ජාත්‍යන්තර සුදු සැරයටි දිනය නිමිති කරගනිමින් සංවිධානය කර ඇති කොඩි අලෙවි සතියේ පළමු කොඩිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පැළඳවීම ජනාධිපති නිල නිවසේදී අද (8) පෙරවරුවේ සිදුකෙරිණි.
ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති සුගත් වසන්ත සිල්වා මහතා ජනපතිට එම කොඩිය පැළඳවීය.
සුදු සැරයටි දිනය සංකේතවත් කරමින් ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ ලේකම් නුවන් ඉන්දික මහතාට සුදු සැරයටියක් පිරිනැමීම හා එහි අරමුදල වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් ලබාදීම ද මෙහි දී ජනපති අතින් සිදුවිය.
ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ අධ්‍යාපනික හා සුබසාධන සේවාවන් සඳහා අරමුදල් සපයාගැනීම වෙනුවෙන් මෙම මස 15 වැනිදා සිට 22 වැනිදා දක්වා මෙම සතිය ක‍්‍රියාවට නැංවේ.
ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය අංශය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම කටයුත්ත සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! (නි)
මේ අබාධිත අයට අපිට වගේම ඕනෙම තැනක යන්න පුළුවන් වෙන්න ගොඩනැගිලි පාරවල් හදන්න ඕනේ.(ම)
නියම පිළිගැන්වීමක් අගනෙයි (ම)
සංවේදී මොහොතක්..(ම)