උතුරු පළාත් මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතා ඉදිරියේ දිවුරුම් නොදුන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අට දෙනෙක් සදුදා (14) මුලතිවුහි වෙල්ලමුල්ලිවයික්කාල්හි අවසන් සටන පැවති වට්ටුවාල් පාළම අසලදී හා යාපනයේ එස් ජේ වී චෙල්වනායගම් පිළිරුව අසල දී දිවුරුම් දීටම නියමිතය.
ඊ පී ආර් එල් එෆ් මන්ත්‍රීවරුන් වන ස්ර්වේෂ්වරන්,ත්‍යාගරාජා ,රවිකරන්, වෛද්‍ය ශිව මෝහන් හා ජෙග නාදන් ප්ලොට් නායක ධර්මලිංගම් සිධාර්ථන් හා ජෙ.ටි ලිංගනාදන් වෙල්ලිමුල්ලවයිකාල්හිදී සාමවිනිසුරුවරු ඉදිරියේ දිවුරුම් දෙනුයේ අවසන් සටනේදී මිය ගිය දෙමළ ජනයාට ගෞරව කිරීමක් වශයෙන් යැයි එහි ප්‍රකාශකයෙක් කියයි.
ටෙලෝ නායක හිටපු පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී සිවාජිලිංගම් චෙල්වනායගම් පිළිරුව ඉදියේ සාම විනිසුරුවරයකු ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ ප්‍රභාකරන්ගේ සොහොන ඉදිරියේ දිවුරුම් දුන්න කියන එකයි. යථාර්තය අපි ඊළමක් වෙනුවන් දිවුරුම් දුන්න කියන එකයි. ඊලග යුද්දෙදි මුන් සේරම ඉවරයි කියන එකයි අපිට කියන්න තියෙන්නේ. ගහන්න ගහන්න වදින එකත් මෝඩයා, වදින්න වදින්න ගහන එකත් මෝඩයා. (නදී)
සුද්දෝ අපේ රට කොල්ල කෑවාට කමක් නැහැ ඇයි දෙමලු ගෙනත් දැම්මේ ? (නදී)
දිවුරුම් දීමේදී මොවුන් "ශ්‍රී ලංකා ජන රජයට පක්ෂපාතී බවටත්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවටත්, රට තුල වෙනම රාජ්යයක් වෙනුවෙන් දේශනා නොකරන බවටත්..................". ආදී වශයෙන් දිවුරුම් දෙනවාද? ඒ ගැන සොයා බලනවාද? (නදී)
සුනිල් ,ඉතිහාසය ටිකක් දුරට කියවන්න. එවිට ඔබට වැටහේවි. (නි)
ව්‍යවස්ථාවට අනුව නම් දිවුරුම් දෙන්නේ කොතන කළත් මොකද්ද තියෙන ප්‍රශ්නය? කරන දෙය නීතියට අනුවද කරන්නේ කියන එක නේද අප බැලිය යුත්තේ? (නි)
ඔය උතුරේ ඉඩම් වෙන අයට ගන්න බැරි නීති (තේසවලමේ) , නීති පොතට ඇතුළත් කළ සුද්දෝ කියලා තිබෙනවා එම නීතිය අදාල වෙන්නේ ඉන්දියාවේ කොරමදල් වෙරල තීරයෙන් පැමිණි මලබාර් ජාතිකයන්ට බව.ඒ කියන්නේ ඔය කියන නීතිය අදාල වෙන කට්ටිය ඔක්කොම ඉන්දියාවෙන් තමා ඇවිල්ලා තියෙන්නේ. (නි)
