
(යොහාන් භාසුර)
කොළඹ සිට බණ්ඩාරනායක කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත තෙල් ප්‍රවාහන කරන දුම්රිය ඉදිරියට ධාවනය කිරීමට සංඥා දී තිබියදී (බෙල් ඇන්ඩ් ලයිට්) අනාරක්‍ෂිත ලෙස ධාවනය කළ කාර් රථයක් කුඩහකපොළ උප දුම්රියේ දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයන් සිවුදෙනකු තුවාල ලබා සීදුව රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
එම අනතුර වන විට කාර් රථය තුළ පුද්ගලයන් සිව්දෙනෙක් ගමන් කර ඇති අතර එම සිව්දෙනාම තුවාල ලබා සීදූව රෝහලට ඇතුළත් කළ බවත් ඉන් එක පුද්ගලයකුගේ තත්වය බරපතල බවත් පොලිසිය සඳහන් කළේය.
මෝටර් රථයේ රියදුරු සංඥා පිළිබඳව අවධානය යොමු නොකරමින් රථය ධාවනය කිරීම නිසා මෙම අනතුර වී ඇතැයි මූලික පරීක්‍ෂණවලින් අනාවරණය වූ බව ද පොලිසිය වැඩි දුරටත් කීය.
තෙල් ප්‍රවාහන දුම්රිය කටුනායක බලා ධාවනය කළ බවත් අනතුර හේතුවෙන් පුත්තලම් මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතු වූ බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd