අසම්මත ජනාධිපතිවරණයේදී සන්ධාන පාලනයට එරෙහිව සන්ධානයෙන්ම විරෝධතා පැන නැගී ඇතිබවත් සමාජ සම්මතයට එරෙහිව ජනපති තෙවරක් ජනපතිවරණයට ඉදිරිපත්වීම වැරදි බවත් දකුණු පළාත් සභාවේ එජාප මන්ත්‍රී චන්ද ප්‍රියන්ත මහතා ගාල්ල, මාතර, අකුරැස්ස හා හම්බන්තොට එජාප පාක්ෂිකයින් අමතමින් කීය.
‘‘ආණ්ඩුව ගෙදර යවන්න රජයේ සේවකයන්ද අද පෙරමුණ ගෙන සිටිනවා. සීනි බෝල දී ඔවුන් රවටන්න බෑ. යුරෝපයේ කොටි තහනම ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය හවුල් යැයි කියන කථාව හරියට අමු හෙළුවෙන් සිටින එකා ජංගියක් ඇඳ සිටින එකාට හූ කීම වැනි කතාවකි.” මේ කථාවේදී ඔහු කීවේය.
‘‘රට වැටී ඇති අගාධයෙන් ගොඩගැනීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපති කිරීමේ මහා කුසල කර්මයට දායකවන ලෙස මම කාගෙනුත් ඉල්ලනවා.”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීනි බෝල හරි රහයි. (නදී)
මම හිතෙන්නෙත් මේ සීනිබෝල දීලා දේශපාලනය කරන අය ගෙදර යවලා රටට ඵලදායී වැඩක් කළ හැකි අවංක නායක රනිල් පත්කර ගැනීම කාලයට උචිතයි කියලා. අපේ රට අපි නොදැනුවත්වම විශාල අඳුරු දැලක පැටලෙන්න යනවා. ජනතාවට විශාල පීඩනයක් යොමුවෙලා. ජනතාව බුද්ධිමත් වී හරි තීරණයක් ගන්න. (නි)
77 සිට 94 වෙනතුරු රට ගොඩගත් හැටි අපිට නම් හොඳට මතකයි. (නි)
ඔය හම්බවෙලා තියෙන්න හැමෝටම ලම්බෝජනී කාර් බලන් ඉන්න කට්ටිය කට අරගෙන සීනි බෝල හරිම රසයි. (නදී)
අද රටට අත් ව ඇති තත්වයෙන් ගොඩ ඒමට අනිවාර්යෙන් රනිල් ජනපති විය යුතුයි. එමෙන්ම විමල්, චම්පක වැනි ඇමතිවරු සිටිය යුත්තේ විපක්ෂයේ මිස ආණ්ඩු පක්ෂයේ නොවේ. මොකද මෙම දක්ෂ කට ඇති මිනිස්සු ආණ්ඩු පක්ෂයට වී කට පියාගෙන සිටින නිසා. (නදී)
දැනෙනවාද මලේ සුවද විලේ උපන් මාළුවාට (නදී)
කුසල් අකුසල් ගැන හරියට දැනගත්තොත් හොදයි උන්නැහේ. (නදී)
සීනිබෝල නෙමෙයිනේ දෙන්නේ. ඒකනේ රැවටෙන්නේ!!! (නි)
මේ රට මේ වෙනකොට ලොකු අවදානම් තත්ත්වයකට පත්වෙලා අවසන්. රටේ ලොකු අවශ්‍යතාවයන් මේ වෙනකොටත් විනාශයේ දොරටුව ළඟ. සෞඛ්‍යය, අධ්‍යාපනය මේ වෙනකොටත් විනාශ වී හමාරයි. අවංක නායකයකුගේ අවශ්‍යතාවය මේ අසරණ ජනතාවට ඉතාම ඉක්මනින් ඉටුවිය යුතුයි (නි)
රනිල් ලංකාවේ දේශපාලනයට අවංක වැඩියි. (නදී)
අවුරුදු තිහක් වැටිලා තිබුන අගාධයෙන් ගොඩ ගත්ත කෙනාට කළගුණ සලකලා ඉවරවෙලාම බලන්නම්. ඒ වෙන කොටවත් අර බුද්ධික පතිරන මන්ත්‍රීතුමා එක්ක තියන අවුල එහෙම ලිහාගෙන ඉන්න. (නදී)
රටේ කර තිබෙන සංවර්ධනය සීනි බෝල තරම් වටින්නේ නැද්ද?කොටි ඩයස්පෝරාව හැදුවේ කවුද? සිංගප්පුරුව,මලයාසියාව වැනි රටවල් දියුණු වුණේ එකම නායකයෙක් යටතේයි. අසම්මත චර්යා තිබෙන්නේ කාටද කියලා අපි දන්නවා (නි)
මසුරන් කතාව (දිල්)
මෙයා ලංකාවේද ඉන්නේ ? පරසක්වලද ? (නදී)