය නැවත හැරේවි (බ)
මුලින්ම පොල් ගැසිය යුත්තේ සිංහලයා සතු මේ එකම බිමේ සිංහල බෞද්ධ අයිතිය බලපෙරේත දේශපාලනය වෙනුවෙන් අසිංහල ජාති වාදීන්ට බිල්ලට දෙන අයට. (බ)
පලිගැනීම දිගින් දිගට ඉදිරියට යාවි වගේ. වෛරයෙන් වෛරය නොසන්සිදේ කිව්වට ඒක තේරුම් ගත්තු කෙනෙක් නැහැ. පක්ෂ දේශපාලකයන්ට කඩේ යන පිරිසක් මිසක් රට ගැන දැක්මක් ඇති අය දැන් හොයන්න අමාරුයි. (බ)
දැනට යෝෂිතව විතරයි සැකපිට අඩිකරණයට ඉදිරිපත් කළ විගස, පොලීස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අහෝසි කරන්නයි කියල බල කරන තරමට තත්වය බරපතලයි. වැරැද්දක් කළේ නැත්නං මොනවට බයවෙන්නේ? වර්තමාන රජයේ ඇමතිකම සහ නියෝජ්‍ය ඇමතිකම දරන අයත් මේ බලපෑමට සම්බන්ධයි නම්, තත්වය ඉතා බරපතලයි. (බ)
අනේ මේවගේ අන්ධ භක්තික මෝඩ රැලක් ඉන්නා රටක්! (බ)
මේ අය නිසා, දෙවියන්ටවත් නිදහසක් නැහැ.(හේ)
අපරාදේ පොල් ගෙඩි ටික.(හේ)
දෙවියන් වුනත් සවන් දෙන්නේත්, පිහිට වෙන්නෙත් යහපත් වැඩ සඳහා පිහිට පතන අය වෙනුවෙන් බව මේ මෝඩයන් නොදන්නා බව මෙයින් හොඳින් පැහැදිලි වෙනවා.(හේ)
දෙවියෝ නිකන් හොල්මන් වෙලා වගේ, මොකද කරන්නේ කියල (බ)
එක වෙලාවකට කෝ හොරු ඇල්ලුවද කියල අහනවා ඇල්ලුවම......... පොල් ගහනවා දෙගොල්ලම. (බ)
ජනතාවගේ පොදු දේපල හොරා කෑම. විශේෂයෙන්ම ලංකාවේ බහුතරයක් එක වේලකින් දවස ගෙවන මොහොතක. මෙහෙම කෝටි ප්‍රකෝටි ගණන් හොරා කාපුවහම බුදු දහමට අනුව මරුනහම කපුටෝ වෙලා උපදිනවලු. ඒවා ජනතාවට පෙනෙන්නේ නෑනේ. ඉතින් මේ හොරු ටික ඉක්මනට අල්ලලා පෙන්නන්න ඕන ජනතාවට මේ මිනිසුන්ගේ රට ජාතිය ගෙන තියෙන කැක්කුම කොහොමද කියලා. (බ)
මේකෙන් වෙන්නේ දෙවියන් වුණත් දෙපැත්තකට බෙදෙන එකයි !!!!! (බ)
මේක නම් දෙවියෝ අමාරුවේ දාන වැඩක්. (බ)
පොර පොල්ද? (නි)
ඔහොම ගිහින් දෙවියොත් අත්අඩංගුවට ගන්න එපා (නි)
පොල් වෙළෙන්දන්ට නම් හොඳයි (නි)
දැක්කා නේද පොල් ගෙඩියේ බලය? (නි)
පොල් ගෙඩියකට කරන්න පුලුවන් දේවල්? (නි)
ගහන්න ගහන්න පොල්.අපි බය නෑ.(හේ)
ඉතින් හොරකම් නොකලානම් බයවෙන්න දෙයක් නැහැ (හේ)
පොල් වලට හොඳ කලක් යයි වගේ (නි)
මෙච්ච්චර පොල් ගණන් ගිහින් තියන වෙලාවේ ඔය පොල් ගෙඩිය ගෙදර ගිහින් ගෑවා නම් ගෙදර ඉන්න දෙයියෝ බලාගනිවි (නි)
හොරා කවුද කියලා දැනගෙනත් අපරාදේ මෙහෙම පොල් නාස්ති කරන්නේ. කන්න නැති දුප්පත් මිනිසුන්ට දුන්නා නම් නේද හොඳ? (නි)
