IMG-LOGO

2025 ජුනි මස 19 වන බ්‍රහස්පතින්දා


සාධාරණ ඡන්දයකට ප්‍රතිඥා

බස්නාහිර හා දකුණ පළාත් සභා ඡන්ද ගැන දේශපාලන  පක්‍ෂවල නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේදි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා අද සන්ධ්‍යාවේ සාකච්ඡාවක් පැවැත්විණ.

පොලිස්පති එන්.කේ. ඉලංකකෝන් මහතා ජ්‍යෙෂ්ඨ පොලිස්  නිලධරයෝ ”පැෆරල් ආයතනය ඇතුළු මැතිවරණ නිරීක්‍ෂණ නියෝජිතයෝද මෙම අවස්ථාවට එක්වූහ.
සාධාරණ හා ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය සියළු පහසුකම් සලසන බව කී කොමසාරිස්  දේශපාලන පක්‍ෂවලින්ද  ඉල්ලා ඇත්තේ නීති කඩ නොකරන ලෙස  තම පක්‍ෂ අපේක්‍ෂකයින් ඇතුළු සාමාජිකයින්ට දැනුම් දෙන ලෙසයි. මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ඇතුළු විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ රැසක නියෝජිතයෝ සහභාගී වූහ.

 



අදහස් (0)

සාධාරණ ඡන්දයකට ප්‍රතිඥා

හේමන්ත Friday, 14 February 2014 07:50 AM

සාධාරණ ඡන්දයකට මැතිවරණ කොමසාරිස්තුමා සියලු පහසුකම් සලසන බව කියා ඇතත් සහභාගී වූ අනෙකුත් පක්ෂ එවැන්නකට ප්‍රතිඥා දුන්නු බවක් පෙනෙන්නේ නැහැ.(නදී)

:       0       0

සත්‍යා Friday, 14 February 2014 08:32 AM

සාධාරණ හා ස්වාධීන මැතිවරණයක් පවත් වන්නේ නැහැයි කියපු මැතිවරණ කොමස්සාරිස් වරුත් මීට කලින් ඔය තනතුර දරුවාද? ප්‍රතිඥා හා යතාර්ථය අතර වෙනසක් තියෙන බව ජනතාව වටහා ගන්න කම් මෙවැනි ප්‍රකාශ මේ අයගෙන් දිගටම අහන්න ලැබේවි. (දී)

:       0       0

රංගන විරාජ් Friday, 14 February 2014 09:22 AM

හීනයක්ද මේ (දිල්)

:       0       0

සත්‍යයා Saturday, 15 February 2014 05:36 AM

තුවාන් ඔබ හරි. ප්‍රතිඥා දෙන්න ඕනේ එක යතාර්ථයක් කරගන්න බවට ඇති අධිෂ්ටානයකුත් සමගයි. ප්‍රායෝගිකව අද පාසැල් යන දරුවෙකු පවා දන්නා දෙයක් තමයි ප්‍රතිඥා යනු අවස්ථාවාදීන්ගේ වංචනික මනසේ කලට හා තැනට ඔබින ලෙස පහළවන උපක්‍රමික සිතුවිල්ලක් කියලා. අවර දිහින් අහසට නැගී හිරු පෙර දිගින් බැස යන මොහොතක මේ "ප්‍රතිඥා" යතාර්ථයක් වනු ඇත. (නදී)

:       0       0

අජිත් අත්තනායක Friday, 14 February 2014 10:58 AM

ඕක ඉතින් අද විතරක් කියන කතාවක් නොවෙයිනේ. කරුමේ කියන්නේ කිව්වට එහෙම නොවෙන එකනේ.(දිල්)

:       0       0

ගුණවර්ධන Friday, 14 February 2014 11:37 AM

සාදාරණ වෙන්නේ කොහොමද ? රජයේ සේවකයෝනේ ඡන්ද ගනින්නේ . ඡන්ද රාජකාරි කරන්නෙත් ඒගොල්ල නේ .(දිල්)

:       0       0

ගුණේ Friday, 14 February 2014 12:07 PM

ඔය දීපු උපදෙස් පිළිපැදල ඒ විදියටම කරයි. ඡන්දය ඉල්ලන්නේ උගත් බුද්ධිමත් රටට ආදරය කරන පිරිසක් නම්. (දිල්)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Friday, 14 February 2014 01:16 PM

ලංකාවේ 1977න් පසුව රටේ අවංක දේශපාලනය හා සාදාරණ මැතිවරණ කියන දේ දවසින් දවස ක්‍රම ක්‍රමයෙන් නැති වෙලා. නීති කොපමන තිබුනත් පොරොන්දු කොපමණ දුන්නත් අද රටේ පවතින්නේ ඡන්දයක් නොවේ මනාප මංකොල්ලයක් පමණි. (නදී)

:       0       0

සුනෙත් Thursday, 13 February 2014 10:47 PM

සාධාරණ මැතිවරණයක් තියන්නේ කොහෙද දැන්මම මරා ගන්නවා (දී)

:       0       0

කුමාර Thursday, 13 February 2014 10:57 PM

මං හිතන්නේ මේක තමයි මේ වසරේ හොඳම විහිළුව (දී)

:       0       0

තුවාන් Friday, 14 February 2014 07:51 PM

ප්‍රතිඥා සහ යතාර්ථය යන වචන වල වෙනසක් තියෙන බව ඉස්කෝලේ යන කෙනෙකු ඉගෙනගන්නවා. නමුත් ප්‍රතිඥා යථාර්ථයට පත් වන බව ප්‍රායෝගිකව අපි සමාජයෙන් ඉගෙන ගන්නවා. ඒකයි මිනිස්සු පොරොන්දු හෙවත් ප්‍රතිඥා දෙන්නේ. එහෙත් මැතිවරණයකට පෙර ප්‍රතිඥා දෙන මිනිස්සු ඒක අත්තක් බවට පත් කරවන්නේ සීමිත පිරිසකට පමණයි. (නදී)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Friday, 14 February 2014 08:34 PM

ප්‍රතිඥා නම් දෙන්ඩ බැරියෑ කටත්. ඒත් ඒවා ක්‍රියාත්මක කිරිමටනේ බැරි ඔය කාටත්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1804 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 579 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 671 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site