ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි සනී ලියොන්ට එළැඹෙන 08 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පැවැත්වෙන "නිව්යෝර්ක්" විලාසිතා දැක්මට ආරාධනා කර ඇතැයි "ද ඉන්දියන් එක්ස්ප්‍රස්" වෙබ් අඩවිය සඳහන් කරයි. 32 වැනි වියෙහි පසුවන සනී මෙම ආරාධනාව ලැබීමත් සමග සිය %ටිවිටර්^ ගිණුමට අදහස් එක් කරමින් සඳහන් කර ඇත්තේ එය තමාගේ සිහිනයක් සඵල වීමක් බවයි.
මෙහිදී සනි ලියෝන් පෙනී සිටින ඇඳුම් විලාසිතා නිර්මාණය කිරීමට නියමිතව ඇත්තේ ජනප්‍රිය ඉන්දීය ඇඳුම් විලාසිතා ශිල්පී අර්චනා කක්කර් විසින් බව සඳහන්. සනී මෙසේ "නිව්යෝර්ක්" විලාසිතා දැක්මට පෙනී සිටින පළමු අවස්ථාව මෙය වන අතර, ඇය මීට පෙර කිසිදු විදෙස් රටක හෝ ඉන්දියාවේ විලාසිතා දැක්මට පෙනී නොසිටි බවද එම වෙබ් අඩවිය වාර්තා කරනවා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd