පසුගිය ජනාධිපතිවරණ සමයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට අපහාසවන අන්දමින් විද්‍යුත් මාධ්‍ය දෙකක වැරදි පුවතක් පළ කළැයි ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුධර්මන් රදළියගොඩ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ලබන 24 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
සිරිසේන මහතා සිය ඡන්ද ව්‍යාපාරයට බාල වයස්කාර දරුවකු යොදා ගත්තැයි රදළියගොඩ එම මාධ්‍ය මඟින් ප්‍රචාරය කළ බවත් එවැන්නක් සිදු නොවූ බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.
පසුගිය 5 වැනිදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා රදළියගොඩගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක්ද පැනවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේවල් කොහන් කෙවර වෙයිද දන්නේ නෑ .තව කී දෙනෙක්ට මේ දේ වෙයිද (දිල්)
වරදක් කලානම් දඩුවම් ලබා දන්නා ඕනේ.(හේ)
අනිවාර්යයෙන්ම දඬුවම් කළයුතුයි. නැත්නම් එය නරක පූර්වාදර්ශයක්. (නි)
මේ වගේ අයට දඩුවම් දෙන්ට පෙර අපේ රටේ එල්ලුම් ගස ක්‍රියාත්මක කරන්න කියලා මම ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටිනවා.(හේ)
එතකොට පරණ වරෙන්තු ඉවරද?(හේ)
කළ පවු පළ දේ.(හේ)
මේ වගේ අය රටට පිළිලයක්.(හේ)
තමන්ගේ පවුලටත් ඔහොම මඩක් වැදුනා නම් මෙයා කොහොම හැසිරේවිද ? (හේ)
රුපවාහිනිය මාර්ගයෙන් ජනතාව නොමග යවා , තම අදහස් ඉටු කර ගන්න මෙවෙනි අයට නීතියෙන් උපරිම දඬුවන් දිය යුතුයි.(හේ)
මේ හෙමදේම සාධාරණීකරණය කරන්න යනවා නෙමෙයි... ආණ්ඩු පෙරලෙන කොට ලොකු පුටු වෙනස් කරන්නේ ඒ ගොල්ලන්ට කඩේ යන අය හොයලා...මේක ලංකාවේ මහින්ද ආණ්ඩුවේ විතරක් වුනු දෙයක් නෙමෙයි...පහුගිය රජයන් ඕවා ඔය විදියටම කළා... "කැලය මාරු වුනා කියලා කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැනේ"(හේ)
මේ වගේ අය නිසා තමයි අපේ රට විනාශ වෙන්නේ.(හේ)
හරි ජයසේකර එහෙනම් කියන්න බලන්න රුපවාහිනියේ බාල වයස් කාරයෙක් යොදවලා , ප්‍රතිවාදී අපේක්ෂකයාට මඩ ගැහුවේ කලින් තිබුන මොන රජයෙන් ද කියලා. (හේ)
එතකොට අර පරණ යකඩ කේස් එකට මොකද වුනේ?? (හේ)
එතකොට අර යකඩ කේස් එක.(හේ)
අනේ, ජයසේකර මේවා සාධාරණිය කරන එක තම ඔබලාගේ නිවට පුරුද්ද. දැන් මෙන්න යකඩ මල්ලටත් ගුල්ලෝ විදලා. (හේ)