මෙතන ගසන පොල් වලින් හොරුන් අමාරුවේ වැටෙනවාමයි. දෙවියෝ හොරුන්ට උදවු කරන්නේ නැත (නි)
මම හිතන්නේ දෙවියෝ ගහපු පොල් සංඛ්‍යාව ගැන නොබලා වැරදිකාරයා හොයලා දඬුවම් දේවි. (නි)
මිත්‍යා දෘශ්ටිකයෝ වෙනස් වෙලා නොමැත. නැවත බලයට පැමිණියහොත්....?(කෞ)
සාමාන්‍ය නීතිය නැතුව වෙන වෙන ආයතන අටවපු එකෙන්ම පේනවා දේශපාලන පළිගැනීමට මොනවා හෝ පටලවා විරුද්ධ පාක්ෂිකයන් ඇතුළට දැමීමේ උවමනාව. (නි)
ඇයි පොල් ගගහන්නේ? ගහන්නකෝ වට්ටක්කා, ලබු, පුහුල් එහෙම. ඕක හරියනවා නම් ප්‍රභාකරන්වත් පොල් ගහලා මට්ටු කරන්න තිබුනනේ, යුද්ධ කරන්නේ නැතුව! (නි)
ඔය මොන ලේ කට්ටියට වුණත් බියක් සැකයක් නැතුව උද්ඝෝෂණයක් වුණත් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ "යහපාලනයට" පින් සිද්ධවෙන්නයි. (නි)
පොල් ගැසීම පළිගැනීමට ගන්නා අනුවණ ක්‍රියාමාර්ගයක්. (නි)
හොරු ටික හිතේ අමාරුවට පොල් ගැහුවා කියමුකෝ. එවැනි එය මේ වගේ බෞද්ධ දර්ශනයට විරෝධී දේවල් කිරීමේ අරුමෙකුත් නැහැනේ. ඒත් තක්කඩින් පොල් ගැසු පලියට ඊට විරුද්ධව නැවත පොල් ගැසීමෙන් සාධාරණත්වය සහ අධිකරණයත් හෑල්ලු වෙනවා. මෝඩකම් ප්‍රදර්ශනය නොකර හිටියා නං හොඳයි.(හේ)
හොරු තක්කඩි කුඩුකාරයෝ ස්ත්‍රී දුෂකයෝ ඔක්කොම ගිහින් මෙරටේ නීතිය එපා කියලා පොල් ගැහුවනම් හරි. (හේ)
ඔය පොල් ගෙඩි දුප්පත් අයට බෙදලා දෙන්න.(හේ)
මෙහෙමත් මෝඩ මිනිස්සු.(හේ)
මෙහෙම නූගත් ජාතියක් ලෝකේ කොහෙවත් නැහැ.(හේ)
ගෙවත්තක මිරිස් පැළයක් සිටුවා ගැනීමට මහන්සියක් නොදරන ජාතියක් මේවගේ දේවල්වලට පොරකකා දරණ මහන්සිය ගැන අනේ ඇත්තට දෙවියෝ මොනවා සිතයිද?(හේ)
දෙවියෝ දේශප්‍රේමියෙක් නොවන නිසා නීතිය ආරක්ෂා කර ගැනීමට යම් සහයෝගයක් මේ පැත්තට ලබා දෙනු ඇත.(හේ)
පොල් ගැසීමේ තරගයක් අපිට බලා ගත හැක එකට එක කිරීමක් (බ)
මේ සැරේනම් දෙයියො පල්වෙනවාමයි (හේ)
මහින්ද මහත්තයාගේ කට්ටිය හැසිරෙන්නේ කිසිම වරදක් නොකරපු තොත්ත බබාල වගේනේ. (බ)
අපරාදේ පොල් ගෙඩි ටික (හේ)
රුපියල් 65/- පොල් ගෙඩියක් ණයට ඉල්ලලා සම්බෝලයක් හදාගෙන වේලක් කන්න දඟලන මිනිස්සු අතරේ ... මෙවන් මෝඩ මිනිස්සුත් ඉන්නවනේ.... (හේ)
බොහොම හොඳ වැඩක් (බ)
පොල් හොරකම් කළේ මේ කණ්ඩායම් දෙකෙන් කොයි කණ්ඩායමද කියා අපට දැනගන්න හැකි වේවි. (බ)
මෙහෙම පෙරමුණක් ඇහුවමයි (බ)
එෆ් සි අයි ඩි යට ඒකාබද්ධ විපක්ෂය බය ඒ අයගේත් ප්‍රශ්න ඇති (බ)