IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සංධාන රතිඤ්ඤයක් බසයට විසිවේ

මධ්‍යම පළාත් ඡන්ද අපේක්ෂකයක ක්‍රිෂ්ණ මූර්ති නාවලපිටිය නගරයේ ඡන්ද කටයුතුවල යෙදී සිටියදී පත්තු කළ රතිඤ්ඤා වැලක රතිඤ්ඤයක් බවසයක් ඇතුළට විසිවී එහි සිටි කාන්තාවෝ දෙදෙනෙක් බරපතල පිළිස්සුම් තුවාල ලදහ.

එක් කාන්තාවකගේ ගෙළ පිළිස්සී කං නොඇසෙන බවත්, අනිත් කාන්තාවගේ මුහුණ පිළිස්සී ඇස් නොපෙනෙන බවත් රෝහල් ආරංචි කියයි.

ඇතැම් තැන්වල එක දිගට රතිඤ්ඤා 500, 600 පත්තු කරන බවත්, මෙදින නගරයේ වාහන තදබදයක් පැවැති අවස්ථාවේ අපේක්ෂකයා පිළිගැනීමට පත්තු කළ රතිඤ්ඤා කරලක් බසයට විසිවී ඇතැයි  කියති.

 

 



අදහස් (0)

සංධාන රතිඤ්ඤයක් බසයට විසිවේ

කුමාරි Friday, 30 August 2013 01:38 AM

අපේ රටේ කොපමණ නම් මුදල් කන්දරාවක් ඡන්ද සදහා වැයකරනවද? (නි)

:       0       0

සෙන්තිල් Friday, 30 August 2013 03:07 AM

රතිඤ්ඤා පත්තුකරගෙන භයානක දකුණු ඉන්දියාවේ චිත්‍රපටි වගේ....ඒ වුනාට උඩ පැන පැන විසිල් ගහන්නෙත් ඔයගොල්ලොම තමයි (නි)

:       0       0

හෙක්ටර් Friday, 30 August 2013 04:12 AM

සම්පත්, ඔය කියපු දේ තමයි හරියටම වෙන්න ඕනෑ (නි)

:       0       0

ද සිල්වා Friday, 30 August 2013 05:43 AM

බස් එකට වෙඩි තියල නැහැනේ ? විසිකරේ රතිඥා පමණි නේ ? අර තංගල්ල පැතේ ඉස්සර බස් එකකට t56 වෙඩි තියල මිනිමරපු කෙනෙක් මොකක්ද සංගමයක සභාපතිවෙලා තිබෙනේ , සුභ අනාගතයක් කර යන ගමනේදී නොයෙකුත් විදිහේ පරිත්‍යාග කරන්න වෙනවා තමයි, ඕව ගණන් ගැන එපා , ලබන්සැරෙත් අපිටම මනාපය දෙන්න (අ)

:       0       0

සංජීව Thursday, 29 August 2013 03:11 PM

මේ අය නිසා මේ රටේ මිනිස්සු කොච්චර දුක් විදිනවද? (නි)

:       0       0

කුමාරි Thursday, 29 August 2013 03:12 PM

මෙවන් මුදල් නාස්ති කිරීම් සම්පුර්ණයෙන් නැවතිය යුතුයි. රැස්වීමක් පවත්වනවා නම් එයට යම් මුදලක් එය පවතින ගමට දීමේ වැඩපිළිවෙලක් හැදුවා නම් හරි. උදාහරණයක් නම්,එක රැස්වීමකට රු. 10000 වගේ ගානක්,එම මුදල් ගමේ පොදු දියුණුව සදහා යොදාගත යුතුයි. එහෙම වුනානම් ඔය රැස්වීමුත් අඩු වෙයි (නි)

:       0       0

වරුණ Thursday, 29 August 2013 03:14 PM

ඕප දූප කතා කර කර යන්න ඇති වටපිටාවේ වෙන දේවල් වලට අහුන්කම් නොදී (නි)

:       0       0

සම්පත් Thursday, 29 August 2013 03:20 PM

මේ වගේ අයට තවත් කතිරය ගහනවද කියලා තීරණය ගනිමු (නි)

:       0       0

පද්මේ Thursday, 29 August 2013 03:22 PM

දැන් මේ මනුස්සයින්ට වුන හානියට වගකියන්නේ කවුද ?මේ පිස්සු දේශපාලනය ජනතාව ප්‍රතික්ෂේප කල යුතුයි.බැකප් වාහන රතිඤ්ඤය හරියට දකුණු ඉන්දියානු චිත්‍රපට වගේ.... (ස)

:       0       0

අනුර Thursday, 29 August 2013 03:25 PM

මෙන්න තවත් මැතිවරණ ප්‍රතිඵලයක් (ස)

:       0       0

වරුණ Thursday, 29 August 2013 03:39 PM

ඕව ඉතින් කාට කියන්නද? අලාභය තුවාල වුන අයට තමා. (ස)

:       0       0

බණ්ඩාර Thursday, 29 August 2013 03:40 PM

වරුණ, ඔයත් ඒ දවස්වල ඡන්ද රැස්වීම් වලදී පත්තු කලා නේද මේ වගේ පුස් වෙඩි! අනුන්ට කපන වල තමන්ටම කැපෙයි! බලාගෙනයි! (ස)

:       0       0

අසාද් Friday, 30 August 2013 08:33 AM

පිස්සු බලු දේශපාලනය.(නදී)

:       0       0

අසාද් Friday, 30 August 2013 08:33 AM

පිස්සු බලු දේශපාලනය.(නදී)

:       0       0

මිනිපෙ Thursday, 29 August 2013 09:50 PM

මම නම් මගේ මුළු ජිවිත කාලයේදී එක වතාවක්වත්,ඡන්ද රැස්වීමකට ගිහිල්ල නැ.ඔය තව කෙනෙකුට සිමා රහිතව අපහාස කිරීම් අහලා මට විනෝදයක් ලබන්න තරම් මගේ මනස අඩු මට්ටමක පවතින්නේ නැත.හැබයි මම කතිරේ ගහන්න නම් යනවා.ටික කලකට පෙර,මා දුටු දෙයක් නම්,එක මිනිසෙක් එක පක්ෂයකට හිමි පාටක හිස්වැසුමක් පැළදගෙන ඡන්ද පොළ කරා ගමන්කරමින් සිටියා.හදිසියෙන්ම මා කැමති පක්ෂ නියෝජිතයාගේ කාණ්ඩයක් දිව ඇවිත් මේ හිස්වැසුම පැළද හිටි සාමකාමී මිනිසාට ගුටි බැට දීල තොප්පිය උදුරා ගත්තා.ඒ අහිංසක මිනිසා ශාර්රික වේදනාවට වඩා ලජ්ජාවකට පත් උනා.එදා මම මගේ පක්ෂෙට ඡන්දය නොදී ස්වාදීන අපේක්ෂකයාට ඡන්දෙ දුන්නා. (අ)

:       0       0

ඕලු Thursday, 29 August 2013 04:30 PM

පද්මේ හරියටම හරි. (ස)

:       0       0

චාන් Thursday, 29 August 2013 09:56 PM

මිනිස්සුනේ , මේවා නුඹලට පත්තු කරන්න දෙන අයගේ සහ අපේක්ෂකයන්ගෙ ඇඟේ ඔතා පත්තු කරන්න. (නි)

:       0       0

අරුණි Thursday, 29 August 2013 05:12 PM

බණ්ඩාර කියන එක සම්පුර්ණ ඇත්ත! (නි)

:       0       0

සනත් Friday, 30 August 2013 10:12 AM

මට මොකුත් නම් ඇහුනේ නැහැ මොකාක් හරි කියුවාද

:       0       0

ජෝයි ඩයස් Friday, 30 August 2013 12:51 AM

මොන පිලේ හිටියත් පළමුව රටේ මහජනයා ගැන සිතිය යුතුයි.අපේක්ෂකයන්ගෙන් ලාබ ප්‍රයෝජන ගන්න දේශපාලන හෙන්චයියලා සද්ද වෙඩි පත්තු කරන්න පුලුවන්. නමුත් එයාලටත් වගකීමක් තියෙනවා ...මොකද එයාලා ඡන්දෙ කරන්නේ රටේ මහජනයාට සේවයක් කිරීමේ පරම චේතනාවෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1080 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site