සියලු සුදුසුකම් සපුරා සිටින තමන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දෙමළ මාධ්‍ය ස්ථිර නිවේදකයින් හැටියට තෝරා පත් කර නොගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවිණි යැයි සඳහන් කරමින් තමන් අදාළ තනතුරට පත් කිරීමට බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා එම සංස්ථාවේ සහන නිවේදකයින් දෙදෙනකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන දෙසැම්බර් 01 වැනිදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
මෙම පෙත්සම ප‍්‍රියසාත් ඩෙප්, සිසිර ද ආබෲ සහ උපාලි අබේරත්න යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
රත්මලානේ එම්.එම්.අබ්දුල් කරීම් සහ ඒ.පී.නසාර් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ගුවන්විදුලි සංස්ථාව, එහි සභාපති නන්ද මුරුත්තෙට්ටුවේගම මහතා ඇතුළු 29 දෙනකු නම් කරනු ලැබ සිටිති.
2005 සිට පෙත්සම්කරුවන් ගුවන් විදුලි සංස්ථාවේ සහන නිවේදකයින් ලෙස බැඳුණු බවත් ඉකුත් පෙබරවාරි 19 වැනිදා දෙමළ නිවේදකයින් 6 දෙනකු සඳහා ඇබෑර්තු තිබූ හෙයින් ඊට ආදාළ සම්මුඛ පරීක්ෂණය සඳහා අයැදුම්පත් ඉදිරිපත් කර තිබියදී, සුදුසුකම් නොමැති 29 දෙනෙකු තෝරා ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව පෙත්සම්කරුවෝ කියා සිටිති.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුදුස්සාට තැන නොදුන්නැයි ගුවන්විදුලියට නඩු
ධර්ම ජයවික්‍රම Thursday, 01 October 2015 06:38 AM
සුදුස්සන් යටපත් කිරීම , නිසි තැන නොදීම සමාව නොදියයුතු වරදකි. (නි)
ද අල්විස් Thursday, 01 October 2015 07:21 AM
අයුක්තියට හඬ නැඟීමට මෙහෙම තමයි වෙන්න ඕනෑ. (නි)
දුමින්ද Thursday, 01 October 2015 07:29 AM
යහපත් ප්‍රවේශයක් (නි)
මොහාන් Thursday, 01 October 2015 07:35 AM
මෙවන් අසාධාරණයන්ට විරුද්ධව හැම කෙනෙක්ම මෙලෙස පෙරට එනවා නම් කොච්චර හොඳද? (නි)
ඉසුරන්දි Thursday, 01 October 2015 07:35 AM
ඔන්න ඕක තමයි හැම තැනම සිද්ධ වෙලා තියෙන්නේ. සුදුස්සාට නියම තැන නොදීම හා නුසුදුස්සන්ව දේශපාලනමය හෝ වෙනයම් ක්‍රමයකින් ඒ ඒ තනතුරුවලට පත්කිරීම තමයි අද බොහෝ තැන්වල සිදුවෙමින් පවතින්නේ. (නි)
ලක්විදු Thursday, 01 October 2015 08:54 AM
අර මහත්තය ඉන්න කාලෙනම් ඕක නියමෙටම දුන්නා. (ස)
සමන්ති Thursday, 01 October 2015 03:20 PM
සහන නිවේදකයෝ ස්ථිර කරන බවක් කොහෙවත්ම සඳහන් වන්නේ නැහැ නේද? (හේ)