ලාරා දෙමල මිනිස්සු කව්රුත් මෙහෙට ගෙනත් දෙම්මේ නෑ. සිංහල අපිම ලියපු ඉතිහාස පොතේ මුල ඉඳලම දෙමලුත් ඉන්නවා. ඇත්ත ඒක තමයි. ඔයාගේ වගේ ඉතිහාස දැනුමක් තිබුන අය ගත්ත තීරණ නිසා තමයි මේ විනාසය . (නදී)
මේ අයට පිස්සු,අනේ මන්දා අර අහින්සක දමිල ජනතාවගේ ඡන්දත් සමග විහිලු කරනවා,,,,,? (නදී)
ලාරා ඉතිහාසය ඉගෙන ගන්න. ඒ අය දුටු ගැමුණු කාලේ ඉදලා මේ රටේ ඉන්නවා.(නදී)
දෙමල මිනිසුන්ට ලංකාවේ හැම පළාතකම ඉඩම් මිලදී ගන්න පුළුවන් නමුත් සිංහලයන්ට සහ මුස්ලිම් මිනිසුන්ට යාපනයේ ඉඩම් මිලදී ගන්න බැහැ, දෙමල මිනිසුන්ට තිබෙන විශේෂ වරප්‍රසාද ගැන නොබැඳි ජාතික සමුළු වේ දී ප්‍රකාශ කරන්න , කරුණාකර සමුළුවට ඉස්සරවෙලා අර තන්ගලේ දී සුද්ද මරපු මිනිමරුවට සහ රතුපස්වල මිනීමැරුමට සහ මාධ්‍යවේදීන්ට පහර දීමට අණ දුන් අයට නීති මගින් සුදුසු දඩුවමක් දීල අපි මානව හිමිකම් රකින බව ලෝකයට ඔප්පු කර පෙන්වන්න (නදී)
අද ඉන්න හුඟ දෙනෙකුට ඉතිහාස දැනුම මද බව මෙහි අදහස් වලින් පැහැදිලිය. මේ රටේ හිටියේ ගෝත්‍රික කොටස් හතරක් පහක් පමණයි. යක්ෂ, නාග , දේව , සහ විජයගෙන් මුහුවූ සිහ කියන අය. මේ ගැන හරියට දැනගන්න ඕනෑ කෙනෙක් ඉන්නවා නම් යු ටියුබ් එකට ගිහින් කොටුගොඩ දම්මාවාස නායක හාමුදුරුවන්ගේ බණක් තිබෙනවා, අන්න ඒක අහන්න. නායක හාමුදුරුවෝ බොහොම පැහැදිලිව අපේ ඉතිහාස කතාවේ සාරාංශයක් පිළිවෙලට ගොනු කරලා දේශනා කරනවා (නි)
විග්නේශ්වරම් මහත්තයානම් ඇත්තටම හොදයි. මේ අට දෙනා නම් කොහේ යන අයද මන්දා.(නදී)
එළාර, ලංකාවේ හිටියේ ගෝත්‍රිකයෝ ඔවුන් දෙමලු නෙමෙයි ?.පසුව ඔවුන් වත් සම්බුදු බණ වලින් පිරිසිදු කළා මිහිදු මහා රහතන් වහන්සේ.(නදී)
අපේ රටේ ඉතිහාසය දිහා බැලුවහම අපේ රටට එරෙහි වෙන බලවේග සහ කුමන්ත්‍රණ ජය ගැනීමට හැම අවස්ථාවකම රට එක්සත් කිරීමට නරපතියන් බිහිවෙලා, ඒවා පරාජය කරලා ,රට එක්සේසත් කරලා තියෙනවා.එක ඉදිරයටත් එසේමයි.(නදී)
රටේ තිබෙන ප්‍රශ්න පිටට රැගෙන යන්නේ අර ලන්දේසි ,පෘතුග්‍රීසි,ඉංග්‍රීසිකාරයන්ගේ නම් අරගෙන ඉන්න අය තමයි. සුද්දාගෙන් නිදහස ලබා ගත්තාට සුද්ද ඉතිරි කරලා ගිය කොටසක් මේ රටේ ඉන්නවා. ඒ අයගෙන් මේ රට නිදහස් කර ගැනීම පහසු නැත. (නි)
සියලු දෙනාගේ අදහස් කියැවූ නිසා ලියන්නට සිතුවෙමි. පළමුව මෙහි ලියන අය දැනුමක් ඇතුව ලිවිය යුතුයි. අපි හොද ඉතිහාසයක් ඇති ජාතියක්. අවසනාවකට ඒ පිළිබදව සිංහල බොහෝ දෙනෙකුට දැනුමක් නැත. ඉන්දියාවේ හින්දි නළු නිළියෝ ගැන ඇසුවා නම් කියයි. පළමුව විජයව නැගෙනහිර ඉන්දියාවෙන් පිටුවහල් කළ විට ලංකාවට ආ බවත් ඔහු දෙමල නොවන බවත් දැන ගන්න. එහෙත් ඒ වන විටත් ලංකාව හොදින් දියුණුව පැවති බවත් කුරක්කන් හිටවා පිටි කර රොටි සාදා ආහාරයට ගන්න තරම් දියුණුව පැවති බවත් දැනගන්න. ඒ ගැන බලන්ගොඩ හල්දුම්මුල්ල ප්‍රදේශ වලින් ලැබුණු පුරා විද්‍යාත්මක සාධක වලින් ඔප්පු වී ඇත. (නි)
මම එදත් අදත් කියන්නේ මේ යුද්දේ අපි ඉවර කලේ බාගෙට. සන්නද්ධ අංශය ගැන සැලකිලිමත් උනා වගේම එම සන්නද්ධ අංශයේ මතය වපුරපු උන් වෙනුවෙන් කඹුරපු මේ දේසපාලන අංශයත් ඒ එක්කම නිහඩ කලානම් අද මේ රටේ දෙමල සිංහල ඔක්කොටම මේ විෂ බීජ නැතුව සැනසිල්ලේ ඉන්න තිබුනා.. ඒ දවස් වල ඕන තරම් බිල් තිබුන එකේ කාගේ හරි බිලකට ඔය අයියලා ටික කඩල දැම්ම නම් වැඩේ ඉවරයි. අදටත් ඉතින් ඕනෑම නම් බැරිකමකුත් නැහැ.(නදී)
රට දෙකඩ කරන්න උත්සාහ ගන්නෙත් නැහැ. ඒකීය රටක් ලෙස මේ රට පිළිගන්නවා කියලා දිවුරුම් දෙන්න ඕනෑ නේද? ඉතින් ඔය මන්ත්‍රීවරු එම දිවුරුම කරලා නැද්ද? එහෙම කරලා නැත්නම් මේ ගොල්ලන් නීත්‍යානුකුල මන්ත්‍රීලා කියලා පිළිගන්න බැහැනේ. (නි)
සෙනරත්, මගේ අදහසයි යාපනේ ඉඩම් අතරයි සම්බන්ධය මොකක්ද? අපේ රටේ ඉතිහාසය ගැන කියවෙන ප්‍රධානම ග්‍රන්ථය වන මහාවංශයේ මහානාම හාමුදුරුවෝ ලියලා තියෙන්නේ.දන්නෙ නැත්තම් පාසල් ශිෂ්‍යයෙක්ගෙන් අහලා දැන ගන්න (නි)
ඕනේ තැනක දිවුරපුදෙන්...මේ මෝඩ මිනිස්සු දන්නේ නැතුව ඇති දිවුරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බව.(දිල්)
ගජමන්ගේ අදහසත් හරි, එක නීතියක් තිබිය උතුය, මෙම අවස්ථාවලට ජාතික කොඩිය එසවීම සහ ජාතික ගීය කීමද අනිවාර්ය විය උතුම්ය,(දිල්)
