- අඹේපුස්ස බිංගෙය අසළ දී කොළඹ සිට මහනුවර සහ හැටන් දක්වා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් 77 හැවිරිදි පුද්ගලයෙක් මිය ගියේය.
- කැළණි ගඟේ අනවසරයෙන් මැණික් ගැරූ සැකකරුවන් තිදෙනෙක් කිරිඳිවැල රංවල දී අත්අඩංගුවට ගනු ලැබූහ.
- කුච්චවේලි සෙම්බුමලේ රජයේ රක්ෂිතයට ඇතුළු වී නිදන් සොයා කැණීම් කරමින් සිටි හතරදෙනකු ඇත්අඩංගුවට ගත් බව පොලීසි කියියි.
- කැකිරාවේ තොටිල්ලබද්දේ පැරණි නිවසක් කඩා ඉවත්කරමින් සිටි අයෙක් එම නිවසේ ම බිත්තියකට යටවී මියගියේය.
- පොලොන්නරුව හබරණ මාර්ගයේ ගමන්ගත් ත්‍රී රෝද රියකට අඟහරුවාදා රාත්‍රී වල් අලියකු පරහ දීමෙන් දෙදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කැර ඇත.
- ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටියේ දී රිවෝල්වරයක් සමග 36 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
- පානදුර දික්බැද්දේ දී යතුරුපැදියක් විදුලි කණුවක හැපී පසුපස ආසනයේ සිටි පුද්ගලයා මියගිය අතර යතුරුපැදි කරු තුවාල ලබා රෝහල්ගත කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd