සීනි ආණයන ගනුදෙනුවක් සම්බන්ධයෙන් වැල්ලවත්තේ කනගරාජා නඩරාජා නම් වයාපාරිකයාගෙන් රුපියල් තුන්කෝටියක් වංචා කළැයි කියන කොල්ලුපිටියේ සින්නතුරේ ඥානචන්ද්‍රන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් ලබන 13වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. තමාගෙන් ගත් මුදල් වෙනුවෙන් ඔහු කීපවරක්ම අගරු චෙක්පත් නිකුත් කළ බවත්, පැමිණිලිකරු කියා සිටියේය. රහස් පොලීසිය පරීක්ෂණ පවත්වයි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැනිරස කේස් එකක්.
සාමාන්‍යයෙන් ව්‍යපාරිකයෝ අත්පිට මුදලට බඩු ගන්නේ නැහැ.ඩේට් දාපු චෙක් තමයි දෙන්නේ.සමහරවිට චෙක්පත් නිකුත් කරන ගිනුමේ මුදල් නැති වෙන්න පුළුවන්.මොකද බිස්නස් කියන්නේ තනිකරම රෝලක්. මුදල් එහෙන් ලැබෙනකොට මෙහෙන් වියදම් වෙනවා.ඒක නිසා චෙක්පත් නිකුත් කරන ජංගම ගිණුමේ නිතර මුදල් නැතිවීම සාමාන්‍ය දෙයක්.ඒ ගිණුම ස්ථාවර ගිණුමක් නම් ඕන්න අවුරුද්දක් විතර වෙනස් නොවී මුදල තියේවී.එත් ව්‍යාපාරික ගනුදෙනුවලදී නිරතුරු ශේෂය වෙනස්වන නිසා තමයි ජංගම ගිණුමක් බැංකුවට කොමිස් මුදලක් ගෙවලා පවත්වගෙන යන්නේ.ඒ නිසා මෙහි දෙපැත්තක් තිබෙන බව මට සිතේ
අනේ ළමයිනේ . සීනි සල්ලිනේ ...
වැඩේ තිත්තයි.
කූඹින්ට අහු වුණොත් ඉදලා හමාරයි රජෝ
හරි ස්වීට් නඩුවක් මෙයා.....
ඇතිදා සිනි නැති දා ගොනි.
ඒ දෙන්නා ගණුදෙනුව බලා ගනීවි
රිමාන්ඩ් එකේ කූඹි නැති තැනකට දාන්න .ප්ලීස්.....
ඉතිං ඔහේට මොකෝ?