දැන් කොටි හෙවනැලි එක්ක නැටුවට වැඩක් නැහැ කියලා මේ ගොන් රැළට තේරෙන්නේ නැහැ.(නදී)
ඇත්තෙන්ම ලාර ටිකක් හරි , සුද්දෝ ගෙනත් දාපු දෙමල අය නිසා තමයි සිංහල සමාජය තුල දෙමල යනු පහත් මිනිස් කණ්ඩායමක් කියා සිතුවිල්ලක් හට ගත්තේ , නමුත් ඔය උතුරේ දෙමල ජනයා යනු අතීතයේ සිටම උගත් කමින් , මාන්නයෙන් පිරිණු දෙමල ජන කොටසකි ( දකුණු ඉන්දියානු දෙමල අයට වඩා) . හැමෝම දන්නා විදියට මේ යුද්දෙට පෙර අප රටේ අධයාපනය අතින් උසස් තැනක සිටියේ ඒ මිනිස්සු , ඒකත් මේ රටේ යුද්දයක් ඇති කරන්න එක ජාතිවාදී කණ්ඩායමකට හේතුවක්ව තිබුනා.(නදී)
ඔය කව්රුත් හිතෙන හිතෙන තැන්වලට ගිහින් දිවුරුම් දෙන්නේ?.. ජනාධිපති ඇතුළු රණවිරුවන්ට පින්සිද්ධ වෙන්න මිසක් දෙමල මිනිස්සුන්ගේ හපන්කමට නෙවේ, ඕන දිහාවක ගිහින් දිව්රගන්න යතුර දුන්නනේ. මොනවා කරත් ජනාධිපති නොසැලෙන බලකනුවක්...,(නදී)
සිරිදාස තමන්ගේ ඉතිහාසය ගැන නොදැනුවත් කම නිසා ජාති ද්‍රෝහියෙක් වෙන්න එපා. මිලියන 18 ඉන්න සිංහල ජාතියට රටක් තියෙනවා. මිලියන 55කට වැඩි දෙමළ ජාතියට රටක් නැහැ. මොන රටෙත් ඔවුන් ජීවත් වෙන්නේ තවත් ජාතියකට යටත්වයි. ඔයාලවගේ සිංහලයෝ ඉන්න නිසා මේ රටේ කොටසක් දෙමළ රටක් කරගන්නයි ඔවුන් උත්සහ කරන්නේ.......! (ස)
අපේ රටට දෙවියන්ගේම පිහිටයි (නි)
සිරිදාස, එළාර (මේ දෙන්නම සිංහල උනත්, නොවුනත්) දෙමල මිනිස්සු මේ රටේ ඉන්නේ දුටු ගැමුණු කලේ ඉඳල කියන එක වැරදි මතයක්. දුටු ගැමුණු කාලෙටත් කලින් සොලීන් මේ රට ආක්‍රමණය කළා. අපේ රජවරුන්ගේ මනුස්සකම නිසා ආක්‍රමණිකයින් සමූල ඝාතනය කාලෙ නැ. මේ දෙමල ජාතිකයින් සිංහල ජාතියට මහත් විනාසයක් කරපු කාලිංග මාඝ ගෙන් පැවතෙන අය කිහිප දෙනෙනෙක් ඇති. ඒ අයට තමිල්නාඩුවෙන් ලන්දේසි පාලන කාලේදී සංක්‍රමණය වුන බොහෝ දෙනෙක් එකතු වෙලා තියෙනවා.කොහොම උනත් මේ දෙමල ජාතිකයින් ආක්‍රමණිකයෝ. ඔවුන් කොයිතරම් අදත් ජාතිවාදීද කියල ඔප්පුවෙනවා ඔවුන්ගේ පක්ෂයේ නමවත් සිංහල භාෂාවෙන් නම් කරලා නැති එකෙන්. ඔයාල වගේ සිංහලයෝ ඉන්නකන් අපේ රටේ සිංහලයා පිට දේශක්කරයින්ට යටත් වෙලා ඉන්න වෙනවා. ලංකාවට එදා ඉඳල තිබුන ලොකුම ප්‍රශ්නය අපේ සිංහලයන්ගේම ද්‍රෝහී කමයි. ඔයාල ඔච්චර දෙමල ජාතිවාදීන්ට උදව් කරනවා නම් යාපනයෙන් පර්චස් 20 ගන්නකො පුලුවන්නම්............!!!!(දිල්)
