සිනි ආනයනික බද්ද රුපියල් 12 කින් ද අර්තාපල් බද්ද රුපියල් 10 කින් ද රජය මඟින් වැඩි කර ඇත.
සිනි බද්ද පෙරේදා (7) සිට අර්තාපල් බද්ද ඊයේ (8) සිට ද ක්‍රියාත්මක වේ.
ඒ අනුව සිනි කිලෝවක් සඳහා පැවැති රුපියල් 18 ක බද්ද රුපියල් 30 දක්වා ද අර්තාපල් කිලෝවක් සඳහා පැවැති රුපියල් 30 ක බද්ද රුපියල් 40 ක් දක්වා ද වැඩිවේ.
සිනි බද්ද වැඩි කළ ද සිනි මිල වැඩි කර නොමැති බව රජය කියයි.
අර්තාපල් බද්දේ අරමුණ මෙරට අල ගොවියා රැකීම බවද රජය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ රුපියල් 10 කින් මොනවා කරන්නද දැන් කාලේ? ඔය බද්ද රුපියල් 50 කින්වත් වැඩි කරන්න, මහජනතාවගේ ඇඟට දැනෙන්න. (නි)
මේක මෙහෙම නොවිය යුතුයි.තිබුණ විදියටම තියන්නනම් ආණ්ඩුව මාරු කරන්න ඕනා නෑනේ. බදු ප්‍රතිපත්තිය වෙනස් කළ යුතුයි.වක්‍රබදු අඩු කළ යුතු අතර ඍජු බදු වැඩි කළ යුතුයි........නැත්තන් අපිට හිතන්න වෙන්නේ මේ අයත් ධනපතීන්ටම තමයි වැඩ කරන්නේ කියලා..(ම)
දැන් කට්ටියට මොකද දන්නෙ නැහැ හිතෙන්නේ? (නි)
මේකෙන් මිල වැඩි වෙන්නේ නෑ.පාලන මිල වෙනස් කරලා නෑ. හොදට කියවල අදහස් පළකරන්න මීට පස්සේ. (අ)
රට ගැන ජනතාව ගැන හා තීරණ ගන්න තම බුද්ධිය හා හැකියාව පිළිබදව අවබොධයකින්ම මෙිවා කරානමි තමයි හොද.(ම)
ලහිරු, තව හොඳට කියවන්න (නි)
සීනි නැතුව තේ බොන්නම්... අලගොවියා රැකගන්නම්... ඔබලා රට හදනවනම්... හාල් නැතුව බත් කන්නම්... (නි)
බැරිද දේශපාලකතුමාලගේ පඩි අඩුකරගන්න. මම මේ කිවුවේ දේශීය ජනතාව ආරක්ෂා කරගැනීමට. (නි)
ජනතාවට ප්‍රශ්න නම් ඇති කරන්න එපා. (නි)
ආහාර වලට බදු ගහන එක වරදක්ද (අ)
යහ පාලනය නියමයි. ඔය පල වෙනි එක තව බලාගන්න පුළුවන් ඉස්සරහට මේ ඔක්කොම බලයට එන්නේ අප්පේ මොනවටද (අ)
අපි සීනි නොකා ඉන්න බලමු (නි)
ඔහොම යමුකෝ! (නි)
ඉමේෂ මේගොල්ලෝ ඔය කයිවාරු ගහන තරමට ජනතාවට වැඩ කරනවා නම් පඩි නැතුව වැඩ කරන තරමට කැක්කුමකින් පසුගිය දවස්වල කතා කළේ. දැන් පෝලිමේ දිවුරුම් දෙනවා. මොකටද...අමාත්‍ය සැප ගන්න. නිකන් බලන්නකෝ එක්කෙනෙක් වත් මට පඩිය එපා කියාවිද කියල? ඔය දෙගොල්ලොම එක බෝට්ටුවේ කියල නොතේරුන ජනතාවට මේ තීන්දු තීරණ ගැන කට උත්තර නැහැ දැන්. ආයෙත් ඡන්දයක් තිබ්බත් දෙපැත්තේම හොරු රැලටමයි ඡන්දෙ දෙන්නේ. අන්න ඒකයි අවාසනාව. (අ)
රට හැදීම කොහොම වුණත් පත්කරගත් ගෝලබාල රොත්තට පහසුකම් සලසන්න මුදල් එපාය, (අ)
ජනතාවට බදු පටවනේ නෑ කිවට අාපු ගමන් කෙලිය නේද (බ)
ආහාරවලට බදු ගහන එක වරදක් වශයෙන් පෙන්නේ නැහැ තණකොළ කන හරක්ට. (අ)
මේ නම් යන්නේ පරණ පාරේම තමා නැත්නම් මුතු හෙට්ටිගමට මාතලේ වසන්තට සුසන්ත වගේ අයට ඇමතිකම් දේවිද (අ)
ඡන්දෙන් පස්සේ ඕක වෙනවා කියල සමහරු කිව්වා නේද කලින්ම (අ)
අනේ මිනිසුනේ, මෙහි ඇත්තේ බද්ද වැඩිවුණාට මිලේ වෙනසක් නැහැ කියලා (නි)
කෑම වලට බදු ගහන එක කුරු කරත් සුබවාදී දෙයක් නොවේ (ම)
ලහිරු,ඔයා හිතන්නේ වැඩිකළ බද්ද දේශපාලකයෝ එයාලගේ සාක්කුවෙන් ගෙවයි කියලද? (නි)
ඔය කිවුවට තව ටික කාලයක් යද්දී දන්නෙම නැතුව ගණනුත් වැඩිවෙලා තියෙයි (නි)
මෙහෙම යනකොට සීනිත් තිත්තවෙන කාලයක් එයි (නි)
යන විදිය බලද්දී මට හිතුනා මෙහෙම වෙයි කියලා. (නි)
මටනම් පෙනෙන්නේ රුපියල් ඩොලරයට සාපේක්ෂව බාල්දු වුණු නිසා මිල වැඩි වෙනවා කියලයි. (ම)
බලන් ඉන්න හොද හොද සෙල්ලම් ඉදිරියට .මේ ආණ්ඩුව රටට කරන දෙයකුත් නැහැ . කරන එකම දෙය දෙන්නෙකුගේ ජිවිත කලේම දැකපු සිහින දෙකක් සැබෑ කිරීම . (අ)