IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


සොනක්ෂි RS – RK ප්‍රතික්ෂේප කරලා

සැප්තැම්බර් 02 වැනිදා බොලිවුඩ්හි තිරගත වන 'අකීරා' චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවට පණ පොවන සොනක්ෂි සින්හා බොලිවුඩයේ ජනප්‍රියතම යොවුන් නළුවන් දෙදෙනෙකු වන රන්වීර් සිං හා රන්වීර් කපූර් දෙදෙනා ප්‍රධාන නළු චරිත පණ පොවන බොලිවුඩ් චිත්‍රපට දෙකක් සඳහා එක්වීමට අකමැත්ත පළ කර තිබෙන බව 'ලයිෆ් ඔෆ් බොලිවුඩ්' වෙබ් අඩවිය සඳහන් කරනවා.

කෙසේ වෙතත්, සොනක්ෂි මෙසේ මොවුන් පෙනී සිටින චිත්‍රපට සඳහා එක්වීමට අකමැත්ත පළ කර ඇත්තේ ඔවුන් සමග විරසක වීමක් නිසා නොවන අතර, ඇයට මෙම චිත්‍රපට රූපගත කරන කාලය තුළ අර්බාස් ඛාන්ගේ 'ඩබාන්ග්' තුන්වැනි චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු යෙදී තිබීම නිසා බව සඳහන්.

ඇය මීට පෙර රන්වීර් සිං සමග 'ලුටෙරා' චිත්‍රපටයේ රඟපා තිබුණද ඇය රන්බීර් කපූර් සමගින් තවමත් චිත්‍රපටයක රංගනයෙන් දායක වී නෑ. ලැබෙන තොරතුරුවලට අනුව ඇයට 'ඩබාන්ග්' චිත්‍රපටයේ පමණක් නොවන මෙවර රියෝ ඔලිම්පික් තරගාවලියේදී රිදී පදක්කමක් දිනාගත් බැඩ්මින්ටන් ක්‍රීඩිකා PV සින්දුගේ ජීවිත කතාව අලළා නිර්මාණය කරන චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු මෙම කාලසීමාවේදී යෙදී තිබෙන බවද සඳහන්. ඇය මෙම චිත්‍රපටයේ PV සින්දුගේ චරිතය නිරූපණය කරනු ලබනවා.  

20160831Sonakshi-1



අදහස් (0)

සොනක්ෂි RS – RK ප්‍රතික්ෂේප කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 105 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 258 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 603 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site