සීදුව කලපුව අසලදී පැහැරගත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ගමන් කළ පෞද්ගලික යතුරු පැදි දෙක මිනුවන්ගොඩදී සොයාගත් බව පොලිසිය කියයි.
සැකකටයුතු කාරයක් පිරික්සීම සඳහා ගිය පොලිස් කණ්ඩායමට තර්ජනය කර යතුරුපැදි දෙකෙන් පළා ගිය බව කියන දෙදෙනා අත් අඩංගුවට ගෙන නැත.
මෙම වාහනය දෙසට පොලිස් නිලධාරීන් පස් දෙනකු ළඟා වෙද්දී වාහනයේ සිටි දෙදෙනකු බිමට පැන කලපුව දෙසට දිවූ බව පොලිසිය කියයි.
පසුව පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඔවුන් පසුපස හඹා ගිය බවත් එම අවස්ථාවේ රියේ සිටි තිදෙනෙකු පොලිසියේ ඉතිරි වු දෙදෙනා කොටුකරගෙන ඩිකියෙන් ගිනි අවි දෙකක් එළියට ගෙන ඇතැයිද පසුව පොලිස් නිලධාරීන් උපක්‍රමිකව පසු බැස ඉන් අයකු සැකපිට අත් අඩංගුවට ගෙන ඇත.
පැන ගිය පුද්ගලයින් සෙවීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ වෙන්නේ (නදී)
පොලිසිය නිරයුදවද හිටියේ -පුදුම රාජකාරියක් (නදී)
බොලිවුඩ් ෆිල්ම් එකක ඇබිත්තක් ...?රගපාල අපේ පොලිසිය ...? (බ)