සියලු සුදුසුකම් සපුරා සිටින තමන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දෙමළ මාධ්‍ය ස්ථිර නිවේදකයින් හැටියට තෝරා පත් කර නොගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවිණි යැයි සඳහන් කරමින් තමන් අදාළ තනතුරට පත් කිරීමට බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා එම සංස්ථාවේ සහන නිවේදකයින් දෙදෙනකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන දෙසැම්බර් 01 වැනිදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
මෙම පෙත්සම ප‍්‍රියසාත් ඩෙප්, සිසිර ද ආබෲ සහ උපාලි අබේරත්න යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
රත්මලානේ එම්.එම්.අබ්දුල් කරීම් සහ ඒ.පී.නසාර් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ගුවන්විදුලි සංස්ථාව, එහි සභාපති නන්ද මුරුත්තෙට්ටුවේගම මහතා ඇතුළු 29 දෙනකු නම් කරනු ලැබ සිටිති.
2005 සිට පෙත්සම්කරුවන් ගුවන් විදුලි සංස්ථාවේ සහන නිවේදකයින් ලෙස බැඳුණු බවත් ඉකුත් පෙබරවාරි 19 වැනිදා දෙමළ නිවේදකයින් 6 දෙනකු සඳහා ඇබෑර්තු තිබූ හෙයින් ඊට ආදාළ සම්මුඛ පරීක්ෂණය සඳහා අයැදුම්පත් ඉදිරිපත් කර තිබියදී, සුදුසුකම් නොමැති 29 දෙනෙකු තෝරා ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව පෙත්සම්කරුවෝ කියා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදුස්සන් යටපත් කිරීම , නිසි තැන නොදීම සමාව නොදියයුතු වරදකි. (නි)
අයුක්තියට හඬ නැඟීමට මෙහෙම තමයි වෙන්න ඕනෑ. (නි)
යහපත් ප්‍රවේශයක් (නි)
මෙවන් අසාධාරණයන්ට විරුද්ධව හැම කෙනෙක්ම මෙලෙස පෙරට එනවා නම් කොච්චර හොඳද? (නි)
ඔන්න ඕක තමයි හැම තැනම සිද්ධ වෙලා තියෙන්නේ. සුදුස්සාට නියම තැන නොදීම හා නුසුදුස්සන්ව දේශපාලනමය හෝ වෙනයම් ක්‍රමයකින් ඒ ඒ තනතුරුවලට පත්කිරීම තමයි අද බොහෝ තැන්වල සිදුවෙමින් පවතින්නේ. (නි)
අර මහත්තය ඉන්න කාලෙනම් ඕක නියමෙටම දුන්නා. (ස)
සහන නිවේදකයෝ ස්ථිර කරන බවක් කොහෙවත්ම සඳහන් වන්නේ නැහැ නේද? (හේ)