ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණය සාධාරණ, සාමකාමි, ප‍්‍රජාතන්ත‍්‍රවාදිව පවත්වන මෙන් ශ්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදි සමාජවාදි ජන රජයේ මැතිවරණ කොමසාරිස්ට දන්වමින් ප‍්‍රංශයේ ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුව සංවිධානයේ ප‍්‍රධානත්වයෙන් පැරිස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය ඉදිරිපිට 2014 දෙසැම්බර් 23 වැනි අගහරුවාදා සවස තුනට සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වීය.
සංවිධානයේ ක‍්‍රියාකාරීන්වූ අජන්ත කල්දේරා, පුෂ්පසිරි ද අල්විස්, ඩේමියන් පීරිස්, රෙක්ස් හෙට්ටිආරච්චි, මාධ්‍යවේදි සුනිල් ගාමිණි, නිහාල් මැනික්බෝව, සම්පත් වර්ණකුලසූරිය යන මහත්වරු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අමතන සංදේශය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපතිනියට බාර දුන්හ. තානාපති කාර්යාලය අවට දැඩි පොලිස් ආරක්ෂාවද යොදා තිබිණි.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය සංවිධානය කළ ඔබට සහ මෙයට සහභාගි වූ සියලු දෙනාට. ලංකාදීප පුවත් පතටද විදසේයේ වසන ලංකිකයකු වශයෙන් මගේ හෘදයන්ගම ස්තුතිය.(අ)
ප්රංශයේ ජිවත් වන ශ්‍රී ලංකික සිංහ පැටවූ ටික එකතුවෙලා මෛත්‍රීපාල පාලනයක් සඳහා කරන මේ ව්‍යායාමය අති සාර්ථක වෙවා ! (අ)
කොන්දක් තියන නිර්භිත සිංහලයෝ ටිකක් යුරෝපා රටවලින් පැරිසියේ ඉන්නවා දකින්න ලැබීම හරි සතුටක්. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සාධාරණ මැතිවරණයක් ඉල්ලන ඔබලා අපේ ජාතිකවිරයෝ.ජයවේවා !!! (අ)
අය්යෝ මට සහභාගි වෙන්න බැරිවුණා මෙන්න අපේ වීරයෝ ජය වේවා මගේ උත්තමාචාරය මේ වීරයන්ට (අ)
මම දෙන්නේ මහින්දට (නදී)
සාධාරණ ඡන්දයක් ඉල්ලා පැරීසියේ උද්ඝෝෂණ කරන සිංහ පැටැවූනේ, යුරෝපයේ සිංහ පැටැවූ සහ ලෝකයේ ජිවත්වන සිංහ පැටැවූ නිදිද ? අවදිවනු, අවදිවනු එඩිතර සිංහ පැටැවූනේ ! (නදී)
දැන් ලංකාවේ පවතින භීෂනයත් එක්ක, වෙඩි තියනවා, ගිනිතියනවා, අතුරුදහන් කරනවා, බියගන්වනවා, තර්ජන කරනවා, තව දේවලුත් කරනවා, කියන්න කණගාටුයි. ස්වදීන මැතිවරණ නිලදාරීන් රාජකාරිවල යෙදෙනකොට දේශපාලන මැරයන් අත්තඩංගුවට ගන්නවා. බුදු අම්මේ මේකට සමාන කරන්න රටක් ලෝකේ කොහෙද තියෙන්නේ ? ඔව් ඒ තමයි ශ්‍රී ලංකාව. මේ වගේ දරුනු මැතිවරණයකට නොබියව මුහුණ දුන් පැරිසියේ සිංහ පැටැවූනේ ඔබලා දෙශයේ වීරයෝ ! ඉහත ඡයාරූපවල පෙනී සිටින ඒ උදවියගේ නම් රන් අකුරෙන් සිංහල ඉතිහාස පොතේ ලියවෙනු නොඅනුමාරයි. ජයවේවා, ජයවේවා, ජයවේවා ! (නදී)
පැරිස් වල ජිවත්වන උද්ඝෝෂණයට පැමිණි විරයනි, ජයවේවා ! (නදී)
පරාක්‍රමට ෆේස් බුක් එක් හරහාම පිළිතුරක් ලිව්වා.පස්සේ ඒක මා විසින්ම ඉවත්කර ගත්තා.මොකද ඒක එතරම් ඇගට ගුණ නැත. (නි)
පැරිස් වල උද්ඝෝෂණයට පැමිණි වීරයිනි, ජයවේවා !!! (නි)
ඇයි මේ දඟලන්නේ. මේ කිසිම කෙනෙක් ලංකාවට ආදරය ඇති අය නොවෙයි. (නි)
ලංකාවේ අපිට මහින්ද රජෙක් (නි)
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් උද්ඝෝෂණයට සහභාගි වූ සැමට හා දුරකථනයෙන් පැමිණීමට නොහැකි බව සඳහන්කළ අයටත් හා නන් අයුරෙන් සහයදුන් සැමටත්, ඉදිරියේදී අප සමඟ කටයුතු කිරීමට සුදානම් යැයි පැවසූ සැමටත්, උද්ඝෝෂණයට සහභාගි වූ සැමටත් මගේ හද බැඳී තුති පුදමි! චිරං ජයතු!!! (නි)
ඒ දවස් වල සමහරුන්ට විරුද්ධව එන්තරවාසි යවපු අය දැන් ලැජ්ජා නැතුව කතා කරනවා (නි)
ප්‍රජාතන්ත්‍රවාදය එපා කියලා කෑගහන සිල්වලා එක්ක ඉන්න උදවිය පැරිසියේත් ඉන්නවා කියලා දැනගත්තේ මේ උද්ඝෝෂණයෙන් පස්සේ. (නි)
ලංකාව කිසිසේත්ම ප්‍රංශයට සමකළ නොහැක. ලංකාව යනු ඈත අතීතයේ යටත් විජිතයක්. ඒ වගේම ලංකාවේ රටවැසියාට නැතිවූ නිදහස අද වනතුරුත් ලැබී තිබේද? ඒ වාගේම වර්ෂ 30 ත්‍රස්තවාදී අරගලයක් තිබුන රටක ත්‍රස්තවාදය සහමුලින්ම විනාශ කිරීමට මූලිකත්වය දුන්නෙ වත්මන් ජනාධිපතිතුමා බව අමතක නොකරනු! (නි)
මේ උද්ඝෝෂණ මර්දනය කරන්න ප්‍රංශ මැරයෝ දුරකථන වලින් තර්ජනය කරලා තියනවා කියලත් අපිට ආරංචියි (නි)
ඉඳලා විතරක් මදි, ගිහිල්ලා ඡන්දත් දෙන්න. (නි)
පැරිසියේ වීරයන්ට ජයවේවා!!! (නි)
උද්ඝෝෂණයට සහභාගී වූ සිංහ පැටවූ ජාතික වීරයෝ, සිංහල ඉතිහාස පොතේ ඔබලාගේ නම් රන් අකුරෙන් ලියවෙයි !!! (නි)
දුටුගැමුණු පරපුරේන් පැවතෙන වීර පුතුන් අද පැරිසිය දෙවනත් කරනවා. මෙන්න අපේ වීරයෝ. ජයවේවා !!! (නි)
අපේ අරමුණ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් ඡන්දයක්.කවදාවත් රට ජාතිය ආගම ජනාධිපතිතුමා පාවාදෙයි කියා නම් නොසිතන්න. (නි)
අපේ පඬි බන්දුල කියයි දැන් සෙනඟ නැහැ කියලා.මම එතුමාට කියන්න කැමතියි පැරිසියේ සිටින ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ශ්‍රී ලාංකිකයන් ගත්තහම මේ ප්‍රමාණය ඉතා විශාලයි කියලා. (නි)
සමාවෙන්න මට, නොකියා බැහැ. මේ ඔක්කොම ගැන අපි දන්නවා. අපිත් ඉන්නේ යුරෝපයේ තමා. අද බොරුවට වීරයෝ වෙන්න එනවා. ලැජ්ජයි (නි)
ජර්මනියේ අපෙනුත් උණුසුම් සුභ පැතුම්! අපත් ඔබ සමඟ එකඟ වෙනවා. දැනට ලංකාවේ අසාධාරණ වැඩ ගොඩක් වෙනවා. මෛත්‍රී අනිවාර්යයෙන්ම දිනවන්න ඕනෑ. ඔබට ජය! (නි)
මම පෞද්ගලිකව දන්නවා මේ බහුතරය ගැන (නි)
කොටියාට උඩ ගෙඩි දීමකි. (නදී)
මුල අමතක කර ඇත (නදී)
පවතින ධනපති ආණ්ඩුව පෙරලා උග්‍ර ධනපති ආණ්ඩුවක් බිහිකිරීමේ ප්‍රථිපලය කුමක්ද? ජේ.වී.පී සහෝදරයොත් සිටීම කණගාටුවකි. (නදී)