ඇත්ත හෙළි කලාට ඔබට ස්තුතියි සුදර්මන් (නදී)
වසරේ අහන්න ලැබුණු හොදම පුවත.ප්‍රජතන්තවාදයට ජයවේවා.(හේ)
අපි මෙයා ගැන අහලා තිබ්බේ මීට වැඩිය දේවල්.(හේ)
මේ වගේ බොරු මඩගැසීම් මගින් පුද්ගල චරිත ඝාතනය කරන පුද්ගලයින්ට නීතියෙන් උපරිම දඬුවම් ලබා දියයුතු යැයි සිතමි. අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වැනි බෝධිසත්ව ගුණෝපේත ගුණයහපත් උතුමෙකු හට නැඟූ ඒ බොරු මුසාවාද අවමාන නිසා එතුමා කෙතරම් කම්පාවට පත්වෙන්න ඇද්ද? ඇයි මේකේ සුදර්මන්ට කඩේ ගිහිල්ලා අදහස් දක්වන අය නිකමටවත් දුරදිග නොසිතන්නේ? (නි)
දැන් මෙයාව අත්අඩංගුවට ගන්න ඕනෑ ඕකට නෙමෙයි, වෙන දේවල් වලටනේ.හොය හොයා හිටියේ... කෝ දැන් ඒ වැරදි වලට නිදහස ලැබුනද? (නි)
අර.යකඩ ගැනත් මේ ගමන්ම ප්‍රශ්න කරන්න (දිල්)
මොහුට වරෙන්තුවකුත් තිබෙනවා නේද යකඩ වගයක් නීතිවිරෝධීව විකුණලා කියලා? වරෙන්තුවක් තියාගෙන මොහු නිදහසේ හිටියේ කොහොමද කියන එක පුදුමයක්.... (නි)
මෙවැනි ගති ඇති දුෂිත පුද්ගලයින් ඉහළ තනතුරුවල සිටීමෙන් එම ආයතනයේ සහ එහි සේවයකරන වැදගත් පුද්ගලයින්ගේ තත්වයද අවතක්සේරුවට ලක් වෙනවා (දිල්)
මේ වගේ මිනිස්සු ඉහළ පුටුවලට යැව්වෙ රටේම අවාසනාවට. හිනාවෙවී යන්නෙ මේක තමන්ට ලැබුනු සුදුසුකමක් වගේ දේශපාලනයට එන්න. දැඩි දඬුවම් දෙන්න ඕනෑ. (නි)
මේ වගේ අය උල තියන්න ඕනේ (නදී)
අපි ඉන්න රටවල් වලත් මැතිවරණ තිබෙනවා.අපිත් චන්දෙ දෙනවා. පුදුමයි ඇයි මේ ලංකාවේ මිනිස්සු මෙච්චර නටන්නේ දඟලන්නේ ? මොන කෙන් ගෙඩියක් ලැබෙනවටද? මේ සෙල්ලම එන්න එන්න දරුණු වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. (නදී)
මෙවැනි අය ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී තනතුරට පත්විමට පෙර හා පසු වත්කම් ගැනත් සොයා බැලියයුතුයි. (අ)
එතකොට යකඩ කේස් එකට විවෘත වරෙන්තු කළ එකට මොකද වෙන්නේ.(හේ)
මෙයාගේ යකඩ හොරකමේ වරෙන්තු නඩුවට මොකද වුණේ? (නි)
දෙන්න ඕනෑ අරාබියේ දඬුවම්. හිතන්න ඇති හැමදාම බොරුවෙන්ම ඉන්න. (නි)
මෙවැනි වගකිවයුතු තනතුරු වලට පත් කිරිමේදි අධ්‍යාපන සුදුසුකම් හා පසුබිම් පරික්ෂණයක් කළ යුතුයි. මින් ඉදිරියටවත්. මෙවුන්ගේ වත්කම් පරික්ෂා කරන්න. (දිල්)
වරෙන්තු තිබිලත් පොලිසියෙන් ඇල්ලුවේ නැත්තේ මේ පුද්ගලයම නේද පහුගිය කාලේ. (දිල්)