තවමත් කොටි සෙවනැලි එහා මෙහා යනවා වගේ පෙන්නේ .ප්‍රභාකරන් ඉන්න කාලේ දිවිරුම් දෙන්න ගියා නම් ආපසු එන එක බොරු.මොකද ඒ කාලේ ඒ පැත්තේ ගිය අය කව්රුත් ආපසු ආවේ නැහැ . (දිල්)
හැම එකාම සෙල්ලමි දාන්නෙ සිංහල බංඩලාගේ අප්පුහාමිගේ බිසෝගෙ නිර්භිත කොල්ලො ජිවිත පරිත්‍යාගයේන් දිනූ රටෙ බව මතක තියා ගනිල්ලා(දිල්)
ලාරා දන්නාදේට ප්‍රතිචාර දමන්න, නොදන්නා දේ කියන්න එපා. සිරිමාවෝ මැතිනිය ඉන්දියාව සමඟ ගිවිසුම් ඇතිකර ගත්ත වසරකට 5000 ක් දෙමළ ජනතාව ඉන්දියාවට පිටුවහල් කරන්න. 1977 දී ජ ර වතු කරේ දෙමල ජනතාවට පොරොන්දු උන චෙල්වනගම් සිරිමාවෝ ගිවිසුම අහෝසි කර වසරකට 5000 ට පුරවැසිබාවය දෙන බවට තොන්ඩමන් සමඟ ගිවිසුම් ඇති කරගෙන එය ක්‍රියාත්මක කලා. (ස)
අනවශ්‍ය දේට වැඩි වටිනාකමක් දෙන්නම හොඳ නෑ. කොටිය මැරුණු තැන මොවුන්ට ලොකු උනාට අපිට ඒක සටන් බිමේ තව තැනක් විතරයි. (ස)
මේ ඔක්කොම අපේම මෝඩකම්. යුද්දෙ දිනපු ගමන් පලාත් සභා අහෝසි කරන්න බැරිවුනා. මොන දේශප්‍රේමි කතා කිව්වත්, දැන් වැඩක් නැහැ.(නදී)
වෙල්ලමුල්ලිවෛක්කාල් හරහා යන්නට හදන ගමන එයින්ම නවතින බව සමහරු නොදන්නවා විය හැක. (නි)
ඒ අයට මොනවා හිතිලාද ඒ ගමන? (නි)
සිරිදාස, චින්තක ලියා ඇති දෙය නිවැරදි නොවේද? තවද යාපනයේ ඉඩම් මිල දී ගැනීම සිංහල අයට තහනම් බව ඔබ දන්නවද? (නදී)
මේ අයටත් ගෙවන්නේ අපේ බදු නය මුදල්ද?(නදී)
මංගල කිව්වා වගේ ලංකාව වැනි පුංචි රටකට පළාත් සබා ඕනෑම නැහැ .නිකම් බොරු වියදම් පමණි ,(නදී)
කැලේ මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැතිලු..... (නි)
අවශ්‍ය තැනක ඔහේ දිවුරා ගත්තදෙන්. ගමන යන්න වෙන්නේ ජනාධිපතිතුමා සමගනේ. (නි)
එදා සුද්දාගේ කාලේ මට නැවත මතක් වුණා (නි)
ලාරා කෑගල්ල , පොඩ්ඩක් ඔලුව අතගාලා බලන්න අං එනවද කියල ?(නදී)
ඔය මතු වෙන්නේ ටික ටික පුල්ලි (නදී)
මේවට ඉඩ දෙන්නේ ඇයි? (නදී)
අපේ රටේම අය තමයි ඉස්සර කාලේ ජාතිය පාවලා දුන්නේ (නි)
බන්දුල පෙරේරා මහ්තයට මමත් එකගයි.(නදී)