ස්වාධීනව රාජකාරී කිරීමට බැඳී සිටින කොමසාරිස්වරයෙකුට පිටරට සිට බලපෑම් කිරීම කාලය කාදමන නිෂ්ඵල ක්‍රියාවකි. (නි)
මෙහි ඇති වීඩියෝවට මම ඉතා හොඳින් සවන් දුනිමි.කණගාටුයි,ඒ කිසිවකු අතින් නියම හරවත් දේශපාලනික අදහසක් ගම්‍යවන බවක් මට නොහැඟුනි. මෙහි ඇති මැතිවරණ ප්‍රචාරණ ක්‍රමය සහ අපේ රටේ ක්‍රමය හාත්පසින්ම වෙනස්ය.ඒවාද වෙනස්කළ හැකිනම් එය ඉතාම හොඳයි. දියුණු ප්‍රංශයේ විරැකියාව ලක්ෂ 30 ඉක්මවා ඇති බවද සඳහන් කරමි. විශාල කුලියක් ගෙවා පුංචි කාමරවල අප බොහෝ දෙනා මෙහි සිටිමු. (නි)
1988/89 කාලසීමා ගැන එයාලා දන්නේ නැතුව ඇති සමහරවිට (නි)
ලෝකේ හිනස්සන බොරු වැඩ. පුලුවන්නම් අර ඔහේ ඉන්න කොටින්ගේ වැඩ නවත්වන්නකෝ. එතකොට අපි නියම වීරයෝ කියන්නම්. (ර)
හෙට්ටිආරච්චි, අපිට ඔය තැටිය අහලම දැන් ඇතිවෙලා තියෙන්නේ. වෙන තැටියක් එහෙම නැද්ද ඔහේ ලගයි,බන්දුල ලගයි අපිට අහන්න ? (නදී)
අල්විස්/බන්දුල යුරෝපයට පනියි ! (නදී)
සිල්වා, කොටියා සිටිනා තැන නොදැන බයිලා කියයි.(හේ)
"ධනපති ආණ්ඩුවක් පෙරලා උග්‍ර ධනපති ආණ්ඩුවක් බිහිකිරීමේ ප්‍රතිපලය කුමක්ද ? (හේ)
සිල්වා / බන්දුල, ඊයේ ලංකාවේ ඉදන් අදහස් පල කළා.අද පැරිස් ඉදන්. රහත් වෙනවද මන්දා ?(හේ)
මාගලි ඔයා කියනකම් තමයි අපි මේ හිටියේ.(හේ)
සිල්වා මේ, විකාර නම් දොඩවන්න එපා.(හේ)
වැඩක් නෑ ඔහෝ ඉදලා කෑ ගැහුවට.(හේ)
බොහෝ දෙනෙක් ජ වී පෙ සහෝදරයන්ට පුදුම බයක් තියෙන්නේ. එකනේ ජ වී පෙ එනවා කිව්වොත් රුපවාහිනි සජීවී විවාදත් වර්ජනය කරන තැනට පත්වෙලා තියෙන්නේ. (ර)
මම දෙන්නේ මට කැමති කෙනාට. මන් එදත් අදත් එහෙමයි. කාවවත් ප්‍රස්නයක් කරගන්න එපා. (ර)
ප්‍රන්සේ ඉදන් අපේ රටේ දේශපාලනයට බලපෑම් කරන මේ මහත්තුරු අඩුම ගානේ ඡන්දෙවත් දෙන්න ලංකාවට එනවද.? (ර)
සිල්වා, ඔබ නිත්‍යානුකුලව නම් ඉන්නේ ගෙවල් කුලියෙන් වැඩි ප්‍රමාණයක් රජයෙන් ගෙවනවානේ. ප්‍රංශයේ සමාජ සුබ සාධනය ලංකාවට සම කරන්න එපා. මේ ජනතා රැල්ලට සුබාශිංසන කරමු. (ර)
පැරිස්වල සිටින වීරයන්ට අපේ සුබ පැතුම්.(දිල්)
මේකේ කිසිම හරයක් නෑ..ලංකාවට ආදරේ අය මහින්දට ඡන්දෙ දෙන්න.මේක මේ බොරුවක්නේ (දිල්)
ඔය පිටරට ඉඳලා කෑගැහුවට ලංකාවේ ඇති බහුතරය මහින්දට තමයි. (නි)
මෙහි ඉන්නා වූ අයගෙන් කීදෙනෙක් නම් ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ඇති අයද ? (නදී)
ඔය තැටිය අහලාම දැන් අපිට එපාවෙලා තියන්නේ (නි)
මේ ශ්‍රී ලාංකිකයන්ද? (නි)
ඔය බොරු නවත්තලා ලංකාවට සල්ලි ටිකක් එවන්න (නි)
පැරිසියේ ජනතාවට ඉතාලියේ අපේ ආචාරය.! (ර)
විශාල සතුටක් හැම දෙනාගේම එකමුතුව. (ර)
කොටින්ට විරුද්ධවවත් මෙහෙම උද්ගෝෂණ පැරිස්වල තිබ්බේ නෑ (නදී)
ඉතාම හොඳයි (නි)
ඔයාල ඔහේට වෙලාම ඉන්න. බොරුවට පත්තෙරේට මුණ දාගන්න එක එක ඒවා කියවනවා. (නදී)