කවුරු මොනවා කිවුවත් මෙයා හරි සතුටකින් තමයි රිමාන්ඩ් හිරගෙදරට යන්නේ (නි)
මේවගේ අයට හොදට දඩුවම් දෙන්න ඕනේ (දිල්)
සඟවපු මොකුත් නැද්ද බලන්න රැගෙනයන්න? (නි)
මේ වගේ අය නිසා ඇත්තටම මාධ්‍යට ලැජ්ජාවක්.(හේ)
මෙයාටත් හොඳ පෙනුමැති පුතෙක් ඉන්නවා. ඔය ඉඳලා හිටලා ටෙලි නාට්‍යය වලත් පෙනී සිටිනවා. එහෙම එකේ තව කෙනෙකුත් ගේ පුතෙක් යොදාගෙන මොන හිතකින් මෙහෙම කැත වැඩක් කලාද මන්දා. (හේ)
මේ වගේ අය එළියට දාන්න එපා.(හේ)
මේ පුද්ගලයා මෛත්‍රිපාල සිරිසේන වැනි මහත්මයෙකුට කළ ඒ අපහාසයට, කවදාහරි නීතියෙන් හෝ එතුමාගෙන් සමාවක් ලැබුනත්, දෙවියන්ගෙන් හෝ හෘද සාක්ෂියෙන් නම් මොහුට කිසිදා සමාවක් ලැබෙන එකක් නැහැ (නි)
පෙර කළදේවල් දැන් පටිසන් දෙනවා. (නි)
ජයසේකරලා වගේ හිතන අය ඉන්නතුරු අපෙි රට ගොඩගන්න බැහැ. අනාගත පරපුර හදාගන්නත් බැහැ. හැමදාම අරයත් කළා මෙයත් කළා, ඒක නිසා අපිත් කළාට කමක් නැහැ කිය කියා වැරදි කරන එක තමයි වෙන්නේ. ජයසේකර, ඔයාට කාත් කවුරුත් නැති දූපතකට ගිහින් ජිවත්වෙන්න. මොකද අපිට මේ රට හදාගන්න ඕනෑ. (නි)
ගොඩක් තැන්වල නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තනතුරු දරන්නේ උගතුන් නෙමෙයි. මේ අය තමයි සියළු වරප්‍රසාද ලබන්නේ හා ඒ ඒ ආයතන වල සම්පත් හොඳට භුක්ති විඳින්නේ. (නි)
මේක ප්‍රහේලිකාවක් මෙයා මේ අත් අඩංගුවට අරගෙන තියන වැරැද්ද "රූකඩ " මාධ්‍යකාරයෙක් " විදියට ඉහළින් අපු නියෝගයක් හින්ද කරන්නම උනා කියල අපි (නිකමට ) හිතමු .නමුත් මෙයා ගැන කතා තිබුනේ වෙන දෙයක් ගැන නේද ? ඒ ගැන පරීක්ෂණ නැත්ද ? (බ)
දේශපාලන බලය පාවිච්චි කරලා තමයි මෙච්චර කල් හිටියේ යහතින්.(හේ)
අනේ ඇයි ලංකාවේ මේ වගේ අයට රටේ වැදගත්ම ආයතනවල ඉහළම තනතුරු දෙන්නේ? "මිණිකැට යටයනවා ගොම රිටි උඩඑනවා" කියන්නේ මේවට තමයි. මීට වඩා උගත් වැදගත් මහත්මාවරු මේ රටේ නැද්ද හොයාගන්න? අනික තව තව චෝදනාත් තියෙනවානේ (නි)
මේක මොකක්ද ප්‍රනාන්දු මහත්තයෝ, පහුගිය කාලේ ප්‍රභල රාජ්‍ය බැංකුවක අධ්‍යක්ෂක මණ්ඩලයකට දාලා ලක්ෂ ගණන් පඩි, වාහන , ඉන්ධන, නිල නිවාස දීමනා එහෙම දිලා තිබුනේ කේන්දර බලන කෙනෙකුට. එතුමාමයි මාධ්‍යයට කිව්වේ යනකොට "ඔන්න මම අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා අස්වුණා, වාහන ගෙවල් බාරදුන්නා " කියලා. ඒකයි අපිත් දැනගත්තේ. එහෙව් රටක් මේක. (නි)
පසුගිය වසර කිහිපය තුල රටේ රජයේ නාලිකා වැඩ කරපු විදිහ සහ හැසිරුණු විදිය ඉදිරිපත් කරපු පුවත් හරිම නින්දිතයි ඒවගේම හරිම පහත් ඒ තුලින් ජනතාවට දෙන්න හදපු පණිවිඩය හරිම පිළිකුල් සහගතයි ජනතාවට මෙම නාලිකා තිත්ත වෙලා තිබුනේ. (දිල්)
ඡන්දෙ පැරදුන නිසා මෙහෙමවුණා. බැරිවෙලාවත් දිනුවා නම් කෙළින්ම " නියොජ්‍ය" කෑල්ල හැලිලා " සාමාන්‍යාධිකාරි" වෙනවා ඒකාන්තයි. මේ නිසා අපිට මින් ඉදිරියටවත් ඕනෑ උගත් හා සුදුසු හා විනයක් ඇති පුද්ගලයින් උසස් තනතුරු වලට පත්වී රට දියුණුවෙනවා දැකීමයි. යහපාලනය නිසා කලින් අයගේ රස්සා නැති කරන්නේ නැහැ කිය කියා මේ වගේ අයත් එක්ක වැඩ කරන්න බැහැ. පිළිල ඉවත්කළ යුතුමයි. නැත්නම් කිසිදා ගොඩඒමක් නැත. (නි)
බලාගෙන පැරිස් ඉන්න දේශ හිතෛෂීන් එලියට දාන්න කියලා උද්ඝෝශන කරන්න පුළුවන්.(හේ)
උපමාලි, ඔබ නිවැරදි වියහැක. (නි)
හොද දෙයට හොදයි කියන්න ඔින. පහුගිය සමයේ මෙයා හිටියේ ජනාධිපති වගේ.(හේ)
උගත්, වැදගත්, අපක්ෂපාතී අය මෙවැනි තනතුරුවලට පත් කල යුත්තේ. (ර)
මොහු අත්අඩංගුවට ගන්න තිබුනේ යකඩ හොරකමේ වරෙන්තුව මත නොවේද? ඒක තමයි මොහුට විරුද්ධව මෙතෙක් තිබුණු නඩුව. නමුත් පසුගිය මාසයේ සිදුවීමක් මුල්කරගෙන අත්අඩංගුවට ගන්නවා? (නි)
මේවා පලිගැනීම් නේද? එහෙමනම් ලංකා ඊ නිව්ස් වෙබ් එකට කව්ද දඩුවම් දෙන්නේ (නදී)
දැන් මෙයාට තේරිලා ඇති මෙයා කරපු වැරැද්දේ බරපතල කම.(හේ)
තියෙන අනිත් වැරදි වලටත් දඩුවම් දෙන්නේ නැද්ද ? (නදී)
අද ඊයේ නෙවෙයි අත් අඩංගුවට ගන්න තිබ්බේ අවුරුදු ගානකට කලින්. කඩුවෙල උසාවියෙන් නිකුත් කරපු වරෙන්තු වලට දේශපාලන හයිය අරන් උසාවියට කොකා පෙන්න පෙන්න හිටිය කාලේ ඉවරයි. දැන් ඉතින් ටොපිය කන්න වෙනවා (නදී)
ආණ්ඩුව පෙරලුවේ නැත්නම් මෙයා ජීවිතේට අල්ලන්නද ? (නදී)
හැම තිස්සේම අනුන්ට කරන දේවල් පාරා වළල්ලක් වෙලා යලිත් තමන් කරාම පැමිණිය හැකි බව සිතා බලා කටයුතු කලා නම් මොහුට අද මේ වගේ දෙයක් සිදු වන්නේ නැත (නදී)
තවත් මාද්‍ය සංදර්ශනයක්. (නදී)
එතකොට යකඩ හොරකම්, මුදල් වංචාකිරීම්, හා අනෙකුත් වැරදි වලට දඩුවම් නැද්ද ? (නදී)
මාද්‍යවේදීන් හැටියට මේ අය ඉතා නින්දිතයි (නදි)
පල් හොරා යවනු හිරයට ...!(හේ)
මාධ්‍ය නිදහසේ සීමාව කොතනද ? (